+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

දෙවියන්වහන්සේගේ වචනය දැනගැනීම - මනූ මැතානි
January 14, 2022 Bible Study Notes

හොෂෙයා 4:6

මාගේ සෙනඟ දැනගැන්ම නැතිකමෙන් නාස්තිවී සිටිති. නුඹ දැනගැන්ම එපාකළ නිසා මට පූජකකම්කිරීමෙන් මමත් නුඹ එපාකරන්නෙමි. නුඹ නුඹේ දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාව මතකනැතිකළ නිසා මමත් නුඹේ දරුවන් මතක නැතිකරන්නෙමි.

ඔබ දෙවියන්වහන්සේගෙන් යම් දෙයක් ගැන ප්‍රශ්න කරනවා විය හැකියි.

අපි ගැළවීම ලැබුවේ අපගේ ක්‍රියාවන් වලින් නොවන නිසා අපට එය රැකගන්නටත් බැරි වන්නේත් ඒ නිසයි.

අපි බයිබලය අධ්‍යයනය කළ යුතුයි, ඒ සමඟ කාලය ගත කිරීම වැදගත්.

දෙවියන්වහන්සේ අපගේ පියාණන් සහ අපි උන්වහන්සේගේ දරුවන් වී සිටින්නේ. 

දෙවියන්වහන්සේ කිසිදා ප්‍රශ්න, කරදර  එවමින් අපට පාඩම් උගන්වන්නේ නැත.

දෙවියන්වහන්සේගේ කැමැත්ත නම් අපට වචනය උගන්වන පිණිසයි.

හොෂෙයා 6:6

මම පූජාවට නොව කරුණාවටත් දවන පූජාවලට වඩා දෙවියන්වහන්සේ ඇඳිනගැන්මටත් කැමැත්තෙමි.

දෙවියන්වහන්සේගේ කැමැත්ත අපි  උන්වහන්සේව දැන හඳුනා ගැනීමෙන් උන්වහන්සේගේ අනුග්‍රහය දැන ගැනීමයි. එය අප අත් දකින්නේ යේසුස්වහන්සේගේ පූජාව තුළින් උන්වහන්සේව ඇඳිනගැන්මයි.

උන්වහන්සේ වෙනස් වන්නේ නැත. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ඊයෙත් අදත් සදාකාලයටත් එකාකාරමය. හෙබ්‍රෙව් 13:8‭

දෙවියන්වහන්සේගේ නව උපත ලබා ගැනීමෙන් අපි උන්වහන්සේගෙන් උපකාරය ලබාගෙන මේ ගමන ගමන් කළ යුතුයි. 

හිතෝපදේශ 13:13

දේව වචනය සුළුකර සිතන්නාට විනාශය පැමිණෙයි; එහෙත් ආඥාවට භය ඇත්තා විපාක ලබයි.

දේව වචනය ඉගෙන ගන්නට අප තුළ ආශාවක් තිබිය යුතුයි.

දේව වචනය සුළු නොකරන්න. වචනය තුළින් උන්වහන්සේ අපට විනාශකාරී දේවල් වලින් වැළකී සිටින්නට උගන්වන්නේය.

 මාංශයට වැපිරීමෙන් අපි කපා ගන්නේ කුණුවීම.

අපගේ මුඛයෙන් පිටවන්නේ අප හදවත තුළට ඇතුල් කළ දෙයයි.

වචනයට කැප වෙන්න අපට කාලවේලාව නැතැයි කියා නොකියමින් අප කාලය සොයාගත යුතුයි 

හිතෝපදේශ 29:18

දර්ශනයක් නැති කල සෙනඟ හිතුවක්කාරවෙති; එහෙත් ව්‍යවස්ථාව රක්ෂාකරන්නා ආශීර්වාදලද්දෙක්‍ ය.

දර්ශනයක් නැතිව කියන වචනයේ එක් අර්ථයක් නම්, එළිදරව්වක් නොමැතිව ජීවත්ව සිටීම.

වචනය අපි රක්ෂා කිරීමෙන් ආශීර්වාද ලද්දෙකු වන්නේය

ගීතාවලිය 119:63

මම ඔබ කෙරෙහි භය ඇති සියල්ලන්ගේද ඔබගේ නියෝග පවත්වන්නන්ගේද සමාගම්කාරයෙක්මි.

ගීතාවලිය 119:9

තරුණයෙක් තමාගේ මාර්ගය පවිත්‍රකරගන්නේ කුමකින්ද? ඔබගේ වචනය ප්‍රකාර පැවැත්මෙනි.

ගීතාවලිය 119:11

ඔබට විරුද්ධව පව් නොකරන පිණිස ඔබගේ වචනය මාගේ සිතේ නිධාන කරගතිමි.

යෙසායා 48:17

නුඹේ මිදුම්කාරයාද ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේද වන ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: ප්‍රයෝජන ලබාගැනීමට නුඹට උගන්වන්නෙත් නුඹ යා යුතු මාර්ගයෙහි නුඹ ගෙනයන්නෙත් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වන මමය.

වචනය අසා ක්‍රියාවට නැංවිය යුතුයි.

ගීතාවලිය 107:20

උන්වහන්සේ ස්වකීය වචනය එවා ඔවුන් සුවකොට ඔවුන්ගේ විනාශවලින් මුදාහරිනසේක.

නාස්ති වූ අවුරුදු උන්වහන්සේට පුලුවන් නැවත පිහිටුවන්නට.

 දෙවියන්වහන්සේ ඔබට බොහෝ සේ ප්‍රේම කරන සේක.

ගීතාවලිය 113:3-4

3 නැගෙනහිර පටන් බස්නාහිර දක්වා ස්වාමීන්ගේ නාමයට ප්‍රශංසා කටයුතුය.

4 ස්වාමීන්වහන්සේ සියලු ජාතීන්ට උසස්ව සිටිනසේක, උන්වහන්සේගේ තේජස ස්වර්ගවලට වඩා උසස්ය.

ගීතාවලිය 113:5-6

5 උසස් තැන්හි වැඩ හිඳින්නාවූ, ස්වර්ගයේද පෘථිවියේද තිබෙන දේ

6 බලන්ට තමන්ම යටත්වන්නාවූ අපේ දෙවිවූ ස්වාමීන්ට සමාන කවුද?

ගීතාවලිය 113:7-9

7 අධිපතීන් සමඟ, එනම්, ස්වකීය සෙනඟගේ අධිපතීන් සමඟ, හිඳුවන පිණිස

8 උන්වහන්සේ දුප්පතා ධූලියෙන් නැගුටුවනසේක, දිළිඳා කසල ගොඩින් ඔසවනසේක.

9 උන්වහන්සේ වඳ ස්ත්‍රීය දරුවන් ඇති ගෙය රක්නාවූ ප්‍රීතිමත් මවෙක් කරවනසේක. ස්වාමීන්ට ප්‍රශංසාකරව්.

දෙවියන්වහන්සේ ඔබව සෑම පරම්පරා ශාපවලින් මුදවා නිදහස් කරනසේක.

යොහන් 10:10

සොරා එන්නේ සොරකම්කරන්ටත් මරන්ටත් විනාශකරන්ටත් පමණක්ය. මා ආවේ ඔවුන්ට ජීවනය ලැබෙන පිණිසත් එය අධිකලෙස ලැබෙන පිණිසත්ය.

මාර්ක් 9:23

යේසුස්වහන්සේ උත්තරදෙමින්: ඔබට පුළුවන් නම්! විශ්වාසකරන්නාට සියල්ල පුළුවනැයි කීසේක.

ගලාති 3:13

ගසක එල්ලෙන සියල්ලෝ ශාපලද්දෝයයි ලියා තිබෙන ලෙස, ක්‍රිස්තුස්වහන්සේ අප උදෙසා ශාපයක්වී, ව්‍යවස්ථාවේ ශාපයෙන් අප මුදාගත්සේක.

ද්විතීය කතාව 28:15-68 ලියා තිබෙන සෑම ශාපවලින් ඔබ නිදහස් වීඇත.

මතෙව් 19:26

යේසුස්වහන්සේ ඔවුන් දෙස බලමින්: ඒක මනුෂ්‍යයන්ට නම් නුපුළුවන; නුමුත් දෙවියන්වහන්සේට සියල්ලම පුළුවනැයි කීසේක.

1 පේත්‍රැස් 3:6-7

එලෙස සාරා ආබ්‍රහම්ට ස්වාමියායයි කියමින් කීකරුවුණාය. නුඹලාත් කිසි භීතියක් කරණකොටගෙන භය නොවී යහපත කරන්නහු නම්, ඇගේ දරුවෝව සිටින්නහුය.

7 එසේම, පුරුෂයෙනි, නුඹලාගේ යාච්ඤාවලට බාධා නොපැමිණෙන පිණිස, වඩා දුර්වල භාජනවූ භාර්යාවන් සමඟ දැනගැන්මේ හැටියට වාසයකරමින්, ඔවුන් ජීවනයේ අනුග්‍රහයට හවුල් උරුමක්කාරියන්ද බැවින් ඔවුන්ට ගෞරව දෙන්න.


Watch the Sermon Video

Read 525 times