+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

දේව හඬ අසන්නට ඔබ සූදානම්ව සිටින්න - යෝෂා මනූ
November 21, 2021 Sunday Sermon Notes

 

අපි යන එන මාවත් අපව ආරක්ෂා කරන්නේ ස්වාමීන්වහන්සේමයි.

ගීතාවලිය 127:2

ස්වාමීන්වහන්සේමයි අපව නිතරම ආරක්ෂා කරන්නේ.

ගීතාවලිය 121:1-2

1 කඳු දෙසට මාගේ ඇස් ඔසවන්නෙමි. මට උපකාර පැමිණෙන්නේ කොතැනින්ද?

2 මට උපකාර පැමිණෙන්නේ අහස පොළොව මැවූ ස්වාමීන්ගෙන්මය.

අහස පොළොව මැවූ ස්වාමීන්වහන්සේම අපට උපකාර කරනසේක. අපේ දෙනෙත් උන්වහන්සේ දෙසට යොමු කරමු.

ගීතාවලිය 121:3

උන්වහන්සේ නුඹේ පය සෙලවෙන්ට නොදෙනසේක. නුඹ ආරක්ෂාකරන තැනන්වහන්සේ නොනිදනසේක.

ගීතාවලිය 121:4

බලව, ඉශ්‍රායෙල් ආරක්ෂාකරන තැනන්වහන්සේට නිදිබරවීමක්වත් නිදාගැනීමක්වත් නැත්තේය.

උන්වහන්සේ අපි වාගේ කාලයටසීමා වන්නේ නැත. 

ගීතාවලිය 121:5

ස්වාමීන්වහන්සේ නුඹ ආරක්ෂා කරන තැනන්වහන්සේය. ස්වාමීන්වහන්සේ දකුණතින් නුඹට සෙවණය.

ගීතාවලිය 121:6‭-‬8

6 දවාලේ ඉරවත් රාත්‍රියේ සඳවත් නුඹට පහර නොදෙන්නේය.

7 ස්වාමීන්වහන්සේ සියලු නපුරෙන් නුඹ ආරක්ෂාකරනසේක. නුඹේ ප්‍රාණය ආරක්ෂාකරනසේක.

8 දැන් පටන් සදාකාලේටම ස්වාමීන්වහන්සේ නුඹේ යාම ඊම ආරක්ෂාකරනසේක.

හිතෝපදේශ 6:2

නුඹේ මුඛයේ කීම්වලින් පටලැවී, නුඹේ මුඛයේ කීම්වලින් අසුවී සිටින්නෙහි නම්,

අපි කතා කරන වචන ඉතා වැදගත්, ඒ නිසා වැරදි වචන කතා නොකර දේව වචනයට එකඟවූ වචන කතා කරන්න. නිෂ්ඵල වචන කතා කරන්න එපා.

සතුරා අපට පහර දෙන්නේ අපගේම මුඛයෙන් කතා කරන වැරදි වචන වලින්.  

ලූක් 2:25-36

25 බලව, යෙරුසලමෙහි සිමියොන් නම් මනුෂ්‍යයෙක් සිටියේය; මේ මනුෂ්‍යයා ඉශ්‍රායෙල්ගේ සැනසීම බලා සිටියාවූ ධර්මිෂ්ඨවූ භක්තිවන්තවූ කෙනෙක්ය. ශුද්ධාත්මයාණන්වහන්සේ ඔහු කෙරෙහිවූසේක.

26 ස්වාමීන්වහන්සේගේ ක්‍රිස්තුස්වහන්සේ දකින්ට පළමුවෙන් ඔහු මරණය නොදක්නේය කියා ශුද්ධාත්මයාණන්වහන්සේ විසින් ඔහුට එළිදරව්කර තිබුණේය.

27 ඔහු ආත්මයාණන් කරණකොටගෙන දේවමාළිගාවට ආවේය. ළදරු යේසුස්වහන්සේට ව්‍යවස්ථාවේ සිරිත ලෙස කරන පිණිස මවුපියන් විසින් උන්වහන්සේ ගෙනා විට,

28 ඔහු උන්වහන්සේ දෑතින් වඩාගෙන දෙවියන්වහන්සේට ප්‍රශංසාකරමින් කියනුයේ:....

සිමියොන් ගැළවුම්කරු දකින පිණිස සූදානම්ව සිටියා. 

ඔබ නිතරම සූදානම්ව සිටිය යුතුයි. ස්වාමීන්වහන්සේගේ ආශීර්වාදය භුක්තිවිඳින පිණිස සූදානම්ව සිටින්න.

අපි දිනපතා කරන දේවල් තුළින් ශක්තිමත් වෙමු. දිනපතා සූදානම්ව සිටිමු. සෑම දවසකම  ස්වාමීන්වහන්සේ සමඟ සම්බන්ධතාවයක යෙදී සිටීමෙන් උන්වහන්සේගේ හඬ අසන්නට අපි සූදානම්ව සිටිමු. අපගේ ආත්මය උන්වහන්සේගේ හඬ අසන්නට අපි පිබිද සිටිමු.

ඔබ කරන හැම දේ වලදී ස්තුතිවන්ත හදවතකින් කළ යුතුයි.   

ඔබට යහපත සිදුවන පිණිස ඔබ උන්වහන්සේගේ හඬට සූදානම්ව  සිටින්න.

ලූක් 2:28

28 ඔහු උන්වහන්සේ දෑතින් වඩාගෙන දෙවියන්වහන්සේට ප්‍රශංසාකරමින් කියනුයේ: 

29 ස්වාමීන්වහන්ස, දැන් ඔබගේ වචනය ලෙස ඔබගේ දාසයා සමාදානයෙන් යන්ට හරිනසේක;

සිමියොන් මෙතෙක් කල් යාච්ඤා කළේ දේව වචනයයි. 

යෙසායා 55:11

මාගේ මුඛයෙන් නික්මෙන මාගේ වචනයත් මා වෙතට හිස්ව හැරී නෑවිත්, මා කැමැති දෙය සිදුකොට, මා නියමකළ කාරණය සඵලකරනවා ඇත.

දෙවියන්වහන්සේ සනාථ කරන්නේ අපගේ මුඛයෙන් කතා කරන දේව වචනයයි. උන්වහන්සේගේ වචනය ස්ථීර කරන පිණිස උන්වහන්සේ බැඳී සිටිනසේක.

යෙරෙමියා 1:12

එවිට ස්වාමීන්වහන්සේ: නුඹට පෙනුණා හරිය. මක්නිසාද මාගේ වචනය ඉෂ්ටකරන පිණිස මම ඒ ගැන පිබිද සිටිමියි මට කීසේක.

අපි අපගේ ජීවිතය පිටුපස හැරී බලන කල ස්වාමීන්වහන්සේ කළා වූ යහපත් දේවල් සහ උන්වහන්සේගේ කරුණාව ගැන සිහි කරමු.

ගීතාවලිය 23:6

ස්වාමීන්වහන්සේ පිබිද බලා සිටින්නේ තමන්වහන්සේගේ වචනය සනාථ කරන්නයි. 

උන්වහන්සේගේ වචනය අපට නැවුම්භාවය ගෙන දෙයි. 

ලූක් 10:38-42

මරියා ස්වාමීන්වහන්සේගේ පාද මූලයෙහි හිඳ උන්වහන්සේගේ වචන ඇසුවාය. නුමුත් මාර්තා බොහෝ උපස්ථානකිරීමෙන් කරදරව සිටියාය; 

මරියා දේව වචනය මුල් කරගත්තා. මාර්තා සියලු දේ ගැන කලබල වුණා, කනස්සලු වුණා.   

ලූක් 2:30

මක්නිසාද අන්‍යජාතීන්ට එළිදරව් කිරීමට ආලෝකයක්ද ඔබගේ ඉශ්‍රායෙල් සෙනඟගේ තේජසදවූ සියලු මනුෂ්‍යයන් ඉදිරියෙහි ඔබ විසින් පිළියෙළකළාවූ ගැළවීම මාගේ ඇස්වලින් දුටිමියි  කීවේය. 

දෙවියන්වහන්සේ සිමියොන්ට යේසුස්වහන්සේගේ පැමිණීම ගැන ඇදහිල්ලෙන් එළිදරව් කළා.  

අපි සූදානම්ව සිටින විට දෙවියන්වහන්සේ නියමිත වේලාවට හරි දේවල්, යහපත් දේවල් අපගේ ජීවිතයට ගෙන එයි. 

මරියා සහ යෝසෙප් සිමියොන් කී වචනය අසා මවිත වූවෝය.  

ලූක් 2:33

උන්වහන්සේ ගැන කී කාරණාවලට උන්වහන්සේගේ පියාද මෑණියෝද මවිතවෙමින් සිටියෝය. සිමියොන් ඔවුන්ට ආශීර්වාදකර, උන්වහන්සේගේ මවුවූ මරියාට කථාකොට: බලව, මේ ළදරුවා ඉශ්‍රායෙල්හි බොහෝ දෙනෙකුගේ වැටීම පිණිසත් නැගිටීම පිණිසත් විරුද්ධව කථාකරනු ලබන ලකුණක් පිණිසත් නියමවී සිටියි; එසේය, නුඹේම ආත්මයට කඩුවකින් අනිනු ලැබේ; මෙසේ වන්නේ බොහෝ දෙනෙකුගේ සිත්හි කල්පනා එළිදරව්වන පිණිසයයි කීවේය. 

දෙවියන්වහන්සේ සිමියොන් තුළින් යේසුස්වහන්සේගේ කුරුසපත් වීම ගැන මරියාට කතා කළා.  

ලූක් 2:36-38

36 තවද ආෂෙර්ගේ ගෝත්‍රයේ ඵානුයෙල්ගේ දූවූ, ඉතා වයස්ගතවූ, ආනා නම් අනාගතවක්ත්‍රියක් සිටියාය. ඈ කන්‍යාවස්ථාවෙහි සිට සත් අවුරුද්දක් ස්වාමි පුරුෂයෙකු සමඟ වාසයකළාය,

37 අවුරුදු අසූහතරක්ම ඈ වැන්දඹුවක්ව සිටියාය; ඈ දේවමාළිගාවෙන් අහක්ව නොගොස්, රෑ දාවල් දෙක්හි නිරාහාරයෙන් ඉඳ යාච්ඤාකරමින් නමස්කාරකළාය.

38 ඈද ඒ පැයෙහිම ඇවිත් දෙවියන්වහන්සේට ස්තුතිකොට, යෙරුසලමේ මිදීම ගැන බලාසිටි සියලුදෙනාට උන්වහන්සේ ගැන කථාකළාය. "

ආනා දෙවියන්වහන්සේගේ වචනය අසන්නට සූදානම්ව සිටියාය. ඇයගේ කැපවීම නිසා දේව මාළිගාවේම රැඳී සිටිමින් නිරාහාරයෙන්, යාච්ඤාවෙන් හා නමස්කාරයෙන් සිටියාය.  ඇයත් දෙවියන්වහන්සේගේ හඬ අසන්නට සූදානම්ව සිටියාය.

 


Watch the Sermon Video

Read 688 times