+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

දෙවියන්වහන්සේ යාච්ඤාවලට පිළිතුරු දෙනසේක - යෝෂා මනූ
November 14, 2021 Sunday Sermon Notes

 

1 සාමුවෙල් 2:1-2

1 හන්නා යාච්ඤාකරමින් කියන්නී-මාගේ සිත ස්වාමීන්වහන්සේ කෙරෙහි ප්‍රීතිමත් වේ, මාගේ අඟ ස්වාමීන්වහන්සේ කෙරෙහි උසස්වී තිබේ. මාගේ මුඛය මාගේ සතුරන්ට විරුද්ධව ඇරී තිබේ;  මක්නිසාද මම ඔබගේ ගැළවීම ගැන ප්‍රීතිවෙමි.

2 ස්වාමීන්වහන්සේ මෙන් ශුද්ධවූ එකද කෙනෙක් නැත; මක්නිසාද ඔබ ඇර වෙන දෙවිකෙනෙක් නැත.  අපේ දෙවියන්වහන්සේට සමානවූ පර්වතයක් නැත.

3 ඔපමණ උඩඟු තවත් කථා නොකරල්ලා; අහංකාරය නුඹලාගේ මුඛවලින් නොනික්මේවා. මක්නිසාද ස්වාමීන්වහන්සේ සියල්ල දන්න දෙවිකෙනෙක්ය, උන්වහන්සේ ක‍්‍රියාවල් කිරා බලනසේක.
4 බලවන්තයන්ගේ දුනු බිඳී තිබේ, පැකුලූණු අයද බලය නමැති ඉඟපටිය බැඳගන සිටිති.

1 සාමුවෙල් 2:5-6

5 තෘප්තිමත්ව සිටියෝ ආහාර ලබන පිණිස කුලීවැඩ කරති. බඩගිනිව සිටි අය එයින් මිදුණෝය. එසේය, වඳ ස්ත්‍රී සත්දෙනෙකු බිහිකළාය:  බොහෝ දරුවන් ඇත්තී පිරිහෙන්නීය.

6 ස්වාමීන්වහන්සේ නසනසේක, ජීවත්කරනසේක. මිනීවළට පමුණුවනසේක, එයින් නැගුටුවනසේක.

ගලාති 5:22-23
22 නුමුත් ගියවූ සේවකයෝ හිරගෙයි ඔවුන් නොදැක ආපසු ඇවිත්:

23 හිරගේ ඉතා ප‍්‍රවේසමෙන් වසා තිබුණු බවත් රැුකවලූත් දොරකඩ ඉදිරියෙහි සිටි බවත් දුටිමුව. නුමුත් ෙදාර ඇරිය කල ඇතුළෙහි කිසි මනුෂ්‍යයෙක් සම්බ නූණේයයි දැන්නුවෝය.

ලූක් 2:25-30

25 බලව, යෙරුසලමෙහි සිමියොන් නම් මනුෂ්‍යයෙක් සිටියේය; මේ මනුෂ්‍යයා ඉශ්‍රායෙල්ගේ සැනසීම බලා සිටියාවූ ධර්මිෂ්ඨවූ භක්තිවන්තවූ කෙනෙක්ය. ශුද්ධාත්මයාණන්වහන්සේ ඔහු කෙරෙහිවූසේක.

26 ස්වාමීන්වහන්සේගේ ක්‍රිස්තුස්වහන්සේ දකින්ට පළමුවෙන් ඔහු මරණය නොදක්නේය කියා ශුද්ධාත්මයාණන්වහන්සේ විසින් ඔහුට එළිදරව්කර තිබුණේය.

27 ඔහු ආත්මයාණන් කරණකොටගෙන දේවමාළිගාවට ආවේය. ළදරු යේසුස්වහන්සේට ව්‍යවස්ථාවේ සිරිත ලෙස කරන පිණිස මවුපියන් විසින් උන්වහන්සේ ගෙනා විට,

28 ඔහු උන්වහන්සේ දෑතින් වඩාගෙන දෙවියන්වහන්සේට ප්‍රශංසාකරමින් කියනුයේ:

29 ස්වාමීන්වහන්ස, දැන් ඔබගේ වචනය ලෙස ඔබගේ දාසයා සමාදානයෙන් යන්ට හරිනසේක;

30 මක්නිසාද අන්‍යජාතීන්ට එළිදරව් කිරීමට ආලෝකයක්ද ඔබගේ ඉශ්‍රායෙල් සෙනඟගේ තේජසදවූ සියලු මනුෂ්‍යයන් ඉදිරියෙහි ඔබ විසින් පිළියෙළකළාවූ ගැළවීම මාගේ ඇස්වලින් දුටිමියි  කීවේය.

 


Watch the Sermon Video

Read 547 times