+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

අලුත් මනුෂ්‍යයා ජීවත් වන්නේ අලුත් ගිවිසුම අනුවය - මනූ මැතානි
December 10, 2021 Bible Study Notes

 

අප තුළ වාසය කරන දෙවියන්වහන්සේ බලවන්තයි. 1 යොහන් 4:4

දෙවියන්වහන්සේගේ දරුවන් වෙන්නට උන්වහන්සේ අපට බලය දී තිබේ. යොහන් 1:12

උන්වහන්සේගේම බලය අපට දී තිබෙන්නේ පාවිච්චි කරන පිණිසයි.

අපි තෝරා ගමු උන්වහන්සේගේ බලය අපගේ ජීවිතයේ ක්‍රියා කරන පිණිස. දිව්‍යමය බලය එදත් අදත් සදාකාලයටම එකාකාරමය

උන්වහන්සේගේ වචනය පවසන්නේ, ඔබ ශක්තිමත් බව, ශුද්ධාත්මයාණන්ගේ බලයෙන් ඔබ පූර්ණ වී සිටින බව.

නව ගිවිසුමේ බලය කෙරෙහි අපි විශ්වාස කරමු.

මා සිටින්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ බැවින් මට කිසි දොස් පැවරීමක් නැත.

යේසුස්වහන්සේ නිතරම පවසන්නේ භය නොවන්න. මගේ අභ්‍යන්තර මනුෂ්‍යයා ශක්තිමත්

රෝම 8:11

තවද යේසුස්වහන්සේව මළවුන්ගෙන් නැගිටෙවු තැනන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ නුඹලා තුළ වාසයකරනසේක් නම්, ක්‍රිස්තුස් යේසුස්වහන්සේව මළවුන්ගෙන් නැගිටෙවු තැනන්වහන්සේ නුඹලා තුළෙහි වසන තමන්ගේ ආත්මයාණන්වහන්සේ කරණකොටගෙන නුඹලාගේ මරණීය ශරීරයන්ද ජීවත් කරනසේක.

නොදැනුවත්කම නිසා මනුෂ්‍යයන් නොඇදහිලිකාරකමෙන් ක්‍රියා කරනවා.

යේසුස්වහන්සේ පිළිගැනීමෙන් අපි ආත්මික උපතක් ලබාගන්නවා. අපේ අභ්‍යන්තර මනුෂ්‍යයා ආත්මිකව අවදි වෙනවා.

යේසුස්වහන්සේ අදහා ගත් බැවින් අපි දැන් පව්කාරයන් නොවේ.   

යේසුස්වහන්සේ පාපය වෙනුවෙන් ක්‍රියාවක් කරමින් මනුෂ්‍යයන්ව නිදහස් කළා

රෝම 3:23

රෝම 6:23

සදාකාල ජීවනය ක්‍රියාවක් නොවේ නමුත් යේසුස්වහන්සේව අඳුනා ගැනීමයි. යොහන් 17:3

සදාකාල ජීවනය දැන් අප තුළ වාසය කරනසේක.

අපට දෙවියන්වහන්සේගෙන් ලැබුණේ සදාකාල ජීවනය නමැති දීමනාවයි. 

ගලාති 3:10

මක්නිසාද යම් පමණ දෙනෙක් ව්‍යවස්ථාවේ ක්‍රියාවල පිහිටෙන්නෝද, එපමණ දෙනා ශාපයකට යටත්ව සිටිති, මක්නිසාද: ව්‍යවස්ථා පොතෙහි ලියා තිබෙන සියලු දේවල් කරන පිණිස එහි නොපවතින සියල්ලෝ ශාපලද්දෝයයි ලියා තිබේ.

1 කොරින්ති 6:17

නුමුත් ස්වාමීන්වහන්සේට එක්වූ තැනැත්තේ එක ආත්මයය.

අපට දැන් ලැබී ඇත්තේ ස්වාමීන්වහන්සේගේම නව ස්වභාවයයි.

අපට ස්වභාවයන් දෙකක් නැත.

රෝම 7:14

මක්නිසාද ව්‍යවස්ථාව ආත්මික බව අපි දනිමුව. නුමුත් මම මාංසිකව පාපයට විකුණනු ලැබ සිටිමි.

මේ ස්ථානයේ පාවුල්තුමා කතා කරන්නේ ආදම් තුළ සිටින පව්කාර ස්වභාවය ගැනයි.

රෝම 7:15

මක්නිසාද මා කරන දේ මම නොදනිමි. මා කරන්නේ මා කැමති දේ නොව මා ද්වේෂකරන දේය.

රෝම 7:5-6

මක්නිසාද අප මාංසයෙහි සිටියදී ව්‍යවස්ථාවෙන්වූ පාප තෘෂ්ණා මරණයට ඵල උපදවන පිණිස අපේ අවයව තුළ ක්‍රියාකෙළේය. 

6 නුමුත් අපි යමකට බැඳී සිටියෙමුද, ඊට නැසී, ව්‍යවස්ථාවෙන් නිදහස්කරනලදුව, පදාර්ථයේ පැරණි ආකාරයෙන් නොව ආත්මයේ අලුත් ආකාරයෙන් සේවයකරමුව.

රෝම 7 වැනි පරිච්ඡේදය අපි හරියාකාරව තේරුම් ගත යුතුයි.

2 කොරින්ති 3:6

තවද උන්වහන්සේ අලුත් ගිවිසුමක සේවකයින් කොට අප සමර්ථකළසේක; එනම් වචනාර්ථයේ හැටියට නොව පරමාර්ථයේ හැටියටය. මක්නිසාද වචනාර්ථය නසන්නේය, පරමාර්ථය ජීවත්කරන්නේය.

අපි සියලු දෙනාම දෙවියන්වහන්සේට සේවය කරන ආත්මික සේවකයන්.

අපගේ ආත්මික පියාණන්වහන්සේට සේවය කිරිම දේව කැමැත්තයි.

අපට ආත්මික නව උපත තිබෙන නිසා අපි සේවය කරන්නේ ජීවනයෙන්.  

අපි කිතුනුවන් ලෙස අලුත් ගිවිසුම කියවිය යුතුයි.

අලුත් ගිවිසුමේ සෑම පොරොන්දුවක්ම අප සතුයි.

අලුත් ගිවිසුම අනුව අපි ගමන් කරන්නේ ආත්මයෙන්, ස්වාමීන්වහන්සේගේ මග පෙන්වීම තුළින්.      

හෙබ්‍රෙව් 8:6

නුමුත් දැන් උන්වහන්සේ වඩා උතුම් පොරොන්දු පිට පිහිටුවනලද්දාවූ වඩා හොඳ ගිවිසුමක මැදහත්කාර කෙනෙක්ව සිටින්නා සේම උන්වහන්සේ වඩා උතුම් සේවයක් ලැබූසේක.

අපි අපගේ සිත අලුත් කර ගනිමු. අපගේ ප්‍රාණය අලුත් කර ගත යුතුයි. 

එපීස 4:17-24

17 එබැවින් අන්‍යජාතීන් තමුන්ගේ සිත්වල නිෂ්ඵලකමින් හැසිරෙන්නාක්මෙන්, නුඹලා තවත් නොහැසිරෙන්නැයි ස්වාමීන්වහන්සේ තුළ සාක්ෂිදෙමින් කියමි.

18 ඔව්හු තමුන්ගේ තේරුම්ගැනීමෙන් අඳුරුව, තමුන් තුළ ඇත්තාවූ අඥානකම නිසාද තමුන්ගේ සිත් දැඩිවීම නිසාද දෙවියන්වහන්සේ කෙරෙන්වූ ජීවනයට විදේශීව සිටිති.

19 ඔව්හු හැඟීමක් නැතුව සියලු අපවිත්‍රකම් ගිජුලෙස කරන පිණිස සල්ලාලකමට භාරවුණෝය.

20 නුමුත් නුඹලා ක්‍රිස්තුස්වහන්සේව එසේ ඉගෙනගත්තේ නැත;

21 එනම්, සැබෑව යේසුස්වහන්සේ තුළ තිබෙන ප්‍රකාර නුඹලා උන්වහන්සේගෙන්ම අසා, උන්වහන්සේ තුළ උගන්වනු ලැබුවහුය.

22 [එසේ ඉගෙනගත්තේ] නුඹලාගේ ජීවිතයේ පළමු හැසිරීම ලෙස රැවටිල්ලේ තෘෂ්ණාවල් අනුව දූෂ්‍යවන්නාවූ පරණ මනුෂ්‍යයා පහකරදමා,

23 නුඹලා නුඹලාගේ චිත්තාත්මයෙන් අලුත්කරනු ලැබ,

24 සැබෑවේ ධර්මිෂ්ඨකමින්ද ශුද්ධකමින්ද දෙවියන්වහන්සේට සමානව මවනලද්දාවූ අලුත් මනුෂ්‍යයා පැළඳගන්නා ලෙසය.

අපගේ ප්‍රකාශන වෙනස් කරමු. අපගේ හැසිරීම වෙනස් කර ගමු. අපගේ කතා විලාශය වෙනස් කරමු.

දේව පොරොන්දු අපට ලැබෙන්නේ මේ පොළොවේ 

ලූක් 11:2-4

2 උන්වහන්සේද ඔවුන්ට කියන සේක්: නුඹලා යාච්ඤාකරන කල–පියාණෙනි, ඔබගේ නාමයට ගෞරවවේවා. ඔබගේ රාජ්‍යය ඒවා.

3 අපේ දවස්පතා භෝජනය අපට දවසින් දවස දුන මැනව.

4 අපේ පව් අපට කමාකළ මැනව; මක්නිසාද අපට ණයව සිටින සියල්ලන්ට අපිත් කමාවෙමුව. අප පරීක්ෂාවට නොපැමිණෙවුව මැනවයි කියන්නැයි කීසේක.

මතෙව් 6:9-10

9 එහෙයින් නුඹලා මෙසේ යාච්ඤාකරන්න:– ස්වර්ගයෙහි වැඩසිටින අපගේ පියාණෙනි, ඔබගේ නාමයට ගෞරව වේවා. ඔබගේ රාජ්‍යය ඒවා.

10 ඔබගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද කරනු ලැබේවා.

රෝම 14:17

පිලිප්පි 4:13

මා බලවත්කරන්නාවූ තැනන්වහන්සේ තුළ මට සියලුදේ කරන්ට පුළුවන.

රෝම 7:15

මක්නිසාද මා කරන දේ මම නොදනිමි. මා කරන්නේ මා කැමති දේ නොව මා ද්වේෂකරන දේය.

රෝම 5:5

බලාපොරොත්තුව ලජ්ජාවට නොපමුණුවන්නේය; මක්නිසාද අපට දෙනලද ශුද්ධාත්මයාණන්වහන්සේ කරණකොටගෙන දෙවියන්වහන්සේගේ ප්‍රේමය අපගේ හෘදවල වගුරුවනලද්දේය.

මම ස්වාමීන්වහන්සේ සමඟ එක්වී සිටින නිසා මම බලවන්තයකු වෙමි.

මගේ මරණීය ශරීරය ප්‍රාණවත් කරන්නේ  ස්වාමීන්වහන්සේගේ ශුද්ධාත්මයාණන් තුළින්.

හිතෝපදේශ 18:21

මරණයත් ජීවනයත් ඇත්තේ මගේ දිවේ.

ඔබ දේව දරුවෙකුය. ඔබට සිටින්නේ ඔබගේ ජීවමාන පියාණන්වහන්සේය.


Watch the Sermon Video

Read 532 times