+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

ඇදහිල්ල සහ ඉක්මන් කීකරුකම- මනූ මැතානි
November 14, 2021 Sunday Sermon Notes

 

විනිශ්චයකාරයන්ගේ පොත 6 පරිච්ඡේදය 

මරියා යේසුස්වහන්සේ ක්‍රියා කරන තුරු ඇය  බලා සිටියායා.

යොහන් 2:5

උන්වහන්සේගේ මෑණියෝ: උන්වහන්සේ නුඹලාට කියන කොයි දෙයක් නුමුත් කරන්නැයි මෙහෙකරුවන්ට කීවාය.

කීකරුවීමේ ආශීර්වාදය විශාලය. 

එපීස 6:1-3

1 දරුවෙනි, නුඹලාගේ දෙමවුපියන්ට ස්වාමීන්වහන්සේ තුළ කීකරුවෙන්න. මක්නිසාද එසේ කරන්ට යුතුය.

2 නුඹට වැඩසිද්ධවන පිණිසද නුඹ පොළොවෙහි බොහෝ කල් ජීවත්වන පිණිසද,

3 නුඹේ පියාටත් මවුටත් ගෞරවකරන්න. එය පොරොන්දුවක් ඇති පළමුවෙනි ආඥාවය. 

උත්පත්ති 22 පරිච්ඡේදය 

යාකොබ් 2:19-21

19 ඇත්තේ එකම දෙවියන්වහන්සේ බව නුඹ විශ්වාසකරන්නෙහිය; නුඹ කරන එක හොඳය. යක්ෂයොත් විශ්වාසකර වෙවුලති.

20 නුමුත්, හිස්වූ මනුෂ්‍යය, ක්‍රියා නැති ඇදහිල්ල නිෂ්ඵල බව නුඹ දැනගන්ට කැමතිද?

21 අපේ පියවූ ආබ‍්‍රහම් තමාගේ පුත‍්‍රවූ ඊසාක් පූජාසනය පිට ඔප්පුකළ විට ක‍්‍රියාවලින් ධර්මිෂ්ඨ කොට ගණන්ගනු ලැබුවා නොවේද?

හෙබ්‍රෙව් 10:35-36

35 එබැවින් මහත් විපාකයක් ඇත්තාවූ නුඹලාගේ නිසැකකම අත් නාරින්න.

36 මක්නිසාද දෙවියන්වහන්සේගේ කැමැත්ත කළ පසු පොරොන්දුව ලබන පිණිස නුඹලාට ඉවසිල්ල ඕනෑය. 

ගලාති 2:20

මම ක්‍රිස්තුස්වහන්සේ සමඟ කුරුසියෙහි ඇණගසනු ලැබ සිටිමි; එසේවී නුමුත් මම ජීවත්වෙමි; නුමුත් තවත් මා නොව ක්‍රිස්තුස්වහන්සේ මා තුළ ජීවත්වනසේක. තවද මා දැන් මාංසයෙහි ජීවත්වන ජීවිතය මට ප්‍රේමකළාවූ, මා උදෙසා තමන්ම පාවාදුන්නාවූ දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන්වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් ජීවත්වෙමි

රෝම 13:14

නුමුත් තෘෂ්ණා පූර්ණකරන පිණිස මාංසයට ඉඩනොදී, ස්වාමීවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පැළඳගන්න. 

1 කොරින්ති 15:32-34

32 මම එපීසයේදී මනුෂ්‍යාකාරයෙන් මෘගයින් සමඟ පොරබැදීම් නම්, මට ඇති ප්‍රයෝජනය කුමක්ද? මළාහු නොනැගිටිත් නම්, හෙට මැරෙන බැවින් කමු, බොමු.

33 නොරැවටෙන්න. නපුරු සමාගමෙන් හොඳ චරිත නරක්වන්නේය.

34 ධාර්මිකලෙස පිබිද, පව් නොකර සිටින්න; මක්නිසාද සමහරු දෙවියන්වහන්සේ ගැන දැනුම නැතුව සිටිති. නුඹලා ලජ්ජාවට පමුණුවන පිණිස මෙසේ කියමි. 

1 රාජාවලිය 18

ගීතාවලිය 37

ගීතාවලිය 93

1 යොහන් 4:4

යෙසායා 14:12-17

12 දීප්තිමත් පහන් තාරකාව, අලුයම් පුත්‍රය, නුඹ ස්වර්ගයෙන් වැටුණු හැටි! ජාතීන් හෙළාදැමුවාවූ නුඹ බිමට සිඳ දමනු ලැබූ හැටි!

13 නුඹ සිත තුළ සිතාගෙන: මම ස්වර්ගයට නැගී, මාගේ සිංහාසනය දෙවියන්වහන්සේගේ තාරකාවලට උඩින් තබා, උතුරේ ඉතා දුර සීමාවල තිබෙන රැස්වීමේ කන්ද පිට හිඳගන්නෙමි.

14 මම වලාකුල් මුදුන් පසුකොට ඉහළ නගින්නෙමි; මහෝත්තමයාණන්ට සමානවන්නෙමියි කීයෙහිය.

15 එහෙත් නුඹ පාතාලය නම් වළේ ගැඹුරටම බසිනවා ඇත.

16 නුඹ දකින්නෝ නුඹ දෙස ඕනෑකමින් බලමින් කල්පනාකොට: පොළොව වෙවුලවා රාජ්‍යයන් සෙලෙවුවාවූ,

17 ලෝකය කාන්තාරයක් මෙන් කළාවූ, එහි නුවරවල් නාස්තාකළාවූ, තමාගේ හිරකාරයන් ගෙදරට යන්ට නෑරියාවූ මනුෂ්‍යයා මොහුදැයි කියන්නෝය.

හෙබ්‍රෙව් 2:15

එපිස 2:6

හිතෝපදේශ 28:9

ව්‍යවස්ථාව ඇසීමෙන් තමාගේ කන් ඉවත හරවාගන්නාගේ යාච්ඤාව පවා පිළිකුලක්ය.

ගලාති 3:5

2 ලේකම් 20:20

1 රාජාවලිය 18:36-37

36 තවද සවස යාගය ඔප්පු කරන වේලාවේ එලියා අනාගතවක්තෘ තෙමේ ළංවී කථාකොට: ආබ‍්‍රහම්ගේද ඊසාක්ගේද ඉශ‍්‍රායෙල්ගේද දෙවිවූ ස්වාමීන්වහන්ස, ඔබ ඉශ‍්‍රායෙල්හි දෙවියන්වහන්සේ බවද මා ඔබගේ සේවකයා බවද මා මේ දේ කළේ ඔබගේ වචනය ලෙස බවද අද දැනගන්ට ලැබේවා.

37 ස්වාමීන්වහන්ස, මට උත්තර දුනමැනව, ස්වාමිවූ ඔබ දෙවියන්වහන්සේ බවත් මේ සෙනඟගේ සිත් නැවත හරවාගත්තේ ඔබම බවත් මොවුන් දැනගන්නා පිණිස මට උත්තර දුනමැනවයි කීවේය. 

2 රාජාවලිය 6:12-16 

12 ඔහුගේ සේවකයන්ගෙන් එක්කෙනෙක්: මාගේ ස්වාමිවූ රජ්ජුරුවනි, එසේ නොවේ. ඔබගේ යහන් ගබඩාවේදී ඔබ කියන වචන ඉශ්‍රායෙල්හි අනාගතවක්තෘවූ එලිෂා, ඉශ්‍රායෙල් රජුට දන්වන්නේයයි කීවේය.

එවිට ඔහු: මා විසින් ඔහුට් හමුදාවක් අශ්වයන් හා රථ ඇතුව නුවර වටේට සිටිනවා දුටුවේය.

එවිට ඔහු: අහෝ ස්වාමිනි, අපි මක්කරමුදැයි ඔහුට කීය. ඔහුද: භයනොවන්න. මක්නිසාද ඔවුන් සමඟ සිටින්නන්ට වඩා අප සමඟ සිටින්නෝ බොහෝයයි කීවේය.

හෙබ්‍රෙව් 12:22-23

22 නුමුත් නුඹලා ළඟාවී සිටින්නේ සියොන් කන්දටත්, ජීවමාන දෙවියන්වහන්සේජ්ගේ නුවරවූ ස්වර්ගීය යෙරුසලමටත්, ගණන් නැති දේවදූත සේනා වෙතටත්, 

23 ස්වර්ගයෙහි නාම ලියා තිබෙන කුලුඳුලන්ගේ මහ රැස්වීමට හා සභාවටත්, සියල්ලන්ගේ විනිශ්චයකාරවූ දෙවියන්වහන්සේද සම්පූර්ණකරනලද ධර්මිෂ්ඨයන්ගේ ආත්මද,

 


Watch the Sermon Video

Read 537 times