+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

ඔබගේ ජීවිතය නැවත පිහිටුවා ගත හැකි මාර්ග 4ක් - මනූ මැතානි
November 26, 2021 Bible Study Notes

 

1) ඔබ උපකාර සොයා ගන්න, නැතහොත් උපකාර ලබා ගන්න.

2)  දෙවියන්වහන්සේගෙන් උසස්වීම් සහ නැවත පිහිටුවීම් විශ්වාස කරන්න. 

3) ඔබ බොහෝසේ ඉවසීමෙන් කටයුතු කරන්න.

4) ස්වාමීන්වහන්සේ නමස්කාර කරමින් ඔබ පොරොන්දු ප්‍රකාශ කරන්න.

ඔබගේ ජීවිතය නැවත පිහිටුවා ගත හැකි මාර්ග 4ක් ගැන බලමු.

ඔබගේ ජීවිතයේ ආත්මිකභාවය නැවත පිහිටුවා ගන්නේ කෙසේද? ඒ ගැන කරුණු 4ක් බලමු.

1) ඔබ උපකාර සොයා ගන්න, නැතහොත් උපකාර ලබා ගන්න.

යෝවෙල් 2:25

මා විසින් නුඹලා අතරට එවුවාවූ මාගේ මහත් සමුදාව වන පළඟැටියන්ද කෙඳි-පළඟැටියන්ද කපන-පළඟැටියන්ද පළඟැටි පණුවන්ද නාස්තිකළාවූ අවුරුදු මම නුඹලාට නැවත දෙන්නෙමි.

එපීස 5:14

එහෙයින්: නිදන්නාවූ නුඹ පිබිද මළවුන්ගෙන් නැගිටින්න, එවිට ක්‍රිස්තුස්වහන්සේ නුඹ කෙරෙහි උදාවනසේකැයි උන්වහන්සේ කියනසේක.

දෙවියන්වහන්සේ කැමති ස්ථානයට ඔබ පැමිණීම උන්වහන්සේගේ ආශාවයි.

අවදි වී ඔබගේ නිවස හරියාකාරව ගෙන යා ගන්න  කාලයයි.

දෙවියන්වහන්සේ ශුද්ධාත්මයාණන්ගේ මග පෙන්වීම ඔබට කියා දෙයි.

හිතෝපදේශ 11:24‭-‬25

24 විසුරුවන නුමුත් වස්තුව වැඩිකරගන්න කෙනෙක්ද හිඟකමට පැමිණෙන හැටියට අයුතු ලෙස වලක්වාගන්න කෙනෙක්ද ඇත.

25 ත්‍යාගශීලී තැනැත්තේ පුෂ්ටිමත් වන්නේය; පැන් ඉසින තැනැත්තේ පැන් ඉසිනු ලබන්නේය.

අපට උපකාර අවශ්‍ය නිසා  අපි එය සොයාගත යුතුයි. 

1 කොරින්ති 3:12

නුමුත් අත්තිවාරම පිට යමෙක් රන්, රිදී අනර්ඝ ගල්, ලී, තෘණ, පිදුරු ගොඩනගන්නේ නම්,

රන්, රිදී අනර්ඝ ගල්, ආත්මික සේවාවන් වන අතර ලී, තෘණ, පිදුරු මාංශාකාර සේවාවන් වේ.

ඔබ සොයාගෙන යායුතු වන්නේ ලකුණු සහ පුදුමාකාර හාස්කම් නොවේ. නමුත් ලකුණු ඔබ පිටුපස පැමිණිය යුතුයි.

මතෙව් 7:7  ...සොයන්නාට සම්බවේ...

ඔබ අද වියවුල්කමේ සිටින්නේ නම් උපකාර සොයා ගන්න. හොඳ උපදෙස් ලබා ගන්න.

1 කොරින්ති 7:5

යාච්ඤාවේ යෙදීසිටීම පිණිස, දෙදෙනාගේ කැමැත්ත ඇතුව, කලකට වෙන්ව සිටිනවා මිස, නැත්නම් වෙන්ව නොසිටින්න. එසේ කළොත් නුඹලාගේ කාම ආශාව මැඩපවත්වාගන්ට බැරි නිසා, සාතන් නුඹලා පරීක්ෂා නොකරන පිණිස නැවත එක්වෙන්න.

ඔබගේ ජීවිතයේ ඉවසීමෙන් කටයුතු කළ යුතුයි. 

හිතෝපදේශ 21:23

තමාගේ මුඛයත් දිවත් රැකවල්කරගන්නා තමාගේ ප්‍රාණය විපත්තිවලින් රැකගන්නේය.

ඔබ වියවුල්ව සිටිනවා නම් වෙනස් කර ගන්න පිණිස උපදෙස් ලබා ගන්න. 

විශ්වාසවන්ත අයගෙන් ඔබ උපදෙස්, උපකාර හා විසඳුම් ලබා ගන්න. 

උපකාර සොයා ගන්නා ආශීර්වාදලද්දක් වන්නේය. 

ක්‍රියා 8:29

එවිට ආත්මයාණන්වහන්සේ පිලිප්ට කථාකොට: නුඹ මේ රථය ළඟට ගොස් එක්වෙයන්නැයි කීසේක. 

ක්‍රියා 8:30

පිලිප් ඔහු ළඟට දිව ගොස්, අනාගතවක්තෘවූ යෙසායාගේ පොත ඔහු කියවනවා අසා: නුඹ කියවන දේ නුඹට තේරෙනවාදැයි ඇසුවේය.

ශුද්ධාත්මයාණන්වහන්සේ ඔබට උපකාරය එවන විට ඔබ එය පිළිගන්නවාද?

යේසුස්වහන්සේ ඔබ වෙනුවෙන් මරණයට පත් වුණා. උන්වහන්සේ ඔබට අද දින කතා කරන සේක. ඔබ උන්වහන්සේව පිළිගන්න. ඔබ ඉන්න ස්ථානයෙන් උන්වහන්සේ ඔසවනසේක.       

ක්‍රියා 8:31

යමෙක් මගපෙන්නුවොත් මිස නැත්නම් මට තේරුම්ගන්ට පුළුවන් කොහොමදැයි කියා, රථයට නැගී තමා සමඟ ඉඳගන්ට ඔහු පිලිප්ගෙන් උදක්ම ඉල්ලුවේය.

ඔබට උදව් උපකාර පැමිණෙන විට ඒක පිළිගන්න.

නියම වෙලාවට ඔබට ස්වාමීන්වහන්සේ උපකාර ගෙනෙන විට ප්‍රතික්ෂේප නොකරන්න.

ක්‍රියා 8:32-35

32 ඔහු කියවමින් සිටි ශුද්ධලියවිලි කොට්ඨාසය නම්: උන්වහන්සේ බැටළුවෙකු මෙන් මරණයට ගෙනයනු ලැබ, බැටළු පැටවෙක් උගේ ලෝම කපන්නා ඉදිරිපිට ගොළුව සිටින්නාක්මෙන් තමන් මුඛය නාරිනසේක.

33 උන්වහන්සේගේ පහත්වීමේදී උන්වහන්සේ විනිශ්චය බැහැර කරනලද්දේය. උන්වහන්සේගේ පරම්පරාව ප්‍රකාශකරන්නේ කවුද? මක්නිසාද උන්වහන්සේගේ ජීවිතය භූමියෙන් පහකරනලද්දේය යනුයි.

34 නපුංසකයා පිලිප්ගෙන් විචාරමින්: අනාගතවක්තෘ මේක කියන්නේ කා ගැනද? තමාම ගැනද නොහොත් වෙන කෙනෙකු ගැනදැයි කියන ලෙස නුඹෙන් ඉල්ලමියි කීවේය.

35 එවිට පිලිප් මුඛය හැර, ඒ ලියවිල්ලෙන් පටන්ගෙන, යේසුස්වහන්සේ ගැන ඔහුට දේශනා කෙළේය.

ක්‍රියා 8:38-39

38 එවිට පිලිප්ද නපුංසකයාද දෙදෙනම වතුරට බැස්සෝය; පිලිප් ඔහුව බව්තීස්මකෙළේය.

39 ඔවුන් වතුරෙන් ගොඩනැගුණු කල ස්වාමීන්වහන්සේගේ ආත්මයාණෝ පිලිප් රැගෙන ගියසේක; නපුංසකයා තවත් ඔහුව නුදුටුයේය, මක්නිසාද ඔහු ප්‍රීතිවෙමින් තමාගේ ගමන ගියේය.

රෝම 5:3

එපමණකුත් නොව, පීඩා විඳීමෙන් ඉවසිල්ලද,

රෝම 5:4‭-‬5

4 ඉවසිල්ලෙන් සහතිකකමද සහතිකකමෙන් බලාපොරොත්තුවීමද උපදින බව දැන, අප විඳින පීඩාවලදීත් ප්‍රීතිමත්වෙමු.

5 බලාපොරොත්තුව ලජ්ජාවට නොපමුණුවන්නේය; මක්නිසාද අපට දෙනලද ශුද්ධාත්මයාණන් වහන්සේ කරණකොටගෙන දෙවියන්වහන්සේගේ ප්‍රේමය අපගේ හෘදවල වගුරුවනලද්දේය.

අවංක සහතික කමක් ඔබට තිබිය යුතුයි. 

එපීස 5:14‭-‬17

14 එහෙයින්: නිදන්නාවූ නුඹ පිබිද මළවුන්ගෙන් නැගිටින්න, එවිට ක්‍රිස්තුස්වහන්සේ නුඹ කෙරෙහි උදාවනසේකැයි උන්වහන්සේ කියනසේක.

15 ඒ නිසා නුඹලා ඥානය නැත්තන් මෙන් නොව ඥානවන්තයන් මෙන් ප්‍රවේසමෙන් හැසිරෙන්ට බලාගෙන,

16 දවස් නපුරු බැවින් ප්‍රස්තාව අල්ලාගන්න.

17 මේ නිසා, නුඹලා අනුවණයෝ නොවී, ස්වාමීන්වහන්සේගේ කැමැත්ත කිමෙක්ද කියා තේරුම්ගන්න.

2)  දෙවියන්වහන්සේගෙන් උසස්වීම් සහ නැවත පිහිටුවීම් විශ්වාස කරන්න. 

ඔබ ස්වාමීන්වහන්සේගෙන් උසස්වීම් විශ්වාස කරන්න.

ඔබ දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාස කරන්න. උන්වහන්සේ ඔබව උසස් කරනසේක. 

අපගේ ජීවිතය නැවත පිහිටුවන්නට පුලුවන් වන්නේ උන්වහන්සේට පමණි.  

ගීතාවලිය 75-6-7

6 මක්නිසාද උසස්කම නැගෙනහිරින්වත් බස්නාහිරින්වත් දකුණෙන්වත් නොවන්නේය.

7 නුමුත් දෙවියන්වහන්සේ විනිශ්චයකාරයාණෝය. උන්වහන්සේ එක්කෙනෙකු පහත් කරනසේක, අනිකෙකු උසස් කරනසේක.

ගීතාවලිය 113:3-8

3 නැගෙනහිර පටන් බස්නාහිර දක්වා ස්වාමීන්ගේ නාමයට ප්‍රශංසා කටයුතුය.

4 ස්වාමීන්වහන්සේ සියලු ජාතීන්ට උසස්ව සිටිනසේක, උන්වහන්සේගේ තේජස ස්වර්ගවලට වඩා උසස්ය.

5 උසස් තැන්හි වැඩ හිඳින්නාවූ, ස්වර්ගයේද පෘථිවියේද තිබෙන දේ

6 බලන්ට තමන්ම යටත්වන්නාවූ අපේ දෙවිවූ ස්වාමීන්ට සමාන කවුද? අධිපතීන් සමඟ,

7 එනම්, ස්වකීය සෙනඟගේ අධිපතීන් සමඟ, හිඳුවන පිණිස

8 උන්වහන්සේ දුප්පතා ධූලියෙන් නැගුටුවනසේක, දිළිඳා කසල ගොඩින් ඔසවනසේක.

හිතෝපදේශ 10:22

3) ඔබ බොහෝසේ ඉවසීමෙන් කටයුතු කරන්න.

යාකොබ් 1:19-20

19 මාගේ ප්‍රේමවන්ත සහෝදරයෙනි, නුඹලා මේක දන්නහුය. නුමුත් එක එක මනුෂ්‍යයා ඇසීමට ඉක්මන්වේවා, කථාකිරීමටත් උදහස්වීමටත් ප්‍රමාද වේවා.

20 මක්නිසාද මනුෂ්‍යයාගේ උදහසින් දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම ඉෂ්ට නොවන්නේය.

4) ස්වාමීන්වහන්සේ නමස්කාර කරමින් ඔබ පොරොන්දු ප්‍රකාශ කරන්න.

1 තිමෝති 2:8,  හෙබ්‍රෙව් 10:35-36

ඔබ ඉවසීමෙන් කටයුතු කරමින් පොරොන්දු ප්‍රකාශ කරන්න. ඉවසීමෙන් රැඳී සිටින්න. ස්වාමීන්වහන්සේට නමස්කාර කරමින්, ස්තුති දෙමින් ඔබගේ දෑත් ඔසවන්න. කිසි කෝපයක් හෝ සැකයක් නැතිව නමස්කාර කරන්න. 

ගණන් කථාව 32:23


Watch the Sermon Video

Read 534 times