+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

වැපිරීම සහ කපාගැනීම - මනූ මැතානි
November 21, 2021 Sunday Sermon Notes

 

ආශීර්වාදය ඔබගේ අත ළඟම තිබේ. ඔබගේ මුඛයේ සහ ඔබගේ හදවතේ.

නුමුත් ඒ වචනය ලෙස නුඹ කරන පිණිස එය නුඹට ඉතා ළංව නුඹේ මුඛයේද නුඹේ සිතේද තිබේ.

ද්වීතීය කථාව 30:14 

ඔබගේ මුඛයෙන් නික්මෙන වචන ගැන ඔබ වග බලා ගත යුතුයි. 

ඔබගේ ආශීර්වාද දොරටුව තිබෙන්නේ ඔබගේ මුඛයේ.  ඔබ මුඛය විවර කරමින් කතා කරන විට ඔබට යහපත භුක්ති විඳින්න පුලුවන්. 

දෙවියන්වහන්සේට ඔබගේ ජීවිතයට ආශීර්වාද ගෙන ඒමට විවිධාකාර මාර්ග තිබෙනවා.

දෙවියන්වහන්සේගේ වචනය එදත් අදත් සදාකාලයටම එකාකාරමය. උන්වහන්සේගේ වචනය කිසි කලෙක වෙනස් වන්නේ නැත.

උන්වහන්සේගේ වචනයට උන්වහන්සේ කිසිදා බොරු කරන්නේ නැත.

උන්වහන්සේගේ වචනය එසේය, ආමෙන් කියා අපි පිළිගමු.

2 කොරින්ති 1:20

මක්නිසාද දෙවියන්වහන්සේගේ පොරොන්දු කොපමණ වුණත් උන්වහන්සේ තුළ එසේය කියා වේ. එහෙයින් අප කරණකොටගෙන දෙවියන්වහන්සේට ගෞරවය පැමිණෙන පිණිස, උන්වහන්සේ කරණකොටගෙන ආමෙන්ය කියාත් වේ.

අපගේ දීමනා සහ දසයෙන් කොටස ගෙනෙන විටත් අපි වපුරන්නේ දෙවියන්වහන්සේගේ වචනයයි.

අපි නොමසුරුව වපුරමින් නොමසුරුව කපාගමු.

2 කොරින්ති 9:6-7

6 නුමුත් මේක කියමි: මසුරුලෙස වපුරන්නා මසුරුලෙස කපාගන්නේය; නොමසුරුව වපුරන්නා නොමසුරුව කපාගන්නේය. 

7 කනගාටුවෙන්වත් ඕනෑම නිසාවත් නොව එක් එක්කෙනා තම තමාගේ සිතින් නියමකරගත් ලෙස දේවා. මක්නිසාද සතුටු සිතින් දෙන්නාට දෙවියන්වහන්සේ ප්‍රේමකරනසේක. 

මේ ලියවිල්ල අනුව අපි සිතින් නියම කර ගත් ආකාරයට අපි බීජ වපුරමු.

ධර්මිෂ්ඨයාට තිබෙන්නේ යහපත් සිතුවිලි. හොඳ ආශාවන් හිතෝපදේශ 11:23.

7 ......මක්නිසාද සතුටු සිතින් දෙන්නාට දෙවියන්වහන්සේ ප්‍රේමකරනසේක. 

මම නමස්කාරයෙන් අපගේ දීමනා ගෙන එමු. ප්‍රේමයෙන් අපි ස්වාමීන්වහන්සේ වෙතට අපගේ දීමනා ගෙන එමු.

අපි දසයෙන් කොටසට ඉහළින්, දීමනා ස්වාමීන්වහන්සේ වෙතට ගෙන එමු. සතුටු සිතින් දෙන්නාට දෙවියන්වහන්සේ ප්‍රේම කරන්සේක.

මතෙව් 25:15-28  කියවන්න 

දෙවියන්වහන්සේ එකිනෙකාට උන්වහන්සේගේ තලන්නත දුන්සේක්. මේ තලන්ත ඇත්තටම මුදල්. උන්වහන්සේ ඒ දුන්න තිදෙනාගේ පාවිච්චිය සඳහා දෙනු ලැබුවා.

දෙවියන්වහන්සේ මේ පණිවිඩය ඇදහිල්ලෙන් කතා කරන්නේ වැඩිවීම් හා ආශීර්වාදය විශ්වාසය කරන සෙනඟටයි. 

2 කොරින්ති 9:8 

තවද නුඹලා *සියලු* දේවලදී නිතරම පූර්ණකම ලැබ *සියලු* යහපත් ක්‍රියා සඳහා පූර්ණව සිටින පිණිස නුඹලාට *සියලු* අනුග්‍රහය වැඩිකරදෙන්ට දෙවියන්වහන්සේට පුළුවන. 

දෙවියන්වහන්සේ අනුග්‍රහය අපගේ ජීවිතයට වැඩිකරනසේක.

උන්වහන්සේගේ කැමැත්ත අපි දියුණුවීම, වැඩිවීම, සඵලවීම හා ආශීර්වාද ලබා ගැනීමයි.

2 කොරින්ති 9:8 

තවද නුඹලා *සියලු* දේවලදී නිතරම පූර්ණකම ලැබ *සියලු* යහපත් ක්‍රියා සඳහා පූර්ණව සිටින පිණිස නුඹලාට *සියලු* අනුග්‍රහය වැඩිකරදෙන්ට දෙවියන්වහන්සේට පුළුවන. 

දෙවියන්වහන්සේ නිතරම කතා කරන්නේ වැඩිවීම, එකතු කිරීම ගැනයි.

යොහන් 6:1-14 කියවන්න.

යේසුස්වහන්සේ ඒ කුඩා ළමයා ගෙන ආ රොටි 5 සහ මාලු කැබලි 5 තුළින් පිරිමි 5000කට අධික සංඛ්‍යාවකට ආහාර සපයාදී ඊටත වඩා වැඩියෙන් කූඩ 12ක් පුරවා ආශීර්වාද කළ සේක. 

වටිනා තෛලයයි ගෙන ආ මේ කාන්තාව යේසුස්වහන්සේ වෙතට ගෙනාවේ ඇගේ වටිනාම වස්තුවයි.

යේසුස්වහන්සේ එය ප්‍රතික්ෂේප කළේ නැහැ.

මාර්ක් 14:3-9 කියවන්න 

ඔබ දෙවියන්වහන්සේගේ දේවල් කවදාවත් සුළුවට කරන්න එපා.

මතෙව් 26:6-7-13

10 නුමුත් යේසුස්වහන්සේ ඒක දැන: කුමට නුඹලා මේ ස්ත්‍රීට කරදරකරනවාද? ඈ මට යහපත් ක්‍රියාවක් කළාය.

11 මක්නිසාදයත් දිළින්දෝ නුඹලා සමඟ නිතරම සිටිති; නුමුත් මම නුඹලා සමඟ නිතරම නොසිටිමි.

12 ඈ මේ තෙල මාගේ ශරීරයේ වත්කළේ මා තැන්පත්කිරීමට සූදානම් කරන පිණිසය.

13 සැබවක් නුඹලාට කියමි-මේ ශුභාරංචිය ලොව මුළුල්ලේ යම් තැනක ප්‍රකාශකරනු ලබන්නේද එතැනදී මේ ස්ත්‍රිය විසින් කළ මේ ක්‍රියාවත් ඈ සිහි කිරීමක් පිණිස කියනු ලබන්නේයයි කීසේක. 

ඇය වටිනා තෛලය ගෙන ආවේ යේසුස්වහන්සේ වෙතටයි. එය ඈ වත් කළේ යේසුස්වහන්සේගේ ශරීරයටයි.  අද යේසුස්වහන්සේගේ ශරීරය කවුද? උන්වහන්සේගේ සභාවයි. 

මතෙව් 26:8-9 කියවන්න 

නුමුත් ගෝලයෝ ඒ දැක කිපී: මේ නාස්තිය කළේ කුමටද? මක්නිසාද මේ තෙල ලොකු ගණනකට විකුණා දිළිඳුන්ට දෙන්ට පුළුවන්ව තිබුණේයයි කීවෝය. 

දෙවියන්වහන්සේට කරන කිසි දෙයක් සුළුවට නොකරන්න. දෙවියන්වහන්සේ මේ ලෝකය මැවූ අවස්ථාවේ දී සුළු කොට මැව්වේ නැත. 

අපි මේ ආකාරයට සුළුවට කරන්නේ බංකොලොත් පාසැලේ ඉගෙනගත් නිසයි. 

දෙවියන්වහන්සේ අපට පවසන්නේ බහුලත්වයේ පාසැලට එන්න. 

බංකොලොත් පාසැලේ විදුහල්පති යක්ෂයා ය. යක්ෂයාගෙන් අපට ලැබෙන්නේ කුණු කසළ.  

ඌ අපට උගන්වන්නේ හැම දේම කුඩා වශයෙන් කරන්න කියා, සුළුවට, අඩුවට. නාස්ති නොකර, 

යේසුස්වහන්සේ කිසිදෙයක් නාස්ති කරනවාට අකමැතියි ඒනිසා උන්වහන්සේ ඉතුරු වූ රොටි සහ මාලු එකතු කර කුඩා ළමයාට භාර දුන්නේ.  

ක්‍රියා 18:24-26

24 අලෙක්ෂන්ද්‍රියෙහි උපන්නාවූ, උගතෙක්වූ, අපොල්ලොස් නම් එක්තරා යුදෙව්වෙක් එපීසයට ආවේය; ඔහු වනාහි ලියවිලි ගැන බලවත්ව සිටියේය.

25 මේ මනුෂ්‍යයා ස්වාමීන්වහන්සේගේ මාර්ගය ගැන උගන්වනු ලැබ ආත්මයෙන් ජ්වලිතව සිට, යේසුස්වහන්සේගේ කාරණා ගැන හරි ආකාර කථාකර ඉගැන්නුවේය. එහෙත් ඔහු යොහන්ගේ බව්තීස්මය පමණක් දැනගන සිටියේය.

26 ඔහු සිනගෝගයේදී නිර්භීතව කථාකරන්ට පටන්ගත්තේය. ප්‍රිස්කිලාද අකිලාද ඔහුගේ බස් අසා, ඔහු තමුන් ළඟට කැඳවාගෙන, දෙවියන්වහන්සේගේ මාර්ගය වඩා හරිලෙස ඔහුට තෝරාදුන්නෝය. 

2 කොරින්ති 6:11-13

11එම්බා කොරින්තිවරුනි, අපේ මුඛය නුඹලාට කථාකරන පිණිස ඇරී තිබේ, අපේ සිත විශාලවී තිබේ.

12 නුඹලා හිරවී සිටින්නේ අප තුළ නොවේ, නුඹලාගේම සිත් තුළ නුඹලා හිරවී සිටිහුය. 

13 එබැවින් එම ආකාර ප්‍රතිඵලයක් පිණිස නුඹලාත් සිතින් විශාලවෙන්න; දරුවන්ට මෙන් මෙසේ කියමි. 

ස්වාමීන්වහන්සේ අපව වහල්භාවයෙන් ගළවා, මුදවා කිරි සහ පැණියෙන් උතුරායන දේශයකට ගෙනාවේය.

1 රාජාවලිය 19 භිය සහ දිළිඳුකම එකට සම්බන්ධ වී තිබෙනවා.

හිතෝපදේශ 22:6

දරුවෙකු සුදුසු මාර්ගයෙහි පුහුණුකරන්න, එවිට ඔහු වයස්ගතවූ කලත් එයින් අහක්ව නොයන්නේය.

හිතෝපදේශ 22:7

වස්තුකාරයා දිළිඳුන් කෙරෙහි ආණ්ඩුකරන්නේය, ණයගන්නා ණයදෙන්නාට මෙහෙකරුවෙක්ය. 

මතෙව් 5:37

" තෘප්තියට පැමිණි අය මීවදයට අප්‍රිය කරයි;  එහෙත් ක්ෂුධාවත් අයට සෑම තික්ත දෙයම මිහිරිය. 

විලාප ගී 3:25-28

25 ස්වාමීන්වහන්සේ ගැන බලා සිටින්නන්ටත් උන්වහන්සේ සොයන ආත්මයටත් උන්වහන්සේ යහපත්ය.

26 ස්වාමීන්වහන්සේගෙන් වන ගැළවීම නිශ්චලව බලා සිටීම මනුෂ්‍යයෙකුට හොඳය.

27 තමාගේ බාල වයසේදී වියගහ දැරීම මනුෂ්‍යයෙකුට යහපත.

28 උන්වහන්සේ ඒක ඔහු පිට තැබූ නිසා ඔහු තනියම හිඳ නිශ්ශබ්දව සිටීවා. 

මතෙව් 10:16

ගලාති 6:4-5

නුමුත් එකිනෙකා තම තමාගේ වැඩය සෝදිසිකෙරේවා, එවිට ඔහුට වෙන කෙනෙක් ගැන නොව තමා ගැන පමණක්ම පාරට්ටුව තිබේ. 5 මක්නිසාද එකිනෙකා තම තමාගේ බර උසුලන්නේය. 

1 පේත්‍රැස් 3:7

එසේම, පුරුෂයෙනි, නුඹලාගේ යාච්ඤාවලට බාධා නොපැමිණෙන පිණිස, වඩා දුර්වල භාජනවූ භාර්යාවන් සමඟ දැනගැන්මේ හැටියට වාසයකරමින්, ඔවුන් ජීවනයේ අනුග්‍රහයට හවුල් උරුමක්කාරියන්ද බැවින් ඔවුන්ට ගෞරව දෙන්න. 

හිතෝපදේශ 18:22

ගලාති 6:7

නොරැවටෙන්න; දෙවියන්වහන්සේට සරදම්කරන්ට කාටවත් බැරිය. මක්නිසාද මනුෂ්‍යයෙක් තමා වපුරන දේම කපා ගන්නේය. " - (ගලාති 6:7)

උත්පත්ති 8:22

පොළොව පවතිනතුරු වපුරන කාලය සහ කපන කාලයද ශීතය සහ උෂ්ණයද ග්‍රීෂ්ම කාලය සහ ශීත කාලයද දවාල සහ රාත්‍රියද නොනවතින්නේයයි කීසේක. 

ගලාති 6:8

ඒ හැටියට තමාගේ මාංසය සඳහා වපුරන්නා මාංසයෙන් කුණුවීම කපාගන්නේය; ආත්මයාණන්වහන්සේ සඳහා වපුරන්නා ආත්මයාණන්වහන්සේගෙන් සදාකාල ජීවනය කපාගන්නේය. 

යොහන් 10:10

" සොරා එන්නේ සොරකම්කරන්ටත් මරන්ටත් විනාශකරන්ටත් පමණක්ය. මා ආවේ ඔවුන්ට ජීවනය ලැබෙන පිණිසත් එය අධිකලෙස ලැබෙන පිණිසත්ය.

ගලාති 6:9

තවද යහපත්කම්කිරීමට මැළිනොවෙමු; මක්නිසාද අපි ක්ලාන්ත නොවෙමු නම්, නියම කාලයේදී කපාගන්නෙමුව.

 


Watch the Sermon Video

Read 527 times