+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

පහව යන දේවල් කෙරෙහි විශ්වාසය නොතබන්න - මනූ මැතානි
December 19, 2021 Sunday Sermon Notes

ඔබ ස්වාමීන්වහන්සේ දෙස බලමින් මේ දිවීම දුවන තුරු ඔබට කිසි අයහපතක් සිදුවන්නේ නැත.

දේව වචනය කිසිදා පහවී නොයයි

උන්වහන්සේ කිසිදා අපගෙන් වෙන් වෙන්නේ නැත.

1 කොරින්ති 7:31

මේ ලෝකය භුක්තිවිඳින්නෝ අධිකලෙස භුක්ති නොවිඳින්නන් මෙන්ද සිටිය යුත්තෝයයි කියමි. මක්නිසාද මේ ලෝකයේ අන්දම පහවෙවී යන්නේය. 

1 යොහන් 2:17

ලෝකයත් ලෝකයේ තෘෂ්ණාවත් පහවයන්නේය. නුමුත් දෙවියන්වහන්සේගේ කැමැත්ත කරන්නා සදාකාලේටම පවතින්නේය. 

ඔබට කිසි දෙයක් අතපසු වී නැත.

ඔබ තුළ සිටින දෙවියන්වහන්සේ කෙරෙයි ඇලුම් වන්න.

ඔබ බලවත් පුද්ගලයෙකුය.

1 යොහන් 4:4 ඔබ තුළ සිටින ස්වාමීන්වහන්සේ බලවත්ය.

අපි දේව කැමැත්ත කරමු. ඒක සදාකාලයටම පවතින්නේය.

1 පේත්‍රැස් 1:23

මක්නිසාද නුඹලා කුණුවෙන්නාවූ බීජවලින් නොව දෙවියන්වහන්සේගේ ජීවමානවූ පවතින්නාවූ වචනය කරණකොටගෙන, කුණු නොවෙන්නාවූ බීජවලින් නැවත උත්පාදකරනු ලැබුවහුය. 

මා තුළ තිබෙන්නේ කුණු නොවෙන සදාකාල ජීවනයයි.

යේසුස්වහන්සේ නිසා අපගේ ජීවිතය වෙනස් මුළුමනින්ම වෙනස් වුණා.

රෝම 6:23

මක්නිසාද පාපයේ කුලී නම් මරණයය; නුමුත් දෙවියන්වහන්සේගේ දීමනාව නම්, අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ සදාකාල ජීවනයය. 

සදහටම පවතින ජීවිතයක් ස්වාමීන්වහන්සේ අපට දී තිබෙන්නේ.

යොහන් 8:44

කිතුනුවෙක් නම් ඔහු නැවත ඉපදිය යුතුයි. 

මතෙව් 7:20

එබැවින් ඔවුන්ගේ ඵලවලින් නුඹලා ඔවුන් ඇඳිනගන්නහුය. 

ඔබගේ ඵල වලින් දැන ගන්නට පුලුවන් ඔබ කොයි ආකාරයේ පුද්ගලයෙකුද කියා.

මතෙව් 7:21

ස්වර්ගයෙහි සිටින මාගේ පියාණන්වහන්සේගේ කැමැත්ත කරන්නා මිස මට: ස්වාමිනි, ස්වාමිනියි කියන සියල්ලෝම ස්වර්ගරාජ්‍යයට ඇතුල් නොවන්නෝය.

දෙවියන්වහන්සේගේ කැමැත්ත අපගේ ජීවිතයේ කරනවාද ?

එළිදරව් 21:7-8

7 ජයගන්නා මේ දේවල් උරුමකරගන්නේය; මම ඔහුගේ දෙවියන්වහන්සේ වන්නෙමි, ඔහු මාගේ පුත්‍රයා වන්නේය.

8 නුමුත් භය ඇත්තන්ටත් අවිශ්වාස කරන්නන්ටත් පිළිකුල්ව සිටින්නන්ටත් මිනීමරන්නන්ටත් වේශ්‍යාකම්කරන්නන්ටත් මායාකාරයන්ටත් රූපවඳින්නන්ටත් සියලු බොරුකාරයන්ටත් ගින්නෙනුත් ගෙන්දගමිනුත් දැවෙන විලෙහි තමුන්ගේ කොටස වන්නේය; එය දෙවෙනි මරණයයයි මට කීසේක.  

2 පේත්‍රැස් 2:21-22

21 මක්නිසාද ඔවුන් ධර්මිෂ්ඨකමේ මාර්ගය දැනගත්තායින් පසු, ඔවුන්ට භාරදුන් ශුද්ධවූ ආඥාවෙන් හැරීයනවාට වඩා ඒ මාර්ගය දැන නොගත්තා නම් ඔවුන්ට යහපත්ය.

22 බල්ලා නැවත උගේ වමනයටත්, නෑවාවූ ඊරී මඩේ පෙරළීමටත් හැරී ගියෝය යන සැබෑවූ උපමාවේ ප්‍රකාරයට ඔවුන්ට සිදුවී තිබේ. 

පහවී යන දේවල් ගැන වැඩි අවධානයක් නොදිය යුතුයි.

1 කොරින්ති 12 පරිච්ඡේදයේ දෙවියන්වහන්සේගේ දීමනා ගැන සඳහන් කරනවා.

මතෙව් 7:22-23

22 ඒ දවසේදී බොහෝ දෙනෙක්: ස්වාමිනි, ස්වාමිනි, ඔබගේ නාමයෙන් අනාගත වචන නොකියෙමුද? ඔබගේ නාමයෙන් යක්ෂයන් දුරු නොකෙළෙමුද? ඔබගේ නාමයෙන් නොයෙක් බලවත් ක්‍රියා නොකෙළෙමුදැයි මට කියනවා ඇත. 

23 එවිට මම: කිසිකලෙකත් නුඹලා නොහැඳින්නෙමි. අධර්මිෂ්ඨකම් කරන්නෙනි, මා කෙරෙන් අහක්ව යන්නැයි ඔවුන්ට කියන්නෙමි.

යොහන් 15:4

මා තුළ පැවතෙන්න, මමත් නුඹලා තුළ පවතින්නෙමි. අත්ත මිදිවැලෙහි නොපවතී නම් තනියම ඵල දරන්ට බැරුවාක්මෙන්, නුඹලා මා තුළෙහි නොපවතිවු නම්, ඵල දරන්ට නුඹලාට බැරිය. 

ගීතාවලිය 91:16

දෙවියන්වහන්සේ අපට දීර්ඝායුෂ දී තිබෙනවා.  නමුත් පහවී යන දේවල් කෙරෙහි විශ්වාසය නොතබන්න.

1 පේත්‍රැස් 1:22

මක්නිසාද නුඹලා කුණුවෙන්නාවූ බීජවලින් නොව දෙවියන්වහන්සේගේ ජීවමානවූ පවතින්නාවූ වචනය කරණකොටගෙන, කුණු නොවෙන්නාවූ බීජවලින් නැවත උත්පාදකරනු ලැබුවහුය. 

1 පේත්‍රැස් 1:23

23 මක්නිසාද නුඹලා කුණුවෙන්නාවූ බීජවලින් නොව දෙවියන්වහන්සේගේ ජීවමානවූ පවතින්නාවූ වචනය කරණකොටගෙන, කුණු නොවෙන්නාවූ බීජවලින් නැවත උත්පාදකරනු ලැබුවහුය. 

24 කුමක්හෙයින්ද:  මාංසමයවූ සියල්ලෝම තණකොළ මෙන්ය, ඔවුන්ගේ මුළු තේජස තණමල මෙන්ය. තණකොළ වියළීයයි, මල් වැටේ. 

25 නුමුත් ස්වාමීන්වහන්සේගේ වචනය සදාකාලේටම පවතින්නේය.  මේ වනාහි නුඹලාට දේශනාකරනලද ශුභාරංචි වචනයය. 

ගලාති 6:7-8

7 නොරැවටෙන්න; දෙවියන්වහන්සේට සරදම්කරන්ට කාටවත් බැරිය. මක්නිසාද මනුෂ්‍යයෙක් තමා වපුරන දේම කපා ගන්නේය.

8 ඒ හැටියට තමාගේ මාංසය සඳහා වපුරන්නා මාංසයෙන් කුණුවීම කපාගන්නේය; ආත්මයාණන්වහන්සේ සඳහා වපුරන්නා ආත්මයාණන්වහන්සේගෙන් සදාකාල ජීවනය කපාගන්නේය.

 


Watch the Sermon Video

Read 509 times