+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

ස්වාමීන්වහන්සේ කෙරෙහි විශ්වාස කරන්න - යෝෂා මනූ
January 23, 2022 Sunday Sermon Notes

දෙවියන්වහන්සේ යහපත්, ඔබ දෙවියන්වහන්සේව වර්ණනා කරන විට දෙවියන්වහන්සේ මහිමයට පත්වේ. උන්වහන්සේව මහිමයට පත්කරන දරුවන්ට උන්වහන්සේ යහපත කරනවා ඇත.

අප අයහපත් දෙයක් තුළින් යනවිට දෙවියන්වහන්සේට එම අයහපත යහපතට හැරවිය හැකිය. දෙවියන්වහන්සේ ඔබව කසළ ගොඩින් ඔසවා ඇත. 1 සාමුවෙල් 2:8

උන්වහන්සේ ඔබව මඩ වගුරෙන් ගලවා ඇත. ගීතාවලිය 40:2

එහෙයින් ඌරා නැවත මඩවලට හරී යන්නාසේ ඔබ නැවත එම මඩ වගුරට නොයා යුතුය. 2 පේත‍්‍රැස් 2:2

ඔබ පරාජිතව සිටිනවා නම් ඔබට උපකාර වන මුළික පියවර කිහිපයක් ඇත.

1.  මුලා නොවන්න.

2. කැළඹිල්ලෙන් සිටී නම් දෙවියන්වහන්සේ පවසන්නේ නොකැළඹෙන්න කියාය. යෙසායා 41:10

3. අපි යම් දෙයක් ඉගෙන ගෙන තිබේනම් අත්පත්කර තිබේනම් ඒ ආශීර්වදය රඳවා ගත යුතු ආකාරය අප දැන ගත යුතුය.

අකීකරු පුත‍්‍රයාගේ කථාව තුළ ...........

ඔහු පියාගෙන් තම උරුමය ඉල්ලා සිටින ලදි. ලූක් 15:11-12

කෙටි කාලයක් ඇතුළත ඔහු සියල්ල නාස්ති කර ගන්නා ලදි. ලූක් 15:13-14

ඔහුට ඌරෙකුගේ තත්වයට වැටෙන්නට සිදුවුණි. ලූක් 15:15-16

ඔහු නැවත සිහිඋපදවා වැටුනු තැනින් නැගිටීමට (පියා ළගට යාමට) කල්පනා කරන ලදි. ලූක් 15:18-19

සමහරවිට ඔබද මෙවැනි තත්වයකට පත්ව ඇති, ඔබත් නැවත නැගී සිටින්න. දෙවියන්වහන්සේ යහපත් උන්වහන්සේ ඔබට පේ‍්‍රම කර, නැවත ඔබට පුත‍්‍රකම ලබා දෙනු ඇත.

අකීකරු පුත‍්‍රයා තීරණය කි‍්‍රයාවට නැංවිය. ලූක් 15:20

පියා ඔහුව නැවතත් පුත‍්‍රයෙකු ලෙස පිළිගන්නා ලදි. ලූක් 15: 20-24 

ඔහු එය කි‍්‍රයාවට නැංවීමෙන් ආශීර්වාදය නැවත අත්පත් කර ගන්නා ලදි.

හිතෝපදේශ 3:5-6 

5 නුඹේම නුවණෙහි නොපිහිටා, නුඹේ මුළු සිතින් ස්වාමීන්වහන්සේ කෙරෙහි විශ්වාසකරන්න.

6 නුඹේ සියලු මාර්ගවලදී උන්වහන්සේ සලකන්න, එවිට උන්වහන්සේ නුඹේ මාවත් සමතලාකරනවා ඇත. 

හිතෝපදේශ 3:7-8

7 නුඹ ඥානවන්තයෙකැයි සිතා නොගනින්න; ස්වාමීන්වහන්සේ කෙරෙහි භයව නුපුරෙන් දුරුවෙයන්න.

8 ඒක නුඹේ නහරවලට සනීපයද නුඹේ ඇටවලට ප‍්‍රාණවත්කමද වන්නේය.

විශ්වාස කරන්න යන වචනයේ ග්‍රීක් අර්ථ: නිර්භීතව සිටීම - ආරක්ෂාව ඇතුව සිටීම - සුරක්ෂිතභාවයෙන් සිටීම - ස්ථීරව සිටීම - කනස්සලුභාවයෙන් තොරව සිටීම - නිසැකභාවයෙන් සිටීම -  බලාපොරොත්තුවක් ඇතුව සිටීම -‍රක්ෂාස්ථානය වීම.

අප ස්වාමීන්වහන්සේව සම්පූර්ණයෙන්ම විශ්වාස කළ යුතුයි, අපගේම අදහස් මත රඳා නොසිටිය යුතුයි. අපට මඟ පෙන්වීමට අපගේ මුළු හදවතින්ම උන්වහන්සේ මත රඳා සිටිමු, අපි ගන්නා සෑම තීරණයකදීම උන්වහන්සේ අපව මෙහෙයවනු ඇත. අප කරන ඕනෑම දෙයකදී උන්වහන්සේ  සමඟ සමීප වෙමු, අප යන ඕනෑම තැනක උන්වහන්සේ අපව ගෙන යනු ඇත. 

හිතෝපදේශ 22:17-18

17 නුඹේ කන නමා ප‍්‍රඥාවන්තයන්ගේ බස් අසා, නුඹේ සිත මාගේ ඉගැන්වීමට යොමු කරපන්න.

18 මක්නිසාද ඒවා නුඹ තුළෙහි තබාගන, ඒවා මුළුමනින්ම නුඹේ තොල්වල පිහිටන්නේ නම් එය ප‍්‍රසන්න දෙයක්ය.

හෙබ්‍රෙව් 11:6

නුමුත් ඇදහිල්ල නැතුව උන්වහන්සේව ප‍්‍රසන්නකරන්ට නුපුළුවන. මක්නිසාද දෙවියන්වහන්සේ වෙතට ළඟාවෙන්නා විසින් උන්වහන්සේ විද්‍යාමාන බවත්, උන්වහන්සේ සොයන්නන්ට විපාකදෙන කෙනෙකු බවත් විශ්වාසකරන්නට  ඕනෑය.

දෙවියන්වහන්සේ මේ වචන අපට මුදා හැර තිබෙන්නේ, අපගේ ජීවමාන බලාපොරොත්තුව දෙවියන්වහන්සේ තුළ පමණක් සොයාගන්නා පිණිසයි, මක්නිසාද උන්වහන්සේ පමණක් සැමවිටම සත්‍ය වේ


Watch the Sermon Video

Read 545 times