+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

මාංශයේ බාධාව ඉවත් කරන්න - මනූ මැතානි
January 9, 2022 Sunday Sermon Notes


හිතෝපදේශ 13:12

පැතූ දේ ප්‍රමාදවීමෙන් සිත කලකිරෙන්නේය;  එහෙත් ආශාව ඉෂ්ටවීම ජීවන වෘක්ෂයක්ය.

හිතෝපදේශ 4:23

සියල්ලටම වඩා නුඹේ සිත ආරක්ෂාකරගන්න;  මක්නිසාද එයින් ජීවනය නික්මෙන්නේය. 

ලූක් 4:4

යේසුස්වහන්සේ ඔහුට උත්තරදෙමින්: මනුෂ්‍යයා රොටි පමණකින් ජීවත් නොවන්නේය කියා ලියා තිබේයයි කීසේක. 

ගලාති 4:28

ඉදින්, සහෝදරයෙනි, ඊසාක් මෙන් අපිත් පොරොන්දුවේ දරුවෝය. 

උත්පත්ති 3:15

"මම තා සහ ස්ත්‍රිය අතරෙහිද තාගේ වංශය සහ ඇගේ වංශය අතරෙහිද සතුරුකම තබන්නෙමි; ඒ වංශය තාගේ හිස පොඩිකරන්නේය, තෝ ඔහුගේ විලුඹ පොඩිකරන්නෙහියයි කීසේක. 

අපි ඊසාක් සිනහව, පොරොන්දුවේ දරුවෝ. 

ගලාති 4:29

නුමුත් මාංසාකාරයෙන් උපන් තැනැත්තා ආත්මයාණන් කරණකොටගෙන උපන් තැනැත්තාට එකල්හි පීඩාකළා සේම දැනුත් වන්නේය. 

මාංශයත් ආත්ම‍යත් අතර නිතරම සටනක්, විරුද්ධවතාවක් ඇතිවෙනවා. නමුත් මාංශය අපි කපා දමමු, පිටමං කරමු.

ගලාති 4:29......

ගලාති 5:7

නුඹලා හොඳාකාර දුවමින් උන්නහුය; සත්‍යයට කීකරු නොවන ලෙස නුඹලාට බාධාකළේ කවුද? 

ආත්මයෙන් ජීවත් වීම සැහැල්ලුවක් නමුත් මාංශයෙන් ජීවත් වීම බරක්.

ගලාති 4:30

එසේවී නුමුත් ලියවිල්ලේ කුමක් කියා තිබේද? දාසිය සහ ඇගේ පුත්‍රයාත් පිටත දමන්න. මක්නිසාද දාසියගේ පුත්‍රයාට නිර්දාසියගේ පුත්‍රයා සමඟ උරුමය නොලැබෙන්නේය යනුයි.

භිය, නොඇදහිලිකාරකම මාංශාකාර ක්‍රියාවන් අපි කපා දමමු.

යක්ෂයාට පොරොන්දු ඉෂ්ට කළ නොහැකියි.

යේසුස්වහන්සේගේ කුරුසපත්වීමෙන් යක්ෂයාගේ බලය සම්පූර්ණයෙන්ම විනාශ කළා. 

උන්වහන්සේගේ නැවත නැගිටීමෙන් ජයග්‍රහණයක් ලබා ගත්තේ අපි.

හෙබ්‍රෙව් 2:14-15

14 එහෙයින් දරුවන් ලේ හා මාංසයට පංගුකාරයන්ව සිටින නිසා උන්වහන්සෙත් එම ආකාරයෙන් ඒවාට පංගුකාරයෙක් වූසේක. එසේ කළේ මරණය කෙරෙහි බලය ඇත්තා වන යක්ෂයාව මරණය කරණකොටගෙන බල නැතිකොට,

15 ජීවිතය මුළුල්ලෙහි මරණයට භයින් වහල්කමට යටත්ව සිටි සියල්ලන් නිදහස්කරන පිණිසය. 

රෝම 4:24-25

24 මක්නිසාද අපේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේව මළවුන්ගෙන් නැගිටෙවු තැනන්වහන්සේ කෙරෙහි අදහන්නාවූ අපටත් එය ගණන්ගනු ලබන්නේය.

25 උන්වහන්සේ වනාහි අපේ වරද නිසා පාවාදෙනු ලැබ, අප ධර්මිෂ්ඨකොට ගණන්ගනු ලැබීම සඳහා නැගුටුවනු ලැබූසේක.

1 කොරින්ති 1:18

මක්නිසාද කුරුසියේ වචනය විනාශවන්නන්ට මෝඩකමය; නුමුත් ගැළවෙන්නාවූ අපට ඒක දෙවියන්වහන්සේගේ බලයය. 

රෝම 8:16

අපි දෙවියන්වහන්සේගේ දරුවෝයයි ආත්මයාණන්වහන්සේම අපේ ආත්මය එක්ව සාක්ෂිදෙනසේක.

ගීතාවලිය 133:1-3

1 කොරින්ති 1:18...

හෙබ්‍රෙව් 4:12

මක්නිසාද දෙවියන්වහන්සේගේ වචනය ජීවමානය, බලවත්ය, කොයිම දෙමුහත් කඩුවකටවත් වඩා තියුණුය, ප්‍රාණය හා ආත්මයද සන්ධි හා ඇටමිදුළුද වෙන්කරන තරමට කාවදින්නේය, සිතේ සිතිවිලිද අදහස්ද විමසන්නේය. 

2 යොහන් 1:6

ප්‍රේමය නම් උන්වහන්සේගේ ආඥා ලෙස හැසිරීමය. ආඥාව නම් නුඹලා පටන්ගැන්මේ සිට ඇසූ ලෙස ප්‍රේමයෙහි හැසිරීමය. 

මැවිල්ලේ උසස්තම වස්තුව මනුෂ්‍යයාය.

උත්පත්ති 1:26

1 යොහන් 4:8

දෙවියන්වහන්සේ ප්‍රේමයයි.

රෝම 6:23

හෙබ්‍රෙව් 2:3
පළමුවෙන් ස්වාමීන්වහන්සේ කරණකොටගෙන කියනලද්දාවූ, ඇසූවන් විසින් අපට ස්ථිරකරදුන්නාවූ මෙපමණ මහත් ගැළවීම අපි නොසලකා සිටියොත් කොහොම ගැළවෙමුද? 

රෝම 14:17

යොහන් 14:27

නුඹලා වෙත සමාදානය තබා යමි; මාගේ සමාදානය නුඹලාට දෙමි. මා දෙන්නේ ලෝකයා දෙන්නාක් මෙන් නොවේ. නුඹලාගේ සිත් කැලඹෙන්ටවත් භයවෙන්ටවත් නොදෙන්න. 

යූද් 1:17-21

17 නුමුත් ප්‍රේමවන්තයෙනි, අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රේරිතයන් විසින් පළමු කියනලද වචන,

18 එනම්: අන්තිම කාලයෙහිදී තමුන්ගේ අභක්තික තෘෂ්ණාවල හැටියට හැසිරෙන සරදම්කරන්නන් සිටිනවා ඇතැයි ඔවුන් නුඹලාට කී හැටි සිහිකරන්න.

19 මොව්හු මාංසිකව, ආත්මයාණන්වහන්සේ නැතුව, භේදකරන්නෝය.

20 නුමුත් ප්‍රේමවන්තයෙනි, නුඹලා වනාහි නුඹලාගේ ඉතා ශුද්ධ ඇදහිල්ල පිට නුඹලාම ගොඩනඟාගනිමිනි, ශුද්ධාත්මයාණන්වහන්සේ තුළ සිට යාච්ඤාකරමින්,

21 සදාකාල ජීවනය පිණිස අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දයාව බලාසිටිමින්, දෙවියන් වහන්සේගේ ප්‍රේමයෙහි පවතින්න. 

ඔබගේ ශුද්ධ ඇදහිල්ල ගොඩනඟන්න.

රෝම 1:16


Watch the Sermon Video

Read 512 times