+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

ඔබේ දුර්වල මොහොතේදී ඔබ බලවත්සේ නැඟී සිටින්න - මනූ මැතානි
January 7, 2022 Bible Study Notes

 

සිකුරාදා බයිබල් අධ්‍යයනයට අපි ඔබව ආදරයෙන් පිළිගන්නෙමු. 

ඇදහිල්ලෙන් අපට ලෝකයාගෙන්, මාංශාකාර දේවල්වලින් සහ සතුරාගේ ක්‍රියාවන්ගෙන්ද ජය ගන්නට පුලුවන.  

2 තෙසලෝනික් 3:1-3

1 ඉතින්, සහෝදරයෙනි, නුඹලා අතරෙහි සිද්ධවුණාක්මෙන් [වෙන තැන්වලත්] ස්වාමීන්වහන්සේගේ වචනය පතළවී ගොස් ගෞරවයට පැමිණෙන පිණිසද,

2 හිතුවක්කාර නපුරු මනුෂ්‍යයන්ගෙන් අප ගළවනු ලබන පිණිසද අප උදෙසා යාච්ඤාකරන්න; මක්නිසාද සියල්ලන්ටම ඇදහීම නැත.

3 නුමුත් ස්වාමීන්වහන්සේ විශ්වාසව සිටිනසේක, උන්වහන්සේ නුඹලා ස්ථිරකොට නපුරාගෙන් ආරක්ෂාකරනසේක.

අපිට හැඟෙන දේවල් නොවෙයි වැදගත් වන්නේ. අප මුහුණ දෙන යක්ෂකාර දේවල් වලට එරෙහිව  අපවම ශක්තිමත් කර ගැනීම ඉතා වැදගත්.

1 සාමුවෙල් 30:6

දාවිත් තද අමාරුවට පත්විය; මක්නිසාද මුළු සෙනඟගේ සිත් තම තමුන්ගේ පුත්‍රයන්ද දූවරුන්ද ගැන ශෝකවුණ බැවින් ඔහුට ගල්ගසන්ට සෙනඟ කථාකළෝය. නුමුත් දාවිත් තමාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ තුළ ශක්තිය උපදවාගත්තේය.

1 සාමුවෙල් 30:4

එවිට දාවිත්ද ඔහු සමඟ සිටි සෙනඟද ඔවුන්ට තවත් අඬන්ට පුළුවන්කම නැතිවෙන තුරුම ශබ්දනගා ඇඬුවෝය.

1 සාමුවෙල් 30:6 

අපි තද අමාරුවට පත්වෙන සෑම අවස්ථාවේදී ස්වාමීන්වහන්සේ වෙතට යමු.  අපගේ ශක්තිය ලබා ගන්නා පිණිස උන්වහන්සේගෙන් උපදෙස් ගමු.

අපි අධෛර්මත් වී සිටින අවස්ථාවේදී අපි අනෙක් අයව ශක්තිමත් කරමු.

මතෙව් 18:19

නැවතත් නුඹලාට කියමි: පොළොවේදී නුඹලාගෙන් දෙදෙනෙක් තමුන් ඉල්ලන යමක් ගැන එක්සිත්වන්නෝ නම්, ස්වර්ගයෙහි සිටින මාගේ පියාණන්වහන්සේගෙන් ඒ දේ ඔවුන්ට ලැබෙන්නේය.

අපගේ ප්‍රශ්න සෑම තැනටම ගොසින් ප්‍රචාරය කිරීම නතර කළ යුතුයි.

අපි සිටින ස්ථානයේම සිටිමින් උන්වහන්සේ සමඟ සම්බන්ධකමක් පවත්වා ගෙන ගී ගයමින් ස්වාමීන්වහන්සේව නමස්කාර කරමු.

ඔබ උන්වහන්සේගේ පොරොන්දු සමඟ එකඟ වන්න.

1 පේත්‍රැස් 2:24

අප පාපවලට නැසී ධර්මිෂ්ඨකමට ජීවත්වන පිණිස, උන්වහන්සේම තමන්ගේ ශරීරයෙන් ගස පිටදී අපගේ පාපයන් ඉසුලූසේක; උන්වහන්සේගේ තුවාලවලින් නුඹලා සුවකරනු ලැබුවහුය.

අපි ප්‍රශ්නය වර්ණනා නොකර පොරොන්දුව ප්‍රකාශ කරමු.  

යාකොබ් 4:7

එබැවින් දෙවියන්වහන්සේට යටත්ව සිටින්න; නුමුත් යක්ෂයාට විරුද්ධව සිටින්න, එවිට ඔහු නුඹලා වෙතින් පලායනවා ඇත.

දෙවියන්වහන්සේට යටත් වීම යනු දේව වචනයට යටත් වීමයි.  

හෙබ්‍රෙව් 10:23

අපේ බලාපොරොත්තුවේ ප්‍රකාශකිරීම චංචල නොවන පිණිස එය තදින් අල්ලාගෙන සිටිමු; මක්නිසාද පොරොන්දුව දුන් තැනන්වහන්සේ විශ්වාසව සිටිනසේක.

වචනය ප්‍රකාශ කළාට පසු ස්තුතිදීමේ යාච්ඤාව පුද කරමු. එය යාගයක් සේ උන්වහන්සේට පූජා කරමු. 

හෙබ්‍රෙව් 13:15

එබැවින් දෙවියන්වහන්සේගේ නාමයට ස්තුතිකරන තොල්වල ඵල වන ප්‍රශංසාව නමැති පූජාව උන්වහන්සේම කරණකොටගෙන නිතරම දෙවියන්වහන්සේට ඔප්පුකරමු.

1 පේත්‍රැස් 3:12

නුමුත් නුඹලාගේ සිත්වලින් ස්වාමීන්වහන්සේ කොට ක්‍රිස්තුස්වහන්සේට ගෞරවකරන්න. නුඹලා තුළ ඇත්තාවූ බලාපොරොත්තුව ගැන නුඹලාගෙන් අසන සියල්ලන්ට උත්තරදෙන්ට නිතර සෑදී සිටින්න, නුමුත් මෘදුකමින්ද යටහත්කමින්ද එසේ කළ යුතුය.

උන්වහන්සේ අපව ධර්මිෂ්ඨක කළේ නව මැවිල්ලක් වීමෙන් පසුවය.

1 යොහන් 1:5

අප විසින් උන්වහන්සේගෙන් අසා තිබෙන්නාවූ, නුඹලාට දන්වන්නාවූ පණිවිඩය නම්, දෙවියන්වහන්සේ ආලෝකය බවත් උන්වහන්සේ තුළ කිසිම අන්ධකාරයක් නැති බවත්ය.

යාකොබ් 3:11-12

11 උල්පත එක සිදුරෙන් මිහිරි දියත් තික්ත දියත් නිකුත්කරයිද?

12 මාගේ සහෝදරයෙනි, අත්තික්කා ගහේ ඔලීව ඵලවත් මුද්‍රික වැලේ අත්තික්කා ඵලවත් හටගන්ට පුළුවන්ද? කරදියෙන් මිරිදිය නික්මෙන්ට නුපුළුවන.

ස්වාමීන්වහන්සේගේ වචනය අපගේ ආලෝකයයි. උන්වහන්සේ තුළ කිසි අන්ධකාරයක් නැත.

ප්‍රශ්න, කරදර, වියවුල, කාලකණ්නිභාවය, ශාපය යන මේ සියල්ලම අන්ධකාරයේ ක්‍රියා වේ.

යොහන් 8:12

එබැවින් යේසුස්වහන්සේ නැවත ඔවුන්ට කථාකරමින්: මම ලෝකයේ ආලෝකයය. මා අනුව එන්නා අන්ධකාරයෙහි නොහැසිර ජීවනයේ ආලෝකය ලබන්නේයයි කීසේක.

අන්ධකාරය සහ ආලෝකය සම්පූර්ණයෙන්ම වෙනස්. ඒ දෙකම එකට සමාන කළ නොහැකියි.

උන්වහන්සේ අනුව ගමන් කරන විට ඔබ ඒ අන්ධකාරයේ ක්‍රියාවන් වලට දුරුවී යන්න කියා අණ කරන්න.

ආලෝකය අනුව ගමන් කිරීමට නම් පළමුව අපි උන්වහන්සේ පිළිගත යුතුයි. උන්වහන්සේට අපගේ හදවත තුළට ඇතුළු වන පිණිස ආරාධනා කරන්න.  

යොහන් 1:7-12

7 ඔහු කරණකොටගෙන සියල්ලන් විසින් අදහන පිණිස ආලෝකය ගැන සාක්ෂිදෙන්ට ඔහු සාක්ෂි පිණිස ආවේය.

8 ඔහු ඒ ආලෝකය නොව ඒ ආලෝකය ගැන සාක්ෂිදෙන පිණිස ආ තැනැත්තේය.

9 ලෝකයට එන්නාවූ සියලු මනුෂ්‍යයන් ආලෝකකරන්නාවූ ආලෝකය සත්‍යවූ ආලෝකයය.

10 උන්වහන්සේ ලෝකයෙහි සිටිසේක, ලෝකයද උන්වහන්සේ කරණකොටගෙන සාදනලද්දේය, නුමුත් ලෝකයා උන්වහන්සේ ඇඳින ගත්තේ නැත.

11 උන්වහන්සේ ස්වකීය ස්ථානවලට ආසේක, ස්වකීයයෝ උන්වහන්සේ පිළි නොගත්තෝය.

12 නුමුත් යම් පමණ දෙනෙක් උන්වහන්සේ පිළිගත්තෝද, එනම් උන්වහන්සේගේ නාමය කෙරෙහි අදහාගන්නෝද, ඔවුන්ට දෙවියන්වහන්සේගේ දරුවන් වෙන්ට උන්වහන්සේ බලය දුන්සේක.

ගීතාවලිය 34:8

යෙසායා 43:18-20

බලව, මම අමුතු දෙයක් කරන්නෙමි; දැන් ඒක අටගන්නවා ඇත; නුඹලා ඒක නොදන්නහුද? මම කාන්තාරයෙහි පවා මාර්ගයක්ද වනයෙහි ගංගාද සාදන්නෙමි. මා විසින් තෝරාගත් මාගේ සෙනඟට වතුර දෙන්ට මම කාන්තාරයෙහි වතුරද වනයෙහි ගංගාද දෙන නිසා, සිවලුන්ද පැස්බරුන්ද ඇතුළුව වනයේ සත්වයෝ මට ගෞරවකරන්නෝය. මා විසින් මටම උපදවාගත් ඒ සෙනඟ මාගේ ප්‍රශංසාව දක්වනවා ඇත.

යොහන් 8:12

එබැවින් යේසුස්වහන්සේ නැවත ඔවුන්ට කථාකරමින්: මම ලෝකයේ ආලෝකයය. මා අනුව එන්නා අන්ධකාරයෙහි නොහැසිර ජීවනයේ ආලෝකය ලබන්නේයයි කීසේක.

1 යොහන් 1:6-8

අපි උන්වහන්සේ සමඟ පංගුකාරකම ඇතැයි කියමින් අන්ධකාරයෙහි හැසිරෙමුනම්, අපි බොරු කියනවා මිස සැබෑව නොකරමුව.

7 නුමුත් උන්වහන්සේ ආලෝකයෙහි සිටින්නා සේම අපිත් ආලෝකයෙහි හැසිරෙමු නම්, අපට එකිනෙකා සමඟ පංගුකාරකම ඇත්තේය, උන්වහන්සේගේ පුත්‍රවූ යේසුස්වහන්සේගේ ලේද සියලු පාපවලින් අප පවිත්‍රකරන්නේය.

8 අපට පාපය නැතැයි කියමු නම්, අපි අපම රවටාගනිමුව, සැබෑවද අප තුළ නැත.

යොහන් 1:8-9

අපට පාපය නැතැයි කියමු නම්, අපි අපම රවටාගනිමුව, සැබෑවද අප තුළ නැත. අපේ පාපවල් කියාදෙමු නම්, අපේ පව් අපට කමාකරන්ටත් සියලු අධර්මිෂ්ඨකමින් අප පවිත්‍රකරන්ටත් උන්වහන්සේ විශ්වාසව ධර්මිෂ්ඨව සිටිනසේක. අපි පව්කළේ නැතැයි කියමු නම්,

ලෞකික ශෝකය මරණය ගෙන දෙන්නේය.

1 පේත්‍රැස් 3:12

මක්නිසාද ස්වාමීන්වහන්සේගේ ඇස් ධර්මිෂ්ඨයන් කෙරෙහිත් උන්වහන්සේගේ කන් ඔවුන්ගේ කන්නලව්ව දෙසටත් යොමා තිබේ. නුමුත් ස්වාමීන්වහන්සේගේ මුහුණ නපුර කරන්නන්ට විරුද්ධව තිබේ.


Watch the Sermon Video

Read 508 times