+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

ඔබ තුළ තිබෙන බලාපොරොත්තුව අන් අය සමඟ බෙදාගන්න- යෝෂා මනූ
January 2, 2022 Sunday Sermon Notes

 

ශුභ ආරංචිය අපි හැම අය සමඟ බෙදාගමු. 

අප ආශීර්වාදයට පැපැමිණියේ ශුභ ආරංචියේ වචනය ඇසීමෙනි.

අපි ජීවත් වන්නේ දෙවියන්වහන්සේගේ අනුග්‍රහය නිසයි. 

අපගේ පාපය හා වරද කරණකොටගෙන අපි මැරී සිටියා. නමුත් ශුභ ආරංචිය ඇසීමෙන් අපි ගැළවීම ලැබුවා.

අපි උන්වහන්සේග්වෙ දරුවෝ, අපිට ගිවිසුමක් තිබෙනවා, ඒවගේම අයිතිවාසිකම්ද දැන් තිබෙනවා.   

අප තුළ තිබෙන බලාපොරොත්තුව අපි අන් අයට කියමු.

1 පේත්‍රැස් 1:3-5

3 අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පියවූ දෙවියන්වහන්සේට ප්‍රශංසාවේවා. මක්නිසාද අන්තිම කාලයෙහි එළිදරව්වෙන්ට සූදානම්ව තිබෙන ගැළවීමට දෙවියන්වහන්සේගේ බලයෙන් ඇදහිල්ල කරණකොටගෙන ආරක්ෂාකරනු ලබන්නාවූ,

4 නුඹලා උදෙසා ස්වර්ගයෙහි තබා තිබෙන්නාවූ, ජරාවට නොපැමිණෙන්නාවූ, නොකිලුටුවූ, පහ නොවන්නාවූ උරුමයක් ගැන,

5 ජීවන බලාපොරොත්තුවක් ලැබෙන පිණිස යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ මළවුන්ගෙන් නැගිටීම කරණකොටගෙන උන්වහන්සේ තමන්ගේ මහත් දයාව ලෙස අප නැවත උත්පාදකළසේක.

1 කොරින්ති 13:13

දැන් පවතින්නේ ඇදහිල්ල, බලාපොරොත්තුව, ප්‍රේමය යන මේ තුනය; මෙයින් ඉතා උතුම් එක නම් ප්‍රේමයය.

අපි දැන් ජීවත් වන්නේ ඇදහිල්ලෙන්;

ඇදහිල්ල පැපැමිණෙන්නේ දේව වචනය ඇසීමෙන්. රෝම 10:17

ඇදහිල්ල අපගේ ජීවිතයේ අත්තිවාරමයි.

අපි ගැළවීම ලැබූදා පටන් අපට ඇදහිල්ලේ ප්‍රමාණයක් දෙනු ලැබුවා එතැන් පටන් අපි අපගේ ඇදහිල්ල වර්ධනය කර ගත යුතුයි. රෝම 12:3 

රෝම 8:1 එහෙයින් ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ සිටින්නන්ට දැන් දඬුවමට පත්කිරීමක් නැත.

2 කොරින්ති 5:17, 21 අපි නව මැවිල්ල වන්නෙමු. අප දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකමයි. 

රෝම 12:1-2

1 එබැවින් සහෝදරයෙනි, නුඹලාගේ ශරීරයන් ජීවමානවූ, ශුද්ධවූ, දෙවියන්වහන්සේ විසින් පිළිගත හැකිවූ යාගයක් කොට ඔප්පුකරන හැටියට දෙවියන්වහන්සේගේ දයාවන් නිසා නුඹලාගෙන් ඉල්ලමි, එය නුඹලාගේ ආත්මික සේවය වේ.

2 නුඹලා මේ ලෝකයේ ආකාරයට සමාන නොවී, දෙවියන්වහන්සේගේ කැමැත්ත එනම් යහපත්වූ පිළිගත යුතුවූ සම්පූර්ණවූ දෙය කුමක්ද කියා දැනගන්නා පිණිස, සිත අලුත්කරගැනීමෙන් අන්‍යාකාර ඇත්තෝ වෙන්න.

2 කොරින්ති 5:17

එබැවින් යමෙක් ක්‍රිස්තුස්වහන්සේ තුළ සිටින්නේ නම් ඔහු අලුත් මැවිල්ලක්ය. පරණ දේ පහව ගියේය; මෙන්න, සියල්ලම අලුත්වී තිබේ

අපි ගැළවීම ලබන විට මුළුමනින්ම එය ලබා ගන්නවා. අපගේ ආත්මය දෙවියන්වහන්සේගේ ආත්මය සමඟ එක්වී තිබෙනවා. 

දැන් අපගේ මනස අපි දිනපතා දේව වචනයෙන් වෙනස් කර ගත යුතුයි.  

එපීස 4:24

සැබෑවේ ධර්මිෂ්ඨකමින්ද ශුද්ධකමින්ද දෙවියන්වහන්සේට සමානව මවනලද්දාවූ අලුත් මනුෂ්‍යයා පැළඳගන්නා ලෙසය.

ගීතාවලිය 12

යෝෂුවා 1:8

අනුව අපට ආත්මික මනසක් අවශ්‍යයයි. ඒ සඳහා අපි වචනය මෙනෙහි කිරීමෙන් වෙනස් කරගත යුතුයි. 

අපි ධර්මිෂ්ඨකමයි. ධර්මිෂ්ඨයා ජීවත් වන්නේ සිංහයන් මෙනි.

එපීස 4:25-27

25 එහෙයින් බොරුකීම අත්හැරදමා, එක් එක්කෙනා තම තමාගේ අසල්වාසියා සමඟ සැබෑව කථාකරන්න. මක්නිසාද අපි එකිනෙකාගේ අවයවයෝය. කෝපවුණත් පව් නොකරන්න.

26 ඉර බසින තුරු නුඹලාගේ කෝපය පවතින්ට ඉඩ නාරින්න.

27 යක්ෂයාට ඉඩ නොදෙන්න.

හිතෝපදේශ 6:2

නුඹේ මුඛයේ කීම්වලින් පටලැවී, නුඹේ මුඛයේ කීම්වලින් අසුවී සිටින්නෙහි නම්,

අපි කතා කරන වචන වෙනස් කරගමු. යක්ෂයාට අපි ඉඩ දෙන්නේ අපි වැරදි වචන කතා කිරීමෙන්.  

එපීස 4:28-29

28 සොරකම්කළාවූ අය තවත් සොරකම් නොකෙරේවා. ඒ වෙනුවට, හිඟ අයට දෙන්ට පුළුවන්වන පිණිස, තමාගේ අත්වලින් යහපත් වැඩක් කරමින් වීර්යකෙරේවා.

29 නුඹලාගේ මුඛයෙන් කිසි දූෂ්‍ය කථාවක් නික්මෙන්ට ඉඩ නෑර, අසන්නන්ට ප්‍රයෝජන ලැබෙන පිණිස ඕනෑකරන වර්ධනවීම සඳහා යහපත් දේම කියන්න.

එපීස 5:26-27

26 එසේ කළේ සභාව ශුද්ධව, කැලලක් හෝ රැළි හෝ එබඳු යමක් නැතුව,

27 තේජවත් සභාවක් කොට තමන්ට ඔප්පුකරගැනීම සඳහා වචනය නමැති වතුරෙන් සේදීමෙන්, උන්වහන්සේ එය පවිත්‍රකොට පිරිසිදුකරන පිණිසය.

යේසුස්වහන්සේගේ ලේ වලින් උන්වහන්සේගේ වචනයෙන් හා උන්වහන්සේගේ නාමයෙන් නිදහස් වී අපි මනස පවිත්‍ර කරගමු.


Watch the Sermon Video

Read 528 times