+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

සැබෑවූ වචනයට කීකරු වීමේ ආශීර්වාද - මනූ මැතානි

January 28, 2022 Bible Study Notes

 

ස්වාමීන්වහන්සේගේ වචනය තුළින් අපගේ ඇදහිල්ල අපට ගොඩනඟා ගන්නට පුලුවන්

දිනපතා අපට අවශ්‍ය වන්නේ අපගේ ඇදහිල්ලෙන් ජීවත් වන්නටයි.

ජයග්‍රාහී ජීවිතයක් ගත කරන්නට නම් අපි වචනය තුළ පැවතිය යුතුයි.

අප තෝරා ගමු ඇදහිල්ලෙන් ජීවත් වී දෙවියන්වහන්සේට කීකරු වන්න.

වචනය මෙනෙහි කරන්නට අපි තෝරා ගමු.

බයිබලය කියවීමෙන් ශුද්ධාත්මයාණන්ගේ හඬ අපට ඇසිය හැකිය.

ස්ථීර ගමනක්, දිගු කාලීන ජීවිතයක් ගත කරන්නට උන්වහන්සේ අපව කැඳවා ඇත.

අපගේ සියලු කරදර උන්වහන්සේ මත තබමු.

අපි සුවයෙන් ජීවත් වෙමු. කීකරු වීම තුළින් අපට සුවයෙන් සඵලත්වයෙන් ජීවත් විය හැකියි.

සඵලත්වයේ රාජ්‍යය නම් පළමුකොට උන්වහන්සේව සෙවීමයි.

අපි උන්වහන්සේට අපගේ කාලය වපුරමු.

උන්වහන්සේගේ සැපයීම අපට දී තිබෙනවා

 අපි අපගේ දසයෙන් කොටස ගෙන එමු. අපගේ පූජාවන් පුදමු.

හෙබ්‍රෙව් 11:4

ආබෙල් තමාගේ ප්‍රථම ඵල ගෙනාවේය. ස්වාමීන්වහන්සේගේ එයට ගරු කළා.

උත්පත්ති 4 පරිච්ඡේදය.

හෙබ්‍රෙව් 11:17

ආබ්‍රහම් ඇදහිල්ලෙන් දෙවියන්වහන්සේට පූජා කළේය.

ඔබට විශ්වාස කරන්න පුලුවන් නම් උන්වහන්සේට සියල්ල කළ හැකියි.

හෙබ්‍රෙව් 11:3

දෙවියන්වහන්සේගේ වචනයෙන් ලෝකවල් මවනු ලැබූ බවද, මෙසේ, දකින දේවල් පෙනෙන දේවලින් හට නොගත් බවද ඇදහිල්ලෙන් තේරුම්ගනිමුව.

මනුෂ්‍යයන්ට කරන්නට බැරි දේවල් දෙවියන්වහන්සේට කරන්න පුලුවන්.

හෙබ්‍රෙව් 11:4

ඇදහිල්ලෙන්, ආබෙල් කායින්ට වඩා උතුම් පූජාවක් දෙවියන්වහන්සේට ඔප්පුකෙළේය. ඔහුගේ දීමනා ගැන දෙවියන්වහන්සේ සාක්ෂිදුන් බැවින්, එයින් ඔහු ධර්මිෂ්ඨයෙකු බවට සාක්ෂි ලැබුවේය. ඔහු මළ නුමුත් ඒ ඇදහීමෙන් තවම කථාකරන්නේය.

ඇදහිල්ලෙන් නොකරන සියල්ල පාපයය.

රෝම 14:23

අපගේ ඇදහිල්ලේ ගමන අපි ස්ථීරව ගමන් කරමු.

ඔබගේ ජීවිතයට වෙනස ගෙන එන්නේ ඔබමයි.

අපි ප්‍රීතිමත් හදවතකින් උන්වහන්සේට අපගේ දීමනා දසයෙන් කොටස් ගෙන එමු.

වසංගත කාලවලත්, නියං කාලවලත් දෙවියන්වහන්සේ වෙනස් නොවන දෙවියන්වහන්සේ මය.

පිලිප්පි 4:15

පිලිප්පිවරුනි, ශුභාරංචියේ පටන්ගැන්මේදී මා මකිදෝනියෙන් ගිය කල නුඹලා මිස වෙන කිසි සභාවක් දීමත් ලැබීමත් යන කාරණය ගැන මට හවුල්නුවූ බව නුඹලාත් දනිහුය.

ඔබගේ ශ්‍රමයෙන් යාච්ඤාවෙන් පූජා හා මුදල් වලින් ඔබ සේවාව සමඟ සම්බන්ධ වන්නේය. දෙවියන්වහන්සේගේ කැමැත්ත ඔබට ආශීර්වාද කරන්නටයි.  

යෙසායා 1:19

නුඹලා කැමැතිව කීකරුවන්නහු නම්, දේශයේ සාරවත්කම භුක්තිවිඳින්නහුය.

ඔබගේ පූජාවට වඩා ඔබගේ කීකරු කම වැදගත්. 

1 සාමුවෙල් 15:23

... ස්වාමීන්වහන්සේගේ හඬට කීකරුවීම පමණ දවන පූජාවලටත් යාග පූජාවලටත් ස්වාමීන්වහන්සේ ප්‍රසන්නවන සේක්ද? පූජාවට වඩා කීකරුවීමත් බැටළුවන්ගේ තෙලට වඩා ඇහුම්කන්දීමත් හොඳය....

අපි සතුටු සිතින් ස්වාමීන්වහන්සේට දීමනා ගෙන එමු. සිතින් නියම කරගත් ආකාරයටම උන්වහන්සේට දෙමු. ස්වාමීන්වහන්සේ ඒ දෙය දැක උන්වහන්සේ ඔබට උතුරා යන තරමට ආශීර්වාද කරනසේක.

ස්වාමීන්වහන්සේ දෙස බලමින් මේ දිවීම දුවමු.

අපි ස්වාමීන්වහන්සේට අපගේ දීමනා ගෙනෙන්නේ ආශීර්වාද ලබා ගැනීමටයි.

යේසුස්වහන්සේට භාණ්ඩාගාරිකයෙකු සිටියේ තමාගේ මුදල් පරිපාලනය කරන පිණිසයි.

යේසුස්වහන්සේට සතුටු සිතින් ප්‍රේමයෙන් කුඩා කොලුවා දුන්න නිසා විශාල සෙනඟක් ආශීර්වාද භුක්ති විඳිනු ලැබුවා.

යේසුස්වහන්සේ කිසිදා පූජාවන් සහ දීමනාවන් ප්‍රතික්ෂේප කළේ නැත.

ඒ කොලුවා දුන්න මාලු 2 සහ රොටි යේසුස්වහන්සේ වැඩි කළා. 

ඔබගේ බීජවලට අස්වැන්නක් ස්වාමීන්වහන්සේ දෙනසේක.

ගීතාවලිය 126:1-5

1 ස්වාමීන්වහන්සේ සියොන් කෙරෙන් වාලට ගෙනයනලද්දවුන් ආපසු ගෙනා කල, අපි හීනයක් දුටුවන් මෙන් වීමුව.

2 එකල අපේ කට සිනාවෙන්ද අපේ දිව ගායනාවෙන්ද පිරුණේය. එකල: ස්වාමීන්වහන්සේ මොවුන් උදෙසා මහත් දේ කළසේකැයි ජාතීන් අතරේ කියනලද්දේය.

3 ස්වාමීන්වහන්සේ අප උදෙසා මහත් දේ කළසේක; එබැවින් අපි සන්තෝෂවෙමුව.

4 ස්වාමිනි, අපෙන් වහල්ව සිටින්නන් දකුණු දිසාවේ ඇළවල් මෙන් ආපසු ගෙන අව මැනව.

5 කඳුළු සහිතව වපුරන්නෝ ප්‍රීතියෙන් කපන්නෝය. 

ගීතාවලිය 30:4-5

4 ස්වාමීන්ගේ ශුද්ධවන්තයෙනි, උන්වහන්සේට ප්‍රශංසා ගී කියව්, උන්වහන්සේගේ ශුද්ධවූ නාමයට ස්තුතිකරව්.

5 මක්නිසාද උන්වහන්සේගේ උදහස ඇසිල්ලකට පමණය; උන්වහන්සේගේ කරුණාව දිවිහිම් කොටය. රාත්‍රියේ හැඬීම පවතින නුමුත්, උදය ප්‍රීතිය පැමිණෙන්නේය.

ස්වාමීන්වහන්සේගේ එළියාට වැන්දඹු ස්ත්‍රියක් තුළින් සපයා දුන්සේක.

1  රාජාවලිය 17 පරිච්ඡේදය කියවන්න.

වාතාවරණය දෙස බලමින් ඔබ ඇදහිල්ලෙන් ජීවත් වන්න. වාතාවරණයට ඔබගේ ඇදහිල්ල වෙනස් කරන්නට ඉඩ නොදෙන්න.

ගීතාවලිය 126:6

ඔහු බීජ මල්ල රැගෙන හඬමින් පිටත්ව යන්නේ නුමුත්, තමාගේ ගොයම් මිටි රැගෙන ප්‍රීතියෙන් එන්නේය.

ඔබගේ අනර්ඝ බීජ මල්ල රැගෙන එන විට ගොයම් මිටි නැවත ගෙන යන්නේය.

යෙසායා 1:19

රහස නම් කැමතිව කීකරුව යම් දේවල් කිරීමයි.

2 රාජාවලිය 4 පරිච්ඡේදය කියවන්න. ෂූනෙම් කාන්තාව ආශීර්වාද ලැබු ආකාරය බලන්න.

2 කොරින්ති 9:5-6

එබැවින් කලින් පොරොන්දු වුණාවූ නුඹලාගේ දීමනාව බලාත්කාරයෙන් ගැනීමක් මෙන් නොව ත්‍යාගවත් දීමනාවක්ව තිබෙන පිණිස කලින් නුඹලා වෙතට ඇවිත් එය පිළියෙළ කරන ලෙස ඒ සහෝදරයන්ගෙන් ඉල්ලන්ට යුතුයයි සිතුවෙමි.

6 නුමුත් මේක කියමි: මසුරුලෙස වපුරන්නා මසුරුලෙස කපාගන්නේය; නොමසුරුව වපුරන්නා නොමසුරුව කපාගන්නේය.

මලාකි 3:10

මාගේ ගෘහයෙහි භෝජන තිබෙන පිණිස නුඹලා ගබඩාගෙට ඔතු සියල්ල ගෙනවුත්, මා විසින් නුඹලාට අහසේ කවුළු ඇර ඉඩම් මදිවෙන තරම් නුඹලාට ආශීර්වාදයක් වගුරුවා දෙන්නේ නැද්ද කියා එයින් මා සෝදිසිකර බලන්නැයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.

දෙවියන්වහන්සේ පවසන්නේ ඔබ මා සෝදිසි කර බලන්න, මම අනිවාර්යයෙන්ම ඔබට විවෘතව ආශීර්වාද කරනසේක.

2 කොරින්ති 9:6

නුමුත් මේක කියමි: මසුරුලෙස වපුරන්නා මසුරුලෙස කපාගන්නේය; නොමසුරුව වපුරන්නා නොමසුරුව කපාගන්නේය

යෝබ් 36:11-12

11 ඔව්හු ඇහුම්කන්දී උන්වහන්සේට මෙහෙකළොත්, තමුන්ගේ දවස් ඉසුරෙන්ද තමුන්ගේ අවුරුදු සැපතින්ද පසු කරන්නෝය.

12 නුමුත් නාසා සිටියොත්, ඔව්හු කඩුවෙන් විනාශවන්නෝය, අනුවණකමින් නසින්නෝය.

ඔබ කීකරු වී ගමන් කරන්නේ නම් උන්වහන්සේ ඔබව සඵල කරමින් දියුණු කරන්නේය.

ඔබ කැරළිකාරකමින් හා අකීකරුකමින් නිදහස් වන්න. 

2 කොරින්ති 9:7

කනගාටුවෙන්වත් ඕනෑම නිසාවත් නොව එක් එක්කෙනා තම තමාගේ සිතින් නියමකරගත් ලෙස දේවා. මක්නිසාද සතුටු සිතින් දෙන්නාට දෙවියන්වහන්සේ ප්‍රේමකරනසේක.

යටහත්ව සිටීමෙන් අපි උන්වහන්සේගෙන් කරුණාව ලබා ගන්නෙමු.

අපට අස්වන්න, විපාක හා ආශීර්වාද ස්වාමීන්වහන්සේගෙන් ලබා ගත හැකියි.

දීම යටහත් පහත් ක්‍රියාවක්.

පිලිප්පි 4:16-18

16 මක්නිසාද තෙසලෝනිකයට පවා නුඹලා මාගේ ඕනෑකම් ගැන වරක් දෙවරක් මට දීලා එවුවහුය.

17 මා තෑග්ග සොයනවා නොව, නුඹලාගේ ගණනට වැඩිවන්නාවූ ඵල සොයමි.

18 නුමුත් මට සියල්ල ලැබී, පූර්ණව සිටිමි. නුඹලා විසින් එවන ලද දේවල් එපප්‍රොදිතස්ගෙන් ලැබ පිරී සිටිමි. ඒවා දෙවියන්වහන්සේට මිහිරි සුවඳක්ව, ප්‍රියවූ ප්‍රසන්නවූ පූජාවක්ව තිබේ.

පිලිප්පි 4:19

මාගේ දෙවියන්වහන්සේ ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ තමන්ගේ තේජස් සම්පතේ ප්‍රකාරයට නුඹලාගේ සියලු හිඟකම් සම්පූර්ණකරනසේක.

හිඟකම් යනු, ඔබගේ අවශ්‍යතාවයන් සපුරනු ලබන බවයි.


Watch the Sermon Video

Read 536 times