+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

නිසැකභාවයෙන් ජීවත් වී විපාක ලබා ගන්න - මනූ මැතානි
February 4, 2022 Bible Study Notes


හෙබ්‍රෙව් 10:35  එබැවින් මහත් විපාකයක් ඇත්තාවූ නුඹලාගේ නිසැකකම අත් නාරින්න.

නෝවා දෙවියන්වහන්සේගේ අනුග්‍රහය අත්දුටුවා.

නෝවාගේ කාලයේ ඔහු ධර්මිෂ්ඨ දේශකයෙකු ලෙස ගණන් ගනු ලැබුවා. ඔහු තමාගේ නිසැකකම අත් හැරියේ නැත. 

නෝවාගේ නාමය යනු විශ්‍රමයයි.

හෙබ්‍රෙව් 1:3  උන්වහන්සේ දෙවියන්වහන්සේගේ මහන්තත්වයේ ප්‍රභාවයද උන්වහන්සේගේ දේවත්වයේ ස්වරූපයද වනසේක්, තමන්ගේ බලපරාක්‍රමයේ වචනයෙන් සියල්ල දරමින්, පව් ගැන පවිත්‍රවීමක් කළ පසු, උසස්ථානවල මහෝත්තමයාණන්වහන්සේගේ දකුණු පැත්තේ හිඳගත්සේක.

යේසුස්වහන්සේගේ පැමිණීම බලා සිටින අපි

සූදානම් වන්නේ කෙසේද?  අපගේ සූදානම නම් ස්වාමීන්වහන්සේ ගැළවුම්කරු හා ස්වාමීන් ලෙස අදහාගෙන පිළිගැනීමයි.

රෝම 10:9  කුමක්හෙයින්ද යේසුස්වහන්සේ ස්වාමීන්වහන්සේයයි නුඹේ මුඛයෙන් ප්‍රකාශකරන්නෙහිනම්, දෙවියන්වහන්සේ විසින් උන්වහන්සේව මළවුන්ගෙන් නැගිටවූ බව සිතින් අදහන්නෙහි නම්, නුඹ ගළවනු ලබන්නෙහිය.

රෝම 1:5  ඒ පුත්‍රයාණන්වහන්සේ මාංසාකාරයෙන් දාවිත්ගේ වංශයෙන් ඉපිද, ශුද්ධකමේ ආත්මයේ ප්‍රකාරයට දේව පුත්‍රයාණන් හැටියට මළවුන්ගෙන් නැගිටීම කරණකොටගෙන බලයෙන් යුක්තව ප්‍රකාශකරනු ලැබූසේක.

යොහන් 1:12 අපි ගැළවීම ළබා ගත් නිසා දේව දරුවන් බවට පත් වෙනවා.

හෙබ්‍රෙව් 3:14-15 
14 මක්නිසාද: අද නුඹලා උන්වහන්සේගේ හඬ අසන්නහු නම් උදහස් ඉපදවීමේදී මෙන් නුඹලාගේ සිත් දැඩිකර නොගන්නැයි කියා තිබෙන හැටියට, 

15  අපගේ විශ්වාසයේ පටන්ගැන්ම අන්තිම දක්වා ස්ථිර ලෙස අල්ලාගෙන සිටිමු නම්, අපි ක්‍රිස්තුස්වහන්සේගේ පංගුකාරයෝ වී සිටිමුව.

නිසැකභාවයෙන් සිටින කෙනා ආරම්භය සිට අන්තිමය දක්වා ස්ථීරව සිටින්නේය.

ඔහු කිසිදෙයකට සැලෙන්නේ නැත.

තමාගේ විශ්වාසය තබා ඇත්තේ අභ්‍යන්තර මනුෂ්‍යයා තුළයි.

නිසැකකමෙන් ජීවත් වන කෙනා අධෛර්මත් වන්නේ නැත.

පිලිප්පි 1:6  නුඹලා තුළ යහපත් වැඩක් පටන්ගත් උන්වහන්සේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දවස දක්වා ඒක සම්පූර්ණකරනසේකැයි යන මේ විශ්වාසය ඇතිව සිටිමි.

2 කොරින්ති 5:6  අපි ශරීරය නමැති ගෙදර සිටින විට ස්වාමීන්වහන්සේගෙන් ඈත්ව සිටින බව දැන නිතරම ධෛර්යවත්ව සිටිමුව.

2 කොරින්ති 5:7  (මක්නිසාද අප හැසිරෙන්නේ පෙනීමෙන් නොව ඇදහීමෙන්ය.)

2 කොරින්ති 5:8  එසේය, අපි ධෛර්යවත්ව, ශරීරයෙන් ඈත්ව ස්වාමීන්වහන්සේ සමඟ සිටින්ට වඩා කැමැතිවෙමුව.

2 කොරින්ති 5:9  එහෙයින් උන්වහන්සේ වෙත සිටින නුමුත් ඈත්ව සිටින නුමුත් උන්වහන්සේට ප්‍රසන්නවූ තැනැත්තන් වීම අපේ අභිප්‍රාය කරගනිමුව.

පිලිප්පි 3:3  මක්නිසාද චර්මඡේදිතයෝ නම් දෙවියන්වහන්සේගේ ආත්මයාණන් කරණකොටගෙන නමස්කාරකරන්නාවූ, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ පාරට්ටුකරගන්නාවූ, මාංසය තුළ විශ්වාසයක් නැත්තාවූ අපිය.

යේසුස්වහන්සේ එකම වරක් අප වෙනුවෙන් පාප පූජාවක් වූවා.

පිලිප්පි 3:3  අපට මාංශය තුළ කිසි විශ්වාසයක් නැත.

පිලිප්පි 3:4  ඕනෑ නම් මට මාංසය කෙරෙහි පවා විශ්වාසය තබන්ට පුළුවන. වෙන යමෙක් මාංසය කෙරෙහි තමාට විශ්වාසය තබන්ට පුළුවනැයි සිතන්නේ නම්, මට ඊට වඩා පුළුවන.

ඔබ ක්‍රිස්තුස්වහන්සේ තුළ නිතරම ප්‍රීති වන්න

යේසුස්වහන්සේ අපගේ ගැළවවුම්කරුයි.

අපගේ සැපයුම්කරුන්.

අපගේ මිදුම්කරුඅපගේ සුවකරන්නාය.
හෙබ්‍රෙව් 13:15  එබැවින් දෙවියන්වහන්සේගේ නාමයට ස්තුතිකරන තොල්වල ඵල වන ප්‍රශංසාව නමැති පූජාව උන්වහන්සේම කරණකොටගෙන නිතරම දෙවියන්වහන්සේට ඔප්පුකරමු.

ඔබගේ තොල්වලින් ස්තුති පූජා පුදන්න.

එය දෙවියන්වහන්සේට ප්‍රසන්න වන කාරණාවක්.  

1 යොහන් 4:4

රෝම 8:11  තවද යේසුස්වහන්සේව මළවුන්ගෙන් නැගිටෙවු තැනන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ නුඹලා තුළ වාසයකරනසේක් නම්, ක්‍රිස්තුස් යේසුස්වහන්සේව මළවුන්ගෙන් නැගිටෙවු තැනන්වහන්සේ නුඹලා තුළෙහි වසන තමන්ගේ ආත්මයාණන්වහන්සේ කරණකොටගෙන නුඹලාගේ මරණීය ශරීරයන්ද ජීවත් කරනසේක.

හෙබ්‍රෙව් 13:6  මෙසේ: ස්වාමීන්වහන්සේ මාගේ උපකාර කාරයාණෝය; මම භය නොවන්නෙමි; මනුෂ්‍යයා මට කරන්නේ කුමක්ද? කියා මහත් ධෛර්යයෙන් යුක්තව කියමුව.

ද්විතීය කතාව 28:65  ඒ ජාතීන් අතරෙහි නුඹට කිසිපහසුවක්වත් නුඹේ පතුලට කිසි සහනයක්වත් නොලැබෙන්නේය. එහි ස්වාමීන්වහන්සේ මවිතවන සිතක්ද ඇස් වැහැරයාමද ආත්මයේ ක්ලාන්තකමද නුඹට දෙනසේක.

අපගේ දෑත් ස්වාමීන් වෙතට ඔසවන්න.

යෙරෙමියා 10:2  ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: ජාතීන්ගේ මාර්ගය ඉගෙන නොගන්න, අහසේ ලකුණුවලට ජාතීන් කැලඹෙන නුමුත් නුඹලා ඒවාට නොකැලඹෙන්න;

යෙරෙමියා 10:10  නුමුත් ස්වාමීන්වහන්සේ සැබෑවූ දෙවියන්වහන්සේය; උන්වහන්සේ ජීවමාන දෙවියන්වහන්සේය, සදාකාල රජකෙනෙක්ය. උන්වහන්සේගේ උදහසට පොළොව වෙවුළයි, ජාතීන්ට උන්වහන්සේගේ උදහස දරන්ට බැරිය.

දේශනාකාරයා 8:4  එසේය, රජුගේ වචනය බල සහිතය; ඔබ මක්කරනවාදැයි ඔහුට කියන්නේ කවුද?

ද්විතීය කතාව 28:65  ඒ ජාතීන් අතරෙහි නුඹට කිසිපහසුවක්වත් නුඹේ පතුලට කිසි සහනයක්වත් නොලැබෙන්නේය. එහි ස්වාමීන්වහන්සේ මවිතවන සිතක්ද ඇස් වැහැරයාමද ආත්මයේ ක්ලාන්තකමද නුඹට දෙනසේක.

ගලාති 3:13

ද්වීතීය කථාව 28:66  නුඹේ ජීවිතය ගැන නුඹට අනුමාන ඇතිවන්නේය; නුඹ රෑ දාවල් භය ඇතුව, නුඹේ ජීවිතය ගැන විශ්වාසයක් නැතුව සිටින්නෙහිය.

ද්වීතීය කථාව 28:35

නුඹේ පතුළ පටන් හිස්මුදුන දක්වා සුවයක් නොහැකිවන ලෙස ස්වාමීන්වහන්සේ නුඹේ දණහිස්වලටද කකුල්වලටද නපුරු ගඩු හටගැන්වීමෙන් නුඹට පහරදෙනසේක.

හෙබ්‍රෙව් 13:6  මෙසේ: ස්වාමීන්වහන්සේ මාගේ උපකාර කාරයාණෝය; මම භය නොවන්නෙමි; මනුෂ්‍යයා මට කරන්නේ කුමක්ද? කියා මහත් ධෛර්යයෙන් යුක්තව කියමුව.

යෙසායා 54:17

ගීතාවලිය 27:3  සේනාවක් මට විරුද්ධව කඳවුරු බැන්දත්, මාගේ සිත භය නොවන්නේය. මට විරුද්ධව යුද්ධයක් හටගත්තත්, එකල්හිත් මම සුරක්ෂිතව සිටින්නෙමි.


Watch the Sermon Video

Read 631 times