+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

අපගේ ගැලවීමේ බලාපොරොත්තුව - යෝෂා මනූ
December 12, 2021 Sunday Sermon Notes

 

ස්වාමීන්වහන්සේ උන්වහන්සේගේ දෙනෙත් ධර්මිෂ්ඨයා කෙරෙහි යොමු කර තිබෙනවා.

සැබෑව නැතහොත් සත්‍යය කතා කරන්නා බොරු කියන්න්නේ නැත.

මේ ස්ථීරව තිබෙන වචනය අපගේ තොල්වල තබා ගමු.

දෙවියන්වහන්සේ උන්වහන්සේගේ වචනය සදහටම ස්ථීර කරනසේක.

හිතෝපදේශ 12:19-21

19 සැබෑව කියන තොල සදහටම ස්ථිරව පවතියි;  එහෙත් බොරු කියන දිව මොහොතකට පමණක්ය.

20 නපුර යොදන්නන්ගේ සිත්වල වංචාව තිබේ;  එහෙත් සමාදානය පිණිස මන්ත්‍රණය කරන්නන්ට ප්‍රීතිය ඇත්තේය.

21 ධර්මිෂ්ඨයන්ට කිසි අනතුරක් නොවන්නේය;  එහෙත් දුෂ්ටයෝ විපතෙන් පිරීයන්නෝය. 

ඔබ ධර්මිෂ්ඨ නිසා ඔබ යන එන මාවත්වල ඔබට ආරක්ෂාව, රැකවරණය  තිබෙනවා. 

යාබෙශ් යන නමෙහි තේරුම: වේදනාව=කනගාටුව, කනස්සල්ල, දුක, ශෝකය.

යාබෙශ්ට තමාගේ ජීවිතය වෙනස් කරගන්නට බලාපොරොත්තුවක් ඇති වුණා.

1 ලේකම් 4:9-10

9 යාබෙශ් තමාගේ සහෝදරයන්ට වඩා ගෞරව ලැබුවේය. ඔහුගේ මවු: මම වේදනාවෙන් ඔහු බිහිකළෙමියි කියා ඔහුට යාබෙශ් යන නම තැබුවාය.

10 යාබෙශ්ද ඉශ්‍රායෙල්වරුන්ගේ දෙවියන්වහන්සේට යාච්ඤාකොට: අහෝ, ඔබ මට ආශීර්වාදකර, මාගේ සීමාව විශාලකර, ඔබගේ අතින් මට පිහිටවී, මට දුක් නූපදින ලෙස විපතෙන් මා ආරක්ෂා කළ මැනවයි කීවේය. දෙවියන්වහන්සේද ඔහුගේ ඉල්ලීම ඉෂ්ටකළසේක. 

යාබෙශ් යාච්ඤා කරමින් තමා තුළ තිබුණු වැරදි සිතුවිලි වෙනස් කරගත්තාය. ඔහු තමාගේ මතු අනාගතය දෙවියන්වහන්සේට භාර කරමින් උන්වහන්සේ කෙරෙහි බලාපොරොත්තු ඇති කර ගත්තා. 

ඔහු ප්‍රකාශ කරන්නට ඇති ස්වාමිනි,  මගේ ජීවිතයේ ශාපය ඉවත් කරමින් ඔබවහන්සේ ආශීර්වාද කළ නිසා  ස්තූතියි.

ඔහු කීවේ ස්වාමිනි මගේ සීමාවන් පුලුල් කරන්න. ඔන්ගේ දෑතින් මට උපකාර කරන්න. මග පෙන්වන්න.

ඔහු පැවසුවේ, ස්වාමිනි ඔබගේ අතින් මට පිහිටවෙන්න. දෙවියන්වහන්සේගේ හස්ථය ඔබ මත තැබුවොත් ඔබට උන්වහන්සේගේ ආරක්ෂාව පමණක් නොව, සඵලත්වයද අනිවාර්යයෙන්ම ලැබෙන්නට යනවා.

ස්වාමීන්වහන්සේ කවදාවත් අපට දුකක් හෝ විපතක් එවන්නේ නැත.

යාබෙශ් දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාස කළ නිසා ඔහුට උන්වහන්සේ පිහිට වුණා.  ඒවගේම  දෙවියන්වහන්සේද ඔහුගේ ඉල්ලීම ඉෂ්ටකළා.

දෙවියන්වහන්සේ අපට නිතරම බලාපොරොත්තුවක් දෙනසේක.

ලෝකයා ඔබට කියන්න පුලුවන් 'ඔබ අහසේ මාළිගා තනන්නට එපා.' ඔයතරම් බලාපොරොත්තු තියාගන්න එපා. 

නමුත් යේසුස්වහන්සේ අපි සියලු දෙනා වෙනුවෙන් මාළිගාවක් ගොඩනගමින් සිටිනසේක. යොහන් 14:2

අපි ගැළවීම ලැබුවේ මේ බලාපොරොත්තුව තුළය, නමුත් පෙනෙන බලාපොරොත්තුව බලාපොරොත්තුව නොවේ. 

අපි තවමත් දකින දේ ගැන බලාපොරොත්තු වන්නේ මන්ද? 

අපට නොපෙනෙන දේ ගැන අපි බලාපොරොත්තු වෙනවා නම්, අපි නොපසුබට උත්සාහයෙන් ඒ සඳහා උනන්දුවෙන් බලා සිටිමු.

2 කොරින්ති 4:17-18 

17 "මොහොතකට පවතින අපේ සැහැල්ලුවූ දුක, පෙනෙන දේ නොව නොපෙනෙන දේ බලා සිටින්නා වූ අපට,

18 ඉතාමත්ම වැඩි වශයෙන් සදාකාල තේජස් භාරයක් සාදාදෙන්නේය. මක්නිසාද පෙනෙන දේ කාලිකය; නොපෙනෙන දේ සදාකාලිකය."

එපීස 2:11-12

11 "එහෙයින් පෙර කාලයේදීම මාංසයෙන් අන්‍යජාතිකයන්ව සිටියාවූ, අතින් මාංසයෙහි කරනලද චර්මඡේද්‍යය ඇත්තන් විසින් අචර්මජේදිතයෝයයි කියනලද්දාවූ නුඹලා,

12 ඒ කාලයෙහි ක්‍රිස්තුස්වහන්සේගෙන් වෙන්ව, ඉශ්‍රායෙල්ගේ නාගරිකත්වයට අන්‍යයන්ව, පොරොන්දුවේ ගිවිසුම්වලට විදේශීන්ව, *ලෝකයෙහි බලාපොරොත්තුවක් නැතුව,* දෙවියන්වහන්සෙත් නැතුව සිටිය බව සිහිකරන්න."

1 තෙසලෝනික 4:13-14

අපි ලෝකයා මෙන් කිසි බලාපොරොත්තුවක් නැති සෙනඟක් නොවෙමු.

නමුත් අපි ගැළවීම ලබාගත් දරුවන් නිසා අපට  ස්වාමීන්වහන්සේ තුළ බලාපොරොත්තුවක් තිබේ.

රෝම 8:24-25  

24 "මක්නිසාද අප ගළවනු ලැබුවේ බලාපොරොත්තුවෙන්ය. නුමුත් පෙනෙන  බලාපොරොත්තුවක් බලාපොරොත්තුවක් නොවේය. මක්නිසාද තමාට පෙනෙන දෙයක් ගැන බලාපොරොත්තුවෙන්නේ කවරෙක්ද?

25 නුමුත් අපි නොපෙනෙන දේ ගැන බලාපොරොත්තුවෙමු නම් ඉවසිල්ලෙන් ඒ ගැන බලා සිටිමුව."

බලාපොරොත්තුව යනු අප තවමත් නොපෙනෙන දේ කෙරෙහි විශ්වාසය තබා බලා සිටිය යුතු බවයි.

දෙවියන්වහන්සේ අපට යහපත් බලාපොරොත්තුවක් දෙනු ලබනවා.

ශුද්ධ ලියවිල්ලට අනුව බලාපොරොත්තුව නම්, අපට  භෞතිකව දැකිය නොහැකි දෙයක් දැකීමයි.

අපගේ මනස තුළ අපි මවා ගන්නා සිතුවිලි බලාපොරොත්තුවයි. 

හෙබ්‍රෙව් 11:1

"ඇදහිල්ල නම් බලාපොරොත්තුවන දේවල් ගැන සහතිකයය, නොදක්නා දේවල් ගැන ඔප්පුවය."

යෙරෙමියා 17:5-8 

ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මනුෂ්‍යයා කෙරෙහි විශ්වාසකරන්නාවූ, මාංසය තමාගේ හස්තයකොට තබාගන්නාවූ, සිතින් ස්වාමීන්වහන්සේ කෙරෙන් පහවයන්නාවූ මනුෂ්‍යයා ශාපලද්දෙක්ය.

6 ඔහු මරුකතරේ රෝතෙම් ගහකට සමානවී, යහපත පැමිණෙන විට එය නොදැක, ලුණු භූමියක්ව තිබෙන්නාවූ, වැසියන් නැත්තාවූ කාන්තාරයේ වියළි තැන්වල වාසයකරනවා ඇත.

7 ස්වාමීන්වහන්සේ කෙරෙහි විශ්වාසකොට, ස්වාමීන්වහන්සේ තමාගේ විශ්වාසය කොට තබාගෙන සිටින මනුෂ්‍යයා වාසනාවන්තයෙක්ය.

8 මක්නිසාද ඔහු ජලය ළඟ හිටවා තිබෙන්නාවූ, ගඟ ළඟ මුල් අදින්නාවූ, ග්‍රීෂ්මය පැමිණෙන විට එය නොදැනෙන්නාවූ, කොළ නොවේළෙන්නාවූ, නියං අවුරුද්දේදී නොමැලවෙන්නාවූ, ඵල දැරීමෙන් තොර නොවෙන්නාවූ ගහකට සමානවන්නේය. 

හෙබ්‍රෙව් 11:1

"ඇදහිල්ල නම් බලාපොරොත්තුවන දේවල් ගැන සහතිකයය, නොදක්නා දේවල් ගැන ඔප්පුවය."

දෙවියන්වහන්සේ අපට ස්ථීර සහතිකයක් දී ඇත.

1 පේත්‍රැස් 2:24

යේසුස්වහන්සේගේ තුවාල වලින් අපි සුවය ලබා ඇත.

ගීතාවලිය 118:17

අපි නොනැසී, ජීවත්වෙමින්, ස්වාමීන්ගේ ක්‍රියා ප්‍රකාශකරමු.

අපිට බලාපොරොත්තුවක් ඇති වූ විට එය ඇදහිල්ලෙන් ක්‍රියාවට නැංවීමෙන් අපගේ ජීවිතයට ඕනෑම පිළිතුරුක් ලබා ගත හැකියි.


Watch the Sermon Video

Read 490 times