+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

ස්වාමීන්වහන්සේට අවශ්‍ය වන්නේ ඔබව සුවකරන්නටත්, ඊටත් වඩා වැඩි දෙයක් කරන්නටත්ය- මනූ මැතානි
January 2, 2022 Sunday Sermon Notes

 

අපගේ ඇදහිල්ල අපි ගොඩනඟා ගත යුතුයි.

ඔබ ශක්තිමත් වෙන්නට අවශ්‍ය නම් ඔබ ශක්තිමත් අය සමඟ කාලය ගත කළ යුතුයි.

නව මනුෂ්‍යයා දිනපතා වෙනස් වෙන්නට තීරණය කළ යුතුයි.

රෝම 3:23

සියල්ලෝම පව්කොට දෙවියන්වහන්සේගේ මහිමයෙන් හීනව සිටිති.

රෝම 6:23

මක්නිසාද පාපයේ කුලී නම් මරණයය;

කෙනෙකුගේ චරිතය ගොඩනැඟෙන්නේ දෙවියන්වහන්සේගේ වචනය තුළින්.

නව මැවිල්ලක් ව්ව්න අයගේ චරිතය වෙනස් වුනා.

රෝම 6:23

මක්නිසාද පාපයේ කුලී නම් මරණයය; නුමුත් දෙවියන්වහන්සේගේ දීමනාව නම්, අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ සදාකාල ජීවනයය. 

අපිට අලුත් ස්වභාවයක් ලැබුණා. යේසුස්වහන්සේ ආදම්ගේ පාප ස්වභාවය දරාගෙන අපට අලුත් ස්වභාවයක් දී තිබෙනවා.

නව උපත තුළින් අපි ලැබුවේ ජීවන බලාපොරොත්තුවයි.

පාපයේ, ශෝකයේ, රෝගයේ කුලී යේසුස්වහන්සේ දරාගෙන අපව නිදහස් කළා, මුදවා ගත්තා.

ගලාති  6:7

නොරැවටෙන්න; දෙවියන්වහන්සේට සරදම්කරන්ට කාටවත් බැරිය. මක්නිසාද මනුෂ්‍යයෙක් තමා වපුරන දේම කපා ගන්නේය. 

උන්වහන්සේ වැපුරූ යහපත් දෙයින් අපි යහපත් දේවල් කපා ගමු.

ආත්මික උපත අපට දෙන්නේ දෙවියන්වහන්සේ පමණයි.

සදාකාල දේවල් කෙරෙහි අපි ආශා විය යුතුයි.

අපගේ ගැළවීම ඉතා අනර්ඝයි.

මනුෂ්‍යයා ගැළවීම ලබාගන්නේ මුදල් වලින් නොවේ. මුදල් වලින් අපට කිසි කෙනෙක් ගළවන්නට නොහැකියි.

1 පේත්‍රැස් 1:23 

තීතස් 3:5

ගීතාවලිය 49:6-8

6 ස්වකීය ධනය විශ්වාසකරන්නාවූ, තමුන්ගේ වස්තු වැඩිකමෙන් අහංකාර වෙන්නාවූ කිසිවෙක්,

7 තමාගේ සහෝදරයා සදාකල් ජීවත්වන පිණිසද කුණුවීම නොදක්නා පිණිසද

8 ඔහු නිදහස්කරන්ටවත් ඔහු උදෙසා දෙවියන්වහන්සේට මිදීමේ මිලයක් දෙන්ටවත් කිසිසේත් සමර්ථ නොවේ.

මිදීමේ ලේ වලින් යේසුස්වහන්සේ අප වෙනුවෙන් ගෙවා මිලදී ගනු ලැබුවා. මිදීමේ ලේ අනර්ඝයි.

මනුෂ්‍යයා ලබන උතුම් ම දේ ගැළවීමයි. ගැළවීම ලබා ගන්නේ කෙනෙකු තනි තීරණය තුළින්.

ලූක් 17:12-13
12උන්වහන්සේ එක්තරා ගමකට ඇතුල්වන කල, කුෂ්ඨරෝගීන් දසදෙනෙක් උන්වහන්සේට සම්මුඛවූවෝය.

13 ඔව්හු දුරින් සිට: යේසුස්වහන්ස, ආචාරීන්වහන්ස, අපට කරුණාකළ මැනවයි ශබ්දනගා කීවෝය.

14 උන්වහන්සේ ඔවුන් දැක: නුඹලා ගොස් පූජකයන්ට පෙනීසිටින්නැයි කීසේක. තවද ඔව්හු යද්දී පවිත්‍රවූවෝය.

15 ඔවුන්ගෙන් එක්කෙනෙක් තමාට සුවවූ බව දැක, මහත් ශබ්දයකින් දෙවියන් වහන්සේට ගෞරවකරමින් හැරී ඇවිත්,

16 උන්වහන්සේගේ පාමුල මුහුණින් වැටී උන්වහන්සේට ස්තුතිකළේය. ඔහු සමාරියයෙක්ය.

17 යේසුස්වහන්සේ උත්තරදෙමින්: දසදෙනාම පවිත්‍රවුණා නොවේද? නුමුත් නවදෙනා කොයිද?

18 මේ විදේශිකයා හැර දෙවියන්වහන්සේට ගෞරවකරන්ට වෙන කිසිවෙක් හැරී නායේද කියා,

19 ඔහුට කථාකොට: නැගිට යන්න. නුඹේ ඇදහිල්ල නුඹ සුවකෙළේයයි (ගැළවීම ලබා ගත්සේක) කීසේක. 

යොහන් 9:31-33

31 දෙවියන්වහන්සේ පව්කාරයන්ගේ බස් නොඅසන බවත් යමෙක් දෙවියන්වහන්සේට නමස්කාරකරන්නෙක්ව උන්වහන්සේගේ කැමැත්තකරන්නේ නම් ඒ අයගේ බස් අසන බවත් අපි දනිමුව.

32 කිසිවෙක් අන්ධව උපන් කෙනෙකුගේ ඇස් පෑදූ බව ලෝකයේ පටන්ගැන්මේ සිට කවදාවත් නෑසූ දෙයක්ය.

33 මුන්වහන්සේ දෙවියන්වහන්සේ කෙරෙන් නාසේක් නම් කිසිදෙයක් කරන්ට උන්වහන්සේට නුපුළුවනැයි කීවේය.

යොහන් 9:34-37

34 ඔව්හු උත්තරදෙමින්: සියලු ආකාරයෙන් පාපවල උපන් නුඹ අපට උගන්වනවාදැයි කියා ඔහු අහක්කළෝය.

35 ඔවුන් ඔහු අහක්කළ බව යේසුස්වහන්සේට ආරංචිවිය; උන්වහන්සේට ඔහු සම්බව: නුඹ දෙවියන්වහන්සේගේ පුත්‍රයා කෙරෙහි අදහනවාදැයි ඇසූසේක.

36 ඔහු උත්තරදෙමින්; ස්වාමිනි, උන්වහන්සේ කෙරෙහි මා අදහන පිණිස උන්වහන්සේ කවුදැයි ඇසීය.

37 යේසුස්වහන්සේ ඔහුට කියනසේක්: නුඹ උන්වහන්සේ දුටුවෙහිය, නුඹ සමඟ කථාකරන්නෙත් උන්වහන්සේයයි කීසේක. 

යොහන් 9:38

ස්වාමිනි, මම අදහමියි කියා ඔහු උන්වහන්සේට නමස්කාරකෙළේය. 

යොහන් 4:24 

යොහන් 5:5-14

5 තිස්අට අවුරුද්දක් දුර්වලකමෙන් පීඩිතවූ එක්තරා මනුෂ්‍යයෙක් එහි සිටියේය.

6 ඔහු ඔත්පළව ඉන්නවා යේසුස්වහන්සේ දැක, ඔහු දැනට බොහෝ කලක සිට ඒ ආකාරව සිටි බව දැන: නුඹ සුවය ලබන්ට කැමැත්තෙහිදැයි ඔහුගෙන් ඇසූසේක.

7 රෝගියා උන්වහන්සේට උත්තරදෙමින්: ස්වාමිනි, වතුර කැලඹෙනකල මා පොකුණට බස්වන්ට කිසිවෙක් මට නැත. මා යන කල වෙන කෙනෙක් මට පළමුවෙන් බසින්නේයයි කීවේය.

8 නැගිට නුඹේ යහන රැගෙන යන්නැයි යේසුස්වහන්සේ ඔහුට කීසේක.

9 එකෙණෙහිම ඒ මනුෂ්‍යයා සුවපත්ව, තමාගේ යහන රැගෙන ගියේය.

10 ඒ දවස සබත් දවසය. එහෙයින් යුදෙව්වරු: අද සබත් දවසය, යහන රැගෙන යන්ට යුතු නැතැයි සුවකරනු ලැබූ මනුෂ්‍යයාට කීවෝය.

11 නුමුත් ඔහු ඔවුන්ට උත්තරදෙමින්: මා සුවකළ තැනැත්තේම-නුඹේ යහන රැගෙන යන්නැයි මට කීසේකැයි කීවේය.

12 නුඹේ යහන රැගෙන යන්නැයි නුඹට කී මනුෂ්‍යයා කවුදැයි ඔව්හු ඔහුගෙන් ඇසුවෝය.

13 ඒ ස්ථානයේ සමූහයක් සිටි බැවින් යේසුස්වහන්සේ අහක්ව ගොස් සිටිසේක; එබැවින් සුවකරනු ලැබූ මනුෂ්‍යයා උන්වහන්සේ කවුද කියා දැන නොගත්තේය.

14 ඉන්පසු යේසුස්වහන්සේ දේවමාළිගාවේදී ඔහු දැක: බලන්න, නුඹ සුවය ලැබුවෙහිය. නුඹට මීට වඩා නරකක් සිදු නොවන පිණිස, තවත් පව් නොකරන්නැයි ඔහුට කීසේක. 

යොහන් 8:7-11

7 ඔවුන් උන්වහන්සේගෙන් අස අසා සිටියදී උන්වහන්සේ කෙලින්වී ඔවුන්ට කථාකොට: නුඹලා අතරෙන් පව් නැත්තා ඈට පළමුකොට ගලක් ගසාවයි කියා,

8 නැවතත් නැමී ඇඟිල්ලෙන් බිම ලිවූසේක.

9 ඔව්හු ඒ අසා වැඩිමහල්ලා පටන් බාලයා දක්වා එකිනෙකා පිටතට ගියෝය. යේසුස්වහන්සේ පමණක් එහි සිටිසේක, ස්ත්‍රීද සිටි තැනම මැද සිටියාය.

10 යේසුස්වහන්සේ කෙලින් වී, ස්ත්‍රියට කථාකොට: ඔව්හු කොහේද? කිසිවෙක් නුඹ වරදට පත්කළේ නැද්දැයි ඇසූසේක. ස්වාමිනි, නැතැයි ඈ කීවාය.

11 එවිට යේසුස්වහන්සේ: මමත් නුඹ වරදට පත් නොකරමි. යන්න, මෙතැන් පටන් තවත් පව් නොකරන්නැයි ඈට කීසේක.

යොහන් 4:17-18

17 ස්ත්‍රීද උන්වහන්සේට උත්තරදෙමින්: මට පුරුෂයෙක් නැතැයි කීවාය. යේසුස්වහන්සේ ඈට කිය්න්සේක්: මට පුරුෂයෙක් නැතැයි නුඹ කීවා හරිය.

18 මක්නිසාද නුඹට පුරුෂයන් පස්දෙනෙක් සිටියෝය; නුඹට දැන් සිටින තැනැත්තා නුඹේ පුරුෂයා නොවේ. එය නුඹ සැබෑලෙස කීවෙහියයි කීසේක. 

බයිබලයේ සියලු දේවල් සිදුවූ ආකාරයටම සටහන් කර තිබෙනවා.  නමුත් සියල්ලම සත්‍යය නොවේ.

යොහන් 4:19-23

19 ස්ත්‍රී උන්වහන්සේට කියන්නී: ස්වාමිනි, ඔබ අනාගතවක්තෘ කෙනෙකු බව මට පෙනේ.

20 අපගේ පියවරු මේ කන්දේදී නමස්කාරකළෝය; නුමුත් මනුෂ්‍යයන් විසින් නමස්කාරකරන්ට යුතු ස්ථානය යෙරුසලමේයයි නුඹවහන්සේලා කියන්නහුයයි කීවාය.

21 යේසුස්වහන්සේ ඈට කියනසේක්: ස්ත්‍රිය, මා විශ්වාසකරන්න, මේ කන්දේදීවත් යෙරුසලමේදීවත් නුඹලා පියාණන්වහන්සේට නමස්කාර නොකරන කාලය පැමිණෙන්නේය.

22 නුඹලා නමස්කාරකරන්නේ නොදන්නා දේටය. අපි දන්නා දේට නමස්කාරකරමුව. මක්නිසාද ගැළවීම යුදෙව්වරුනගෙන්ය.

23 නුමුත් සැබෑ නමස්කාරකරන්නන් විසින් ආත්මයෙන්ද සැබෑකමෙන්ද පියාණන්වහන්සේට නමස්කාරකරන කාලය පැමිණෙන්නේය, දැනටම පැමිණ තිබේ. මක්නිසාද පියාණන්වහන්සේ තමන්ට නමස්කාරකරන්නන් වන පිණිස එබඳුවූවන් සොයනසේක. 

රෝම 1:21-25

21 මක්නිසාද ඔව්හු දෙවියන්වහන්සේ ඇඳිනගනත් උන්වහන්සේට දෙවියන්වහන්සේ මෙන් ගෞරවයවත් ස්තුතිවත් නොකොට, තමුන්ගේ විතර්කවලින් නිරර්ථක බවට පැමුණුණෝය, ඔවුන්ගේ අඥාන සිත්ද අඳුරුවිය.

22 තුමූම ප්‍රඥාවන්තයෝයයි කියමින් ඔව්හු අඥානයෝව,

23 ජරාවට නොපැමිණෙන්නාවූ දෙවියන්වහන්සේගේ මහිමය ජරාවට පැමිණෙන්නාවූ මනුෂ්‍යයාගේද පක්ෂීන් හා සිවුපාවුන්ගේද බඩගායන ජාතීන්ගේද රූපවලට සමානවෙන ලෙස මාරුකළෝය.

24 එබැවින් ඔවුන් තම තමුන්ගේ සිත්වල තෘෂ්ණා කරණකොටගෙන තමුන්ගේ ශරීරවලට අවමාන්නකරගන්න හැටියට දෙවියන්වහන්සේ ඔවුන් අපවිත්‍රකමට පාවාදුන්සේක.

25 එසේ කළේ ඔවුන් දෙවියන්වහන්සේගේ සත්‍යය බොරුවකට මාරුකර, මැවුම්කාරයාණන්වහන්සේට නොව මැවිල්ලට නමස්කාරකමින් මෙහෙකළ නිසාය. උන්වහන්සේ සදාකල්හිම ප්‍රශංසනීයව සිටිනසේක. ආමෙන්. 

2 කොරින්ති 4:4

2 කොරින්ති 4:7

නුමුත් ඒ බලයේ ඉතා උතුම්කම අපට නොව දෙවියන්වහන්සේට අයිතිවන පිණිස මේ වස්තුව අපි මැටි භාජනවල දරමුව. 

ලූක් 16:15

" උන්වහන්සේ ඔවුන්ට කියනසේක්: නුඹලා නම් මනුෂ්‍යයන් ඉදිරියෙහි තමුන් ධර්මිෂ්ඨකරගන්න අයය; නුමුත් දෙවියන්වහන්සේ නුඹලාගේ සිත් දන්නාසේක. මක්නිසාද මනුෂ්‍යයන් අතරේ උතුම්කොට සලකන දෙය දෙවියන්වහන්සේ ඉදිරියෙහි පිළිකුලක්ය.


Watch the Sermon Video

Read 549 times