+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

භියද ඇදහිල්ලද - මරණයද ජීවනයද- මනූ මැතානි
December 12, 2021 Sunday Sermon Notes

 

ගීතාවලිය 23:4

එසේය, මරණ සෙවණේ මිටියාවත මැදින් යන්නෙම් නුමුත්, කිසි උපද්‍රවයකට භය නොවන්නෙමි; මක්නිසාද ඔබ මා සමඟය.  ඔබගේ දණ්ඩෙන් හා සැරයටියෙන් මට සැනසිල්ල ලැබේ. 

හෙබ්‍රෙව් 11:6

නුමුත් ඇදහිල්ල නැතුව උන්වහන්සේව ප්‍රසන්නකරන්ට නුපුළුවන. මක්නිසාද දෙවියන්වහන්සේ වෙතට ළඟාවෙන්නා විසින් උන්වහන්සේ විද්‍යමාන බවත්, උන්වහන්සේ සොයන්නන්ට විපාකදෙන කෙනෙකු බවත් විශ්වාසකරන්ට ඕනෑය.

ඇදහිල්ල සහ බිය එකට ක්‍රියා කරන්නේ නැත.

හරිදේ අසමින් අපි තේරුම් ගමු. 

හෙබ්‍රෙව් 2:15

ජීවිතය මුළුල්ලෙහි මරණයට භයින් වහල්කමට යටත්ව සිටි සියල්ලන් නිදහස්කරන පිණිසය. 

ඇදහිල්ල පැමිණෙන්නේ දේව වචනයේ වාර්තාව ඇසීමෙන්. 

භයාදුකමේ ආත්මය පැමිණෙන්නේ වැරදි අසුබ ආරංචි ඇසීමෙන්.

විනිශ්චයකාරයන්ගේ පොත 6 පරිච්ඡේදය 

ගිඩියොන් ස්වාමීන්වහන්සේට සේනාවක් ගොඩ නැගුවේ උන්වහන්සේ පැවසූ තෝරාගැනීම අනුවයි.

හිතෝපදේශ 23:22  නුඹ ජනිතකළ නුඹේ පියාගේ බස් අසන්න;  නුඹේ මෑණියන් මහලුවූ කල ඈ සුළු නොකරන්න. 

1 සාමුවෙල් 17 පරිච්ඡේදය 

දාවිත් ගොලියත් සමඟ සටන්  කරන පිණිස දෙවියන්වහන්සේ තෝරාගත්තේ පළමුව සිංහයාගෙන් හා වළසාගෙන් ජයගත් නිසයි.

1 සාමුවෙල් 17:11

සාවුල්ද සියලු ඉශ්‍රායෙල්වරුන්ද පිලිස්තියයාගේ ඒ වචන අසා තැතිගෙන බොහෝසෙයින් භයපත්වූහ. 

විලාප ගී 3:38

මහෝත්තමයාණන්ගේ මුඛයෙන්ම විපතත් සැපතත් නොනික්මේද? 

යොහන් 6:63

ජීවත්කරන්නේ ආත්මයය; මාංසයෙන් කිසි ප්‍රයෝජනයක් නැත. මා නුඹලාට කී වචන ආත්මයද ජීවනයද වෙයි. 

මනුෂ්‍යයාට ආශීර්වාද කරන්නේ ආත්මයයි.

ආත්මික මනුෂ්‍යයන් ප්‍රඥාව ඇතුවයි ක්‍රියා කරන්නේ.

දාවිත් වළහා වන මාංශය සහ සිංහයා, යක්ෂයාව ජයගත්තා.

යොහන් 5:24

සැබවක් සැබවක් නුඹලාට කියමි-මාගේ වචනය අසා, මා එවූ තැනන්වහන්සේ අදහන්නාට සදාකාල ජීවනය තිබේ, ඔහු විනිශ්චයට පත්නොව, මරණය කෙරෙන් ජීවනයට පැමිණ සිටියි. 

රෝම 8:1

එහෙයින් ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ සිටින්නන්ට දැන් දඬුවමට පත්කිරීමක් නැත. මක්නිසාද ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළවූ ජීවනදායක ආත්මයාණන්වහන්සේගේ ව්‍යවස්ථාව පාපයේද මරණයේද ව්‍යවස්ථාවෙන් මා නිදහස්කළාය.

මලාකි 3:13-18

යොහන් 5:44 එකම දෙවියන්වහන්සේ කෙරෙන් පැමිණෙන ගෞරවය නොසොයා, එකිනෙකාගෙන් ගෞරවය ලබන්නාවූ නුඹලාට විශ්වාසකරන්ට පුළුවන් කොහොමද?

රෝම 8:2

මක්නිසාද ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළවූ ජීවනදායක ආත්මයාණන්වහන්සේගේ ව්‍යවස්ථාව පාපයේද මරණයේද ව්‍යවස්ථාවෙන් මා නිදහස්කළාය.

එපීස 5:10-12

ස්වාමීන්වහන්සේට ප්‍රසන්නව තිබෙන්නේ කිමෙක්ද කියා විභාගකරන්න. අන්ධකාරයේ ඵල නැති ක්‍රියාවලට හවුල් නොවී, ඒවාට දොස් තබන්න; මක්නිසාද ඔවුන් විසින් රහසින් කරන දේ ගැන කථාකිරීම පවා ලජ්ජාවක්ය.

" නැවතත් අලුත් ආඥාවක් නුඹලාට ලියා එවමි, එය උන්වහන්සේ තුළද නුඹලා තුළද සැබෑය; මක්නිසාද අන්ධකාරය පහවේගන යයි, සැබෑවූ ආලෝකය දැනටම බබළයි. ආලෝකයෙහි පවතිමියි කියමින් තමාගේ සහෝදරය

1 යොහන් 2:8-11

8 නැවතත් අලුත් ආඥාවක් නුඹලාට ලියා එවමි, එය උන්වහන්සේ තුළද නුඹලා තුළද සැබෑය; මක්නිසාද අන්ධකාරය පහවේගන යයි, සැබෑවූ ආලෝකය දැනටම බබළයි.

9 ආලෝකයෙහි පවතිමියි කියමින් තමාගේ සහෝදරයාට වෛරවෙන්නා මේතාක් අඳුරෙහි සිටියි.

10 තමාගේ සහෝදරයාට ප්‍රේමවෙන්නා ආලෝකයෙහි පවතියි, පැකිලීමට කාරණයක්ද ඔහු තුළ නැත.

11 නුමුත් තමාගේ සහෝදරයාට වෛරවෙන්නා අන්ධකාරයෙහි සිටියි, අන්ධකාරයෙහි හැසිරෙයි, අන්ධකාරය ඔහුගේ ඇස් අන්ධකළ නිසා තමා කොතැනට යන්නේදැයි ඔහු නොදනියි.


Watch the Sermon Video

Read 688 times