+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

මාගේ ඇදහිල්ල මා ගොඩනඟා ගන්නට තීරණ ගැනීම ඉතා වැදගත් - Manu Mahtani

January 30, 2022 Sunday Sermon Notes

 

යෙරෙමියා 15:16
ඔබගේ වචන සම්බවූ විට මම ඒවා කෑවෙමි; ඔබගේ වචන මට ප්‍රීතියක් සහ සිතට සතුටක් විය. මක්නිසාද, සේනාවල දෙවිවූ ස්වාමීන්වහන්ස, ඔබගේ නාමය මා කෙරෙහි කියනු ලැබේ.

උන්වහන්සේගේ නාමයෙන් අපව කැඳවා ඇති නිසා අපි මේ වචනය සමඟ කාලය ගත කරන්නට යෙදී සිටිමු.

ඔබ වචනය තුළ පැවතුණොත් ඒ වචනය ඔබට කතා කරයි.

උත්පත්ති 14:21-23
සොදොම්හි රජද ආබ්‍රම්ට කථාකොට: මිනිසුන් මට දියන්න, සම්පත් නුඹටම ගනින්නැයි කීය. ආබ්‍රම් සොදොම්හි රජුට කථාකොට: මම ආබ්‍රම් පොහොසත්කෙළෙමියි නුඹ නොකියන පිණිස යෞවනයන් කෑ දේ සහ මා සමඟ ගියාවූ මිනිසුන්ගේ කොටස හැර නූල්පටක්වත් මිරිවැඩි පටියක්වත් නුඹ සන්තක කිසි දෙයක්වත් නොගන්නෙමියි අහසත් පොළොවත් හිමිවූ මහෝත්තම දෙවිවූ ස්වාමීන්වහන්සේට මාගේ අත ඔසවා දිවුළෙමි;

උත්පත්ති 24:34‭-‬35
එවිට ඔහු: මම ආබ්‍රහම්ගේ මෙහෙකරු වෙමි. ස්වාමීන්වහන්සේ මාගේ ස්වාමියාට බොහෝසෙයින් ආශීර්වාදකළසේක; ඔහු උත්තමයෙක් වී සිටියි. උන්වහන්සේ ඔහුට එළු බැටළු රැළවල් සහ ගව රැළවල්ද රිදී සහ රත්රන්ද දාසයන් සහ දාසීන්ද ඔටුවන් සහ කොටළුවන්ද දී තිබේ.

අපි මූලාශ්‍රයට සම්බන්ධ වී සිටියොත් අපට ආශීර්වාදය තුළ ජීවත් විය හැකියි.

ද්විතීය කතාව 30:19 මා විසින් ජීවනය හා මරණයද ආශීර්වාදය හා ශාපයද නුඹලා ඉදිරියෙහි තැබූ බවට අද නුඹලාට විරුද්ධව සාක්ෂි පිණිස අහසටත් පොළොවටත් හඬගසමි. එබැවින් නුඹත් නුඹේ වංශයත් ජීවත්ව සිටින පිණිස ජීවනය තෝරාගෙන,

ද්වීතීය කථාව 30:20
ස්වාමීන්වහන්සේ නුඹේ පියවරුන් වන ආබ්‍රහම්ටද ඊසාක්ටද යාකොබ්ටද දෙන හැටියට ඔවුන්ට දිවුළ භූමිය මතුපිට නුඹ වාසයකරන පිණිස, නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්‍රේමකොට, උන්වහන්සේගේ හඬට කීකරුවී, උන්වහන්සේට ඇලුම්ව සිටින්න. මක්නිසාද නුඹේ ජීවනයත් නුඹේ දවස්වල වැඩිවීමත් එයයයි කීවේය.

එපීස 1:4 ලෝකය මැවීමට ප්‍රථමයෙන් ක්‍රිස්තුස්වහන්සේ තුළ අප තෝරාගත් ලෙසම, උන්වහන්සේ තුළ ස්වර්ගීය ස්ථානවල සියලු ආත්මික ආශීර්වාදවලින් උන්වහන්සේ අපට ආශීර්වාද කළසේක.

යෙසායා 12:3 ඇදහිල්ලේ ළිං වලින් සියල්ල ඔබ ඇදගන්න.

අපි දේව පුත්‍රයන් නිසා අප තුළ සිටින තැනැත්තා ලෝකයේ තැනැත්තාට වඩා බලවන්තයි.

ද්විතීය කතාව 28:47-48 සියලු දේ පුරාම තිබෙද්දී නුඹ ප්‍රීතියෙන්ද සිත් සන්තෝෂයෙන්ද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට සේවය නොකළ නිසා, ස්වාමීන්වහන්සේ නුඹට විරුද්ධව එවන්නාවූ නුඹේ සතුරන්ට නුඹ විසින් බඩගින්නද පිපාසායද නිර්වස්ත්‍රකමද සියල්ල ගැන හිඟකමද ඇතුව සේවයකරනවා ඇත. ඔවුන් නුඹ විනාශකර දමන තුරු යකඩ වියගහක් නුඹේ කරේ තබනවා ඇත.

2 කොරින්ති 3:6
තවද උන්වහන්සේ අලුත් ගිවිසුමක සේවකයින් කොට අප සමර්ථකළසේක; එනම් වචනාර්ථයේ හැටියට නොව පරමාර්ථයේ හැටියටය. මක්නිසාද වචනාර්ථය නසන්නේය, පරමාර්ථය ජීවත්කරන්නේය.

දෙවියන්වහන්සේගේ කැමැත්ත අපි ඇදහිල්ලෙන් ශුද්ධකමේ අලංකාරයෙන් ජීවත් වීමයි.

හිතෝපදේශ 4:10-11
මාගේ පුත්‍රය, කන්දී මාගේ කීම් පිළිගන්න; එවිට නුඹේ ජීවිතයේ අවුරුදු බොහෝ වන්නේය. ප්‍රඥාවේ මාර්ගය මම නුඹට උගන්වා, හරිවූ මාවත්වල නුඹ ගෙනගියෙමි.

රෝම 8:19 මක්නිසාද මැවිල්ල දෙවියන්වහන්සේගේ පුත්‍රයන්ගේ එළිදරව්වීම උනන්දු ප්‍රාර්ථනාවෙන් බලා සිටියි.

අපි උන්වහන්සේගේ වටිනා පුත්‍රයන්. ආත්මයෙන් පිරී සිටින දරුවන්.

හිතෝපදේශ 4:10
මාගේ පුත්‍රය, කන්දී මාගේ කීම් පිළිගන්න; එවිට නුඹේ ජීවිතයේ අවුරුදු බොහෝ වන්නේය.

අපි පෙනීමේ ගමනක් නොවේ ගමන් කරන්නේ ඇදහිල්ලේ ගමනක් ගමන් කරන්නේ. 2 කොරින්ති 5:7

අපි උන්වහන්සේව ප්‍රසන්න කරන්නේ ඇදහිල්ලෙන්.

පොරොන්දු දේශයට ඇතුල් වුණේ යෝෂුවා සහ කාලෙබ් පමණයි.

දෙවියන්වහන්සේ නෝවා ව ආරක්ෂා කළා. නෝවාගේ නැව දේව වචනය මත පිහිටුවා තිබුණු නිසා එය ගිලුනේ නැත.

ගීතාවලිය 92:11-15
මාගේ සතුරන් ගැන මාගේ ආශාව ඉෂ්ටවූ බව මාගේ ඇසට පෙනුණේය, මට විරුද්ධව නැගිටින්නාවූ නපුරුකම්කරන්නන් ගැන මාගේ ආශාව ඉෂ්ටවූ බව මාගේ කන්වලට ඇසුණේය. ධර්මිෂ්ඨයා තාල වෘක්ෂය මෙන් සශ්‍රීක වන්නේය. ඔහු ලෙබනොන්හි කිහිරි ගසක්මෙන් වැඩෙන්නේය. ස්වාමීන්ගේ ගෘහයෙහි හිඳුවනලද්දෝ අපේ දෙවියන්වහන්සේගේ මිදුල්වල සඵලවන්නෝය. ස්වාමීන්වහන්සේ අවංක බවත්, මාගේ පර්වතය බවත්, උන්වහන්සේ තුළ කිසි අධර්මිෂ්ඨකමක් නැති බවත් පෙන්වන පිණිස, ඔව්හු මහලු වයසේදීත් ඵලදෙමින් සාරවත් වන්නෝය, සශ්‍රීකවන්නෝය.

හිතෝපදේශ 4:11‭-‬19 ප්‍රඥාවේ මාර්ගය මම නුඹට උගන්වා, හරිවූ මාවත්වල නුඹ ගෙනගියෙමි. නුඹ යන කල නුඹේ පාද අවහිරනොවන්නේය; දුවන කල නුඹ නොපැකිලෙන්නෙහිය. ගුරුකම තදින් අල්ලාගෙන, අතනෑර, එය තබාගන්න; මක්නිසාද එය නුඹේ ජීවනයය. දුෂ්ටයන්ගේ මාවතට ඇතුල් නොවන්න. නපුරු මිනිසුන්ගේ මාර්ගයෙහි ගමන්නොකරන්න. එයින් වැලකී, එහි නොගොස්, එයින් අහකට හැරී යන්න. මක්නිසාද ඔව්හු නපුරක් නොකර නිදා නොගනිති; යමෙකු හෙළා නොදැමුවොත් ඔවුන්ගේ නින්ද පහවෙයි. මක්නිසාද ඔව්හු දුෂ්ටකම නමැති කෑම කා, බලාත්කාරකම නමැති මුද්‍රිකපානය බොති. නුමුත් ධර්මිෂ්ඨයන්ගේ මාවත ඉර මුදුන් වේලාව දක්වා වඩ වඩා ආලෝකවේගන යන්නාවූ අලුයම් ආලෝකය මෙන්ය. දුෂ්ටයන්ගේ මාර්ගය අන්ධකාරය මෙන්ය. තුමූ කුමකින් පැකිලෙද්දැයි ඔව්හු නොදනිති.

Watch the Sermon Video

Read 487 times