+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

ඔබට ඇත්තේ ජීවන බලාපොරොත්තුවකි- යෝෂා මනූ
December 19, 2021 Sunday Sermon Notes

 

යෙසායා 52:1-2

1 සියොන්, පිබිදෙන්න, පිබිදෙන්න, නුඹේ බලය පැළඳගන්න; ශුද්ධ නුවරවූ යෙරුසලම, නුඹේ අලංකාර වස්ත්‍ර පැළඳගන්න. මක්නිසාද තවත් අචර්මඡේදිතයෙක්වත් අපවිත්‍රයෙක්වත් නැවත නුඹ තුළට නොපැමිණෙන්නේය.

2 යෙරුසලම නුඹ ධූලි ගසාදමා, නැගිට වාඩිවෙන්න. වාලියෙක්වූ සියොන් දුව, නුඹේ බෙල්ලේ බැඳුම් ගළවාදමන්න. 

අපගේ අලංකාර වස්ත්‍රය පැළඳ ගමු. ඒ වස්ත්‍රය යනු කුමක්ද? ප්‍රශංසාව හා ධර්මිෂ්ඨකම. ස්වාමීන්වහන්සේ ප්‍රශංසා කරන්නේ ධර්මිෂ්ඨ සෙනග. කොහොමද ප්‍රශංසාවේ වස්‍ත්‍ර පැළඳ ගෙන. 

ඒ නිසා ප්‍රශංසාවේ වස්ත්‍රය පැළඳ ගන්න. යෙසායා 61:3

අපි ධර්මිෂ්ඨ බැවින් ධර්මිෂ්ඨකමේ වස්ත්‍රය පැළඳ ගමු. යෙසායා 61:10, යෝබ් 29:14

ඇදහිල්ල නිපදවන්නේ බලාපොරොත්තුව දැනටමත් දැක ඇති දේ පමණි. 

ස්වාමීන්වහන්සේ අපගේ මතු අනාගතයේදී අපේ යහපත උදෙසා අපි බලාපොරොත්තු වන දේවල් ලබා දෙනසේක. ඒවා අපේ සඵලත්වය දියුණුවීම, ආශීර්වාදය, උසස්වීම්  හා බහුලත්වය සඳහාය.    

යෙරෙමියා 29:11

මා විසින් නුඹලා ගැන කරන යෝජනා මමම දනිමි, නුඹලාට මතු කාලයේදී බලාපොරොත්තුවක් දීමට ඒවා විපත්තියේ නොව සාමාදානයේ යෝජනායයි ස්වාමීන්වහන්සේ කියනසේක. 

හෙබ්‍රෙව් 11:1

අපි බලාපොරොත්තුවන දේවල්  සහතික කාරන්නේ ඇදහිල්ලයි.

බලාපොරොත්තුව තිබෙන්නේ මතු අනාගතයේ නමුත් ඇදහිල්ල ක්‍රියා කරන්නේ දැන්. අපි බලාපොරොත්තුවන දේවල් අපට ලබා දෙන්නේ ඇදහිල්ලයි.  

සොරා පැමිණෙන්නේ අප තුළ තිබෙන වචනයේ බීජය සොරා ගන්නටයි. බීජයේ ඵල නිපදවන්නේ ඇදහිල්ලයි. අපි වචනය වැපිරූ විට ඇදහිල්ල ඒ වචනයේ බීජය අපි බලාපොරොත්තුවන ඵලදාව ගෙන දෙන්නේය.   

රෝම 4:17-18 

*බලාපොරොත්තු රහිත තත්ත්වයක දී වුව ද ආබ්‍රහම් දෙවියන්වහන්සේගේ පොරොන්දුව විශ්වාස කෙළේය. 

සම්පූර්ණයෙන්ම බලාපොරොත්තු රහිත තත්වයක දී වූවත් අපි ස්වාමීන්වහන්සේ කෙරෙහි ඇදහිල්ල තබමු.

රෝම 4:17-18

17 (නුඹ බොහෝ ජාතීන්ට පියෙකු කෙළෙමියි ලියා තිබෙන ලෙස) ආබ්‍රහම් තමා විශ්වාසකළාවූ, මළවුන් ජීවත්කරන්නාවූ, නැති දේ ඇති දේ මෙන් සඳහන්කරන්නාවූ දෙවියන්වහන්සේ ඉදිරියෙහි අප සියල්ලන්ගේ පියාණෝය.

18 නුඹේ වංශය මෙසේ වන්නේය කියා තිබෙන ලෙස, ආබ්‍රහම්, බොහෝ ජාතීන්ගේ පියා වන පිණිස, බලාපොරොත්තුවීමට ඉඩ නැති තැන බලාපොරොත්තුවෙන් විශ්වාසකෙළේය."

අපට ඇත්තේ ජීවන බලාපොරොත්තුවක් ඇත්තටම එය  සදාකාල  ජීවමාන බලාපොරොත්තුවකි. යේසුස්වහන්සේගේ නැවත නැගිටීම තුළින් එය අපට ලැබුණේ.  

1 පේත්‍රැස් 1:3-5

3 අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පියවූ දෙවියන්වහන්සේට ප්‍රශංසාවේවා. මක්නිසාද අන්තිම කාලයෙහි එළිදරව්වෙන්ට සූදානම්ව තිබෙන ගැළවීමට දෙවියන්වහන්සේගේ බලයෙන් ඇදහිල්ල කරණකොටගෙන ආරක්ෂාකරනු ලබන්නාවූ,

4 නුඹලා උදෙසා ස්වර්ගයෙහි තබා තිබෙන්නාවූ, ජරාවට නොපැමිණෙන්නාවූ, නොකිලුටුවූ, පහ නොවන්නාවූ උරුමයක් ගැන,

5 *ජීවන බලාපොරොත්තුවක්* ලැබෙන පිණිස යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ මළවුන්ගෙන් නැගිටීම කරණකොටගෙන උන්වහන්සේ තමන්ගේ මහත් දයාව ලෙස අප නැවත උත්පාදකළසේක. 

අපි අවසාන දක්වා අපේ බලාපොරොත්තුවේ නිසැකකම ස්ථිරව තදින් අල්ලාගමු.

හෙබ්‍රෙව් 3:6-8

6 නුමුත් ක්‍රිස්තුස්වහන්සේ උන්වහන්සේගේ ගෘහය කෙරෙහි පත්ව සිටින පුත්‍රයෙකු මෙන් විශ්වාසව සිටිසේක. අපි අන්තිමය දක්වා අපේ බලාපොරොත්තුවේ නිසැකකමද පාරට්ටුවද ස්ථිරලෙස අල්ලාගන සිටිමු නම්, උන්වහන්සේගේ ගෘහය අපිය.

7 එබැවින් ශුද්ධාත්මයාණන්වහන්සේ කථාකොට:  අද නුඹලා උන්වහන්සේගේ හඬ අසන්නහු නම්,

8 කාන්තාරයේදී පරීක්ෂාකිරීමේ දවසේ උදහස් ඉපදවීමේදී මෙන් නුඹලාගේ සිත් දැඩිකර නොගන්න. 

1 පේත්‍රැස් 1:13

ඉන්නිසා නුඹලාගේ සිත් නැමති කටි බැඳගෙන සිහි ඇතුව සිට, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ එළිදරව්වීමේදී නුඹලා වෙතට පමුණුවනු ලබන්ට තිබෙන අනුග්‍රහය පිට නුඹලාගේ බලාපොරොත්තුව සම්පූර්ණ ලෙස පිහිටුවන්න.

අපිට විසඳුම ලැබෙන තුරු  බලාපොරොත්තුවේ නිසැකකම අවසානය දක්වා තැබිය යුතුයි.

බලාපොරොත්තුව අවසානයේදී පිළිතුර ඇදහිල්ලෙන් ලබා ගන්නා තුරු ස්වාමීන්වහන්සේ කෙරෙහි පිහිටුවා ගනිමු.

 


Watch the Sermon Video

Read 489 times