+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

ශුද්ධාමයාණන්ගේ උපකාරය - යෝෂා මනූ
February 6, 2022 Sunday Sermon Notes


බලවත් දේ කරන දෙවියන්වහන්සේ ඔබ තුළයි. 

දෙවියන්වහන්සේ යහපත්, උන්වහන්සේගේ ශුද්ධාත්මය අප තුළ වගුරුවා ඇත.

ස්වාමීනි ඔබවහන්සේගේ ශුද්ධාත්මයෙන් අපට මඟ පෙන්වන්න කියා අප පැවසිය යුතුය. 

ශුද්ධාත්ම මඟ පෙන්වීම නොමැතිව අපට කිසිවක් කළ නොහැක.

නව ගිවිසුමේ සභාව ආරම්භ වූයේ ශුද්ධාත්මයාණන්වහන්සේ තුළිනි. 

ක‍්‍රියා 2 පරිච්ඡේදය

කි‍්‍රයා 1:8 ශුද්ධාත්මයාණන්වහන්සේ පැමිණි කළ අප බලය ලබනවා ඇත. 

ශුද්ධාත්ම බලය ශුභාරංචිය ප‍්‍රකාශ කිරීමට, යාච්ඤා කිරීමට, උපස්ථාන කිරීමට උපකාර කරයි.

ශුද්ධාත්මයාණන්වහන්සේ අප තුළට පැමිණි කළ අපට බලය පමණක් නොව, ජීවිතයට සැනසිල්ල සහනය ලැබේ. මෙම පොළොවේ ශුද්ධකමින් ජීවත්වීමට ශුද්ධාත්ම බලය අවශ්‍යයි.

ශුද්ධාත්මයාණන්වහන්සේ පිළිබද යොහන් 14, 15, 16, 17පරිච්ඡේද කියවීමෙන් පැහැදිලි ප‍්‍රකාශයන් දැනගත හැක.

1කොරින්ති 14:1-2 අනුව අන්‍ය භාෂාවෙන් කථා කරන්නේ දෙවියන්වහන්සේටය. 

ඒ තුළින් එළිදරව්වීම්, ප‍්‍රඥාවන්තදේ, මඟ පෙන්වීම් ලැබෙනු ඇත. 

ශුද්ධාත්මයෙන් පිරුණු ජීවිතයක් ගත කිරීම කිතුණු ජීවිතයේ වැදගත්ම දෙයකි. 

ශුද්ධාත්ම නදිය අප තුළින් ගලා යාමට ඉඩ දිය යුතුය.

ශුද්ධාත්මයෙන් පිරුණු පසු ඔබ අන් භාෂාවෙන් කථාකල යුතුය, යාචිඤා කල යුතුය, ඒ සදහා කාළය ගතකල යුතුය.

රෝම 8:26-28 අනුව ශුද්ධාත්මයාණන්වහන්සේ අපේ දුර්වලකමේදී උපකාර කරනසේක, අප වෙනුවෙන් මැදහත්කාරකම් කරනසේක.  ආත්මයේ මනස පවතිනුයේ දේව වචනයෙන් හා යාච්ඤාවෙනි.

හෙබ්‍රෙව් 4:12 ආත්මයාණන්වහන්සේ සිත් විමසනසේක, වැරදි දේ නොකරන්ට උපකාර කරනසේක. 

දෙවියන්වහන්සේ පේ‍්‍රමකරන්නන්ට සියලූ දේම යහපතට හරවනසේක.

යෝවෙල් 2:25 යක්ෂයා ඔබගේ කාලය නාස්තිකර තිබේ. අපගේ තැතිවු අවුරුදු සියල්ල නැවත පිහිටුවා දීමට දෙවියන්වහන්සේට පුළුවන. 

ජයග‍්‍රහනයන් සමරන්න. එය අන් අයට දකින්නට දෙන්න.

දෙවියන්වහන්සේට සියල්ල කල හැකිය, කනස්සලු නොවන්න, භය නොවන්න.

රෝම 8:26-28

26- එලෙසම ආත්මයාණන්වහන්සේත් අපගේ දුර්වලකම්වලදී උපකාරකරනසේක. මක්නිසාද යුතුලෙස යාච්ඤා කරන්ට අපි නොදනිමුව; නමුත් ආත්මයාණන්වහන්සේම කිය නොහැකි කෙඳිරිගෑම්වලින් අප උදෙසා මැදහත්කම් කරන සේක.

27- ඒ ආත්මයාණන්වහන්සේ දෙවියන්වහන්සේගේ කැමැත්ත ලෙස ශුද්ධවන්තයන් උදෙසා මැදහත්කම් කරන බැවින් සිත් විමසන තැනැන්වහන්සේ උන්වහන්සේගේ අදහස කුමක්දැයි දන්නාසේක. 

28- තවද දෙවියන්වහන්සේට පේ‍්‍රමකරන්නන්ට, එනම් උන්වහන්සේගේ අභිප‍්‍රාය ලෙස කැඳවනු ලැබූවන්ට, සියලූ දේම යහපත පිණිස එකට කි‍්‍රයාකරන බව අපි දනිමුව.

යෙසායා 43:18

පළමු කාරණා සිහි නොකරල්ලා, පුරාණ දේවල්ද කල්පනා නොකරල්ලා.


Watch the Sermon Video

Read 532 times