+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

දෙවියන්වහන්සේගේ දරුවන් ද, යක්ෂයාගේ දරුවන් ද?- මනූ මැතානි
February 27, 2022 Sunday Sermon Notes

 

අපි ශුද්ධකමෙන් ජීවත් වෙමු.

ශුද්ධකමෙන් ජීවත් වීම යනු වෙන්වූ ජීවිතක් ගත කිරීම.

1 යොහන් 3:8-10
පව්කරන තැනැත්තේ යක්ෂයාගෙන්ය; මක්නිසාද යක්ෂයා පටන්ගැන්මේ සිට පව්කරන්නේය. දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් ප්‍රකාශකරනු ලැබුවේ මේ පිණිසය, එනම් යක්ෂයාගේ ක්‍රියා විනාශකරන පිණිසය. දෙවියන්වහන්සේගෙන් ඉපදී සිටින කිසිවෙක් පව්කරන්නේ නැත, මක්නිසාද ඔහු තුළ උන්වහන්සේගේ බීජය පවතින්නේය. දෙවියන්වහන්සේගෙන් ඉපදී සිටින බැවින් පව්කරන්ට ඔහුට නුපුළුවන. මෙයින් දෙවියන්වහන්සේගේ දරුවෝද යක්ෂයාගේ දරුවෝද ප්‍රකාශව සිටිති. ධර්මිෂ්ඨකම් නොකරන කවරෙක්වත් තමාගේ සහෝදරයාට ප්‍රේම නොකරන්නෙක්වත් දෙවියන්වහන්සේගෙන් නොවෙයි.

අපි ජීවත් වෙන්නේ මනුෂ්‍යයන් සතුටු කරන්නට නොවේ. නුමුත් දෙවියන්වහන්සේව පමණක් සතුටු කරන්නටයි.

අප ගැළවීම ලබා ගත්තේ දෙවියන්වහන්සේගේ කැමැත්ත කරන්නටයි. ඇදහිල්ලෙන් ස්ථීර ඉදිරියට ගමන් කරන්නටයි.

දෙවියන්වහන්සේ මාගේ ජීවතය වෙනස් කළේ උන්වහන්සේ උදෙසා ජීවත් වන පිණිසයි.

යේසුස්වහන්සේ යක්ෂයාගේ ක්‍රියා විනාශ කළ ආකාරයටම මමත් යක්ෂයාගේ ක්‍රියා විනාශ කරන්නටයි ජීවත් වන්නේ.

අපි ජීවත් වන්නේ මනුෂ්‍යයන්ට උපකාර කරන්නටයි.

දෙවියන්වහන්සේගේ කැමැත්ත අපි මනුෂ්‍යයන්ට සත්‍යය කතා කරන්නයි. ශුභාරංචිය ප්‍රකාශ කරන්නයි.

යොහන් 14:6 යේසුස්වහන්සේ ඔහුට කියනසේක්: මාර්ගයද සැබෑවද ජීවනයද මමය. මා කරණකොටගෙන මිස කිසිවෙක් පියාණන්වහන්සේ වෙතට පැමිණෙන්නේ නැත,

යේසුස්වහන්සේ අනර්ග ලේ වැගිරුවේ මනුෂ්‍යයන් නිදහස් කරන්නයි. අපි යේසුස්වහන්සේගේ ලේ වැගිරීම ගැන කතා කරමු.

අපි බාධා පීඩා භය නොවී ජයගෙන ඉදිරියට යමු.

අපි බාධාවන් අභිබවා යමු.

ආබ්‍රහම් ඇදහිල්ලෙන් දෙවියන්වහන්සේට ප්‍රසන්න වූ ජීවිතක් ගත කළා.

ඔබට නියම සැපත තිබෙන්නේ දේව කැමැත්ත කරන ස්ථානයේ සිටින්නටයි.

ආත්මික මනුෂ්‍යයා නිතරම මහිමයෙන් මහිමයටයි ජීවත්වන්නේ.

උත්පත්ති 22:2 උන්වහන්සේ: නුඹේ පුත්‍රවූ නුඹ ප්‍රේමකරන නුඹේ එකම පුත්‍රවූ ඊසාක් රැගෙන මොරියා දේශයට ගොස්, මා විසින් නුඹට කියන කන්දක් පිට දවන පූජාවක් වශයෙන් ඔහු ඔප්පුකරවයි කීසේක.

මතෙව් 11:28 වෙහෙසවෙන්නාවූ, බර උසුලන්නාවූ සියල්ලෙනි, මා වෙතට එන්න, මම නුඹලාට සහනය දෙමි.

අපි යේසුස්වහන්සේ පිළිගත් දවසේදී ආත්මික විශ්‍රමයට ඇතුල් වුණා.

යාකොබ් 1:22 නුමුත් නුඹලාම රවටාගනිමින් වචනය අසන්නෝ පමණක් නොවී එය පිළිපදින්නෝ වෙන්න.

අපගේ ඇදහිල්ල නිතරම ක්‍රියාවට නංවමු.

අපි හරි වචනය කතා කරමු.

අපි ඇදහිල්ලේ ප්‍රකාශ කරන්නේ දේව වචනය තුළ පවසා තිබෙන දෙයයි.

ආබ්‍රහම් දේව හඬට කීකරු වුණා. තමාගේ සිනහව පූජා කරන තරමට දේව කැමැත්ත කළා.

කීකරුකමේ ආශීර්වාද විශාලයි.

උත්පත්ති 22:11‭-‬12 එවිට ස්වාමීන්වහන්සේගේ දූතයා ස්වර්ගයෙහි සිට ඔහුට අඬගසා: ආබ්‍රහම්, ආබ්‍රහම්යයි කීයේය. ඔහුද: මම මෙහියයි කීය. දේවදූතයා: නුඹේ අත තරුණයා පිට නොතබව, ඔහුට කිසිවක් නොකරව. මක්නිසාද නුඹේ පුත්‍රයා, නුඹේ එකම පුත්‍රයා මාගෙන් නොවැළැක්වූ බැවින් නුඹ දෙවියන්වහන්සේට භයවෙන බව දැන් දනිමියි කීයේය.

හෙබ්‍රෙව් 11:19 මළවුන්ගෙන් පවා නැගුටුවන්ට දෙවියන්වහන්සේට පුළුවනැයි ඔහු කල්පනාකොට, උපහැරණ වශයෙන් මරණයෙන් ඔහු නැවත ලබාගත්තේය.

ආබ්‍රහම් දේව හඬ අසා උන්වහන්සේට කීකරු වුණා.

1 යොහන් 2:16 මක්නිසාද ලෝකයෙහි තිබෙන සියල්ල, එනම්, මාංසයේ තෘෂ්ණාවත් ඇස්වල තෘෂ්ණාවත් ජීවිතයේ අහංකාරකමත් පියාණන්වහන්සේගෙන් නොව ලෝකයෙන් වේ.

1 යොහන් 2:17
ලෝකයත් ලෝකයේ තෘෂ්ණාවත් පහවයන්නේය. නුමුත් දෙවියන්වහන්සේගේ කැමැත්ත කරන්නා සදාකාලේටම පවතින්නේය.

ගීතාවලිය 91:16 දීර්ඝායුෂයෙන් ඔහු සෑහීමට පමුණුවා, මාගේ ගැළවීම ඔහුට දක්වන්නෙමි.

දේව කැමැත්ත කිසි කෙනෙකු විනාශ වීම නොවේ.

ලූක් 15:10 එලෙසම පශ්චාත්තාපවන්නාවූ එක පව්කාරයෙකු ගැන දෙවියන්වහන්සේගේ දූතයන් ඉදිරියෙහි ප්‍රීතිය ඇත්තේයයි නුඹලාට කියමියි කීසේක.

මනුෂ්‍යයාගේ ගැළවීම ඉතා උතුම්.

මතෙව් 6:33 නුමුත් පළමුකොට උන්වහන්සේගේ රාජ්‍යයද උන්වහන්සේගේ ධර්මිෂ්ඨකමද සොයන්න; මේ සියල්ලත් නුඹලාට දෙනුලබන්නේය.

1 පේතෘස් 4:1 ඉතින් ක්‍රිස්තුස්වහන්සේ මාංසයෙන් (අප උදෙසා) වධවින්ද බැවින්, මාංසයේ ඉතිරිව තිබෙන කාලයෙහි තවත් මනුෂ්‍යයන්ගේ තෘෂ්ණා ලෙස නොව,

1 පේතෘස් 4:2 දෙවියන්වහන්සේගේ කැමැත්ත ලෙස ජීවත්වෙන පිණිස එම සිත ආයුධයක් කොට පැළඳගන්න. මක්නිසාද මාංසයෙන් වධවින්ද තැනැත්තේ පාපයෙන් නිදහස්වී සිටියි.

රෝම 16:20 සමාදානයේ දෙවියන්වහන්සේද නොබෝ කලකින් සාතන් නුඹලාගේ පාද යට දමා පොඩිකරනසේක. අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ අනුග්‍රහය නුඹලා සමඟ වේවා.

යෙසායා 60:1 නැගිට බැබළියන්න, මක්නිසාද නුඹේ ආලෝකය පැමුණුණේය, ස්වාමීන්වහන්සේගේ තේජසද නුඹ කෙරෙහි උදානැගිට

1 යොහන් 3:8-10
8 පව්කරන තැනැත්තේ යක්ෂයාගෙන්ය; මක්නිසාද යක්ෂයා පටන්ගැන්මේ සිට පව්කරන්නේය. දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් ප්‍රකාශකරනු ලැබුවේ මේ පිණිසය, එනම් යක්ෂයාගේ ක්‍රියා විනාශකරන පිණිසය.

9 දෙවියන්වහන්සේගෙන් ඉපදී සිටින කිසිවෙක් පව්කරන්නේ නැත, මක්නිසාද ඔහු තුළ උන්වහන්සේගේ බීජය පවතින්නේය. දෙවියන්වහන්සේගෙන් ඉපදී සිටින බැවින් පව්කරන්ට ඔහුට නුපුළුවන.

10 මෙයින් දෙවියන්වහන්සේගේ දරුවෝද යක්ෂයාගේ දරුවෝද ප්‍රකාශව සිටිති. ධර්මිෂ්ඨකම් නොකරන කවරෙක්වත් තමාගේ සහෝදරයාට ප්‍රේම නොකරන්නෙක්වත් දෙවියන්වහන්සේගෙන් නොවෙයි.

Watch the Sermon Video

Read 460 times