+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

අපගේ දෙවියන්වහන්සේ කිසිදා අසමර්ථ වන්නේ නැත - යෝෂා මනූ
February 27, 2022 Sunday Sermon Notes

 

යේසුස්වහන්සේගේ ලේ බලවන්තයි.

ලේ ගිවිසුමේ අභිරහස නිරාවරණය කිරීම ඉතා අලංකාර පොතක්.

මේ පොතේ කර්තෘ පැහැදිලි කරන්නේ දෙවියන්වහන්සේ අප සමඟ ගිවිසුමක් ඇති කළ බවයි.

දෙවියන්වහන්සේ අප සමඟ ගිවිසුමක් ඇති කළේ ඇයි? අපට ලේ ගිවිසුමක් අවශ්‍යව තිබුණ නිසයි.

මනුෂ්‍යයාට දෙවියන්වහන්සේ සමඟ තිබුණ සම්බන්ධකම බිඳ වැටුණු නිසා පව්කාර ස්වභාවය හිමි වුණා.

කාලාන්තරයක් තිස්සේ දෙවියන්වහන්සේ මනුෂ්‍යයා සමඟ ගිවිසුම් සෑදුවා. ආබ්‍රහම් සමඟ සෑදූ ගිවිසුම සාදා උන්වහන්සේ ඔහුගේ වංශයෙන් දෙව් පුත්‍රයාණන් එවනු ලැබුවා.

දෙවියන්වහන්සේ අප සමග දිව්‍යමය හුවමාරුවක් ඇති කර තිබෙනවා. මේ හුවමාරුව නිසා අපට යහපත් දේවල් හිමි වන්නේ.

උන්වහන්සේ අප සමඟ ඇති කළ හුවමාරුව දැනගැනීම වැදගත්.
මේ හුවමාරුව නිසයි අපට යහපත් දේවල් හිමි වන්නේ.

යේසුස්වහන්සේ දඬුවම් වින්ඳේ අපට කමාව ලබා දෙන පිණිසයි.

යේසුස්වහන්සේ තුවාල ලැබුවේ අපට සුවය ගෙන දෙන පිණිසයි.

යේසුස්වහන්සේ අපේ පව් නිසා පාපය වූයේ අප උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම ලබා ගන්නා පිණිසයි.

යේසුස්වහන්සේ අපගේ මරණය වින්ඳේ අපට උන්වහන්සේගේ සදාකාල ජීවනය දෙන පිණිසයි.

යේසුස්වහන්සේ අපගේ දිළිඳුකම දරා ගත්තේ උන්වහන්සේගේ බහුලත්වය, සඵලත්වය, දියුණුව, සැපයීම අපි භුක්තිවිඳින පිණිසයි.

යේසුස්වහන්සේ අපගේ නින්දාව උසුලාගෙන, යේසුස්වහන්සේ අපගේ ලැජ්ජාව දරාගත්තේ, උන්වහන්සේගේ තේජස අප භුක්ති විඳින පිණිසයි.

මනුෂ්‍යයා නැති කරගත් මහිමය යේසුස්වහන්සේ නැවත පිහිටුවනු ලැබුවා. යේසුස්වහන්සේ අපගේ ලැජ්ජාව දරාගත්තා. උන්වහන්සේගේ තේජස අප භුක්ති විඳින පිණිසයි.
යේසුස්වහන්සේ අපගේ ප‍්‍රතික්ෂේපය දරා ගත්තා. නැතහොත් අපගේ තනිකම උන්වහන්සේ දරා ගත්තා.
ඔබව යම් කෙනෙකු ප‍්‍රතික්ෂේප කර තිබුණත් යේසුස්වහන්සේ කිසිදා ඔබව ප‍්‍රතික්ෂේප නොකරනසේක.

යේසුස්වහන්සේ අපගේ තනිකම කුරුසයේදී දරාගත් සේක.

යේසුස්වහන්සේ අපගේ තනිකම දරා ගත් විට පැවසුවේ, ‘මාගේ දෙවියනි, මාගේ දෙවියනි, ඔබ මා අත්හැරියේ මක්නිසාද” යනුයි. මතෙව් 27:46

මුළු මනුෂ්‍ය සංහතිය වෙනුවෙන් යේසුස්වහන්සේ තමාගේ ජීවිතය පුජා කළා පමණක් නොව උන්වහන්සේ සෑම පරම්පරාවකම ඉපදෙන මනුෂ්‍යයන්ගේ පාපය තමා මත උසුලා ගත්සේක. මනුෂ්‍යයාගේ සෑම පාපයක්ම දෙවියන්වහන්සේ යේසුස්වහන්සේ මත තැබූ නිසා උන්වහන්සේ යේසුස්වහන්සේව මඳ වේලාවකට ප‍්‍රතික්ෂේප කළා.

දෙවියන්වහන්සේ යේසුස්වහන්සේ මත මනුෂ්‍යයාගේ සියලුම පාප, ලෙඩ රෝග, දිළිඳුකම හා සෑම ශාපයක්ම දැමුවා.

ඒදන් උයනේදී මනුෂ්‍යයා දෙවියන්වහන්සේට විරුද්ධව කි‍්‍රයා කිරීමෙන් උන්වහන්සේ සමග තිබුණු සමබන්ධකම නැති කර ගත්තා.

දෙවියන්වහන්සේ නැවත වාරයක් යේසුස්වහන්සේව මේ පොළොවට එවමින් අපගේ පාප වෙනුවෙන් පූජාවක් වී අපගේ සම්බන්ධකම නැවත පිහිටුවනු ලැබුවා.

යේසුස්වහන්සේ නිකොදේමුස්ට දේව රාජ්‍යය ගැනත් නැවත ඉපදීම ගැනත් පවසුවේ මෙයාකාරවයි:

යොහන් 3:1-9 යුදෙව්වරුන්ගේ ප්‍රධානියෙක්වූ නිකොදේමුස් නම් ඵරිසියෙක් සිටියේය. හෙතෙම රාත්‍රියේ උන්වහන්සේ ළඟට ඇවිත්: රබ්බි, ඔබ දෙවියන්වහන්සේ කෙරෙන් ආවාවූ ගුරුවරයෙකැයි අපි දනිමුව. මක්නිසාද තමා සමඟ දෙවියන්වහන්සේ නැත්නම් ඔබ කරන්නාවූ මේ හාස්කම් කරන්ට කිසිවෙකුට නුපුළුවනැයි කීවේය. යේසුස්වහන්සේ උත්තරදෙමින්: සැබවක් සැබවක් නුඹට කියමි-යමෙක් අලුතෙන් නූපන්නොත් ඔහුට දෙවියන්වහන්සේගේ රාජ්‍යය දකින්ට නොහැකියයි ඔහුට කීසේක. නිකොදේමුස් උන්වහන්සේට කථාකොට: මනුෂ්‍යයෙක් මහලුව සිටියදී උපදින්ට පුළුවන් කොහොමද? දෙවෙනි වර මවුකුසට ඇතුල්ව උපදින්ට පුළුවන්දැයි උන්වහන්සේට කීවේය. යේසුස්වහන්සේ උත්තරදෙමින්: සැබවක් සැබවක් නුඹට කියමි-යමෙක් වතුරෙන්ද ආත්මයාණන්ගෙන්ද නූපන්නොත් ඔහුට දෙවියන්වහන්සේගේ රාජ්‍යයට ඇතුල්වෙන්ට බැරිය. මාංසයෙන් උපදින දේ මාංසයය; ආත්මයාණන්ගෙන් උපදින දේ ආත්මයය. නුඹලා අලුතෙන් උපදින්ට ඕනෑයයි මා කීවාට පුදුම නොවන්න. හුළඟ කැමති කැමති තැනට ගසයි, එහි ශබ්දය නුඹට ඇසෙයි, නුමුත් කොතැනින් එන්නේද කියාවත් කොතැනට යන්නේද කියාවත් නුඹ දන්නේ නැත. ආත්මයාණන්ගෙන් ඉපිද සිටින සියල්ලෝම එසේමයයි කීසේක. නිකොදේමුස් උත්තරදෙමින්: මේ දේ වෙන්ට පුළුවන් කොහොමදැයි උන්වහන්සේට කීවේය.

යම් පමණ දෙනෙක් උන්වහන්සේ පිළිගත්තෝද, එනම් උන්වහන්සේගේ නාමය කෙරෙහි අදහාගන්නෝද, ඔවුන්ට දෙවියන්වහන්සේගේ දරුවන්වෙන්ට උන්වහන්සේ බලය දුන්සේක. යොහන් 1:12-12

යේසුස්වහන්සේ අපගේ ප‍්‍රතික්ෂේපය දරා ගත්තේ අපව දෙවියන්වහන්සේ ඉදිරියේ පිළිගැනීම ලබා දෙන පිණිසයි.
යේසුස්වහන්සේ අප වෙනුවෙන් ශාපයක් වුයේ අපව ආශීර්වාදයට ඇතුල් කරන පිණිස.

ඔබට විපතින් වැළකී වඩා හොඳ ජීවිතයක් ගත කරන්නේ කෙසේද කියා දැන ගන්නට කැමති නම් ඔබගේ දිවෙන් කතා කරන වචන ගැන ප‍්‍රවේසම් විය යුතුයි.

හිතෝපදේශ 18:21 මරණයත් ජීවනයත් දිවේ වසඟයෙහි ඇත්තාහ; ඊට ප්‍රියවන්නෝ එහි ඵල භුක්තිවිඳින්නෝය.

නොරැවටෙන්න; දෙවියන්වහන්සේට සරදම්කරන්ට කාටවත් බැරිය. මක්නිසාද මනුෂ්‍යයෙක් තමා වපුරන දේම කපා ගන්නේය. ගලාති 6:7

මගේ දෙවියන්වහන්සේ කිසිදා අසමර්ථ වන්නේ නැත.

දෙවියන්වහන්සේ කිසිදා අසාර්ථක වන්නේ නැත

කිසිදා අසාර්ථක නොවන අසමර්ථ නොවන දෙවියන්වහන්සේ අප තුළයි.

හෙබ්‍රෙව් 1:12
ඔබ ඒවා සළුවක් මෙන් අකුළනසේක, වස්ත්‍රයක් මෙන් ඒවා මාරුවන්නේය. නුමුත් ඔබ එකාකාරමය, ඔබගේ අවුරුදු තීන්දු නොවන්නේයයි කියනසේක.

දෙවියන්වහන්සේ ප‍්‍රකාශ කරන්නේ උන්වහන්සේගේ අවුරුදු තීන්දු නොවන්නේයයි.

උන්වහන්සේ වයසින් සීමා වන්නේ නැත.
ස්වාමීන්වහන්සේගේ වයසට සීමාවක් නැත.
උන්වහන්සේ සදාකාලිකයි.
උන්වහන්සේගේ ආරම්භය අපට සොයා ගත නොහැකියි.

පටන්ගැන්මෙහිදී දෙවියන්වහන්සේ සිටිසේක.
උන්වහන්සේගේ පටන්ගැන්ම අපට සොයා ගන්නට නොහැකියි.

උන්වහන්සේ කිසිදා වෙනස් නොවේ, නිමක් නැති වසර ගණනක් ඇති දෙවියන්වහන්සේ.

උන්වහන්සේට යමක් නොකර සිටින්නට දන්නේ නැහැ;
උන්වහන්සේට යමක් කරමින් අසාර්ථක වන්නට දන්නේ නැත.

උන්වහන්සේ නිතරම සෑම දෙයක්ම කරන්නේ සාර්ථකවයි.

උන්වහන්සේ අසාර්ථකභාවය හා පරාජය අත් දැකලාවත් අත් දකින්නෙත් නැත.

උන්වහන්සේ "මට වැරදුනා" කියා ප‍්‍රකාශ කරන්නේ නැත.
දෙවියන්වහන්සේට කිසිදා වරදින්නේ නැත.
අපගේ දෙවියන්වහන්සේ නොවරදින දෙවි කෙනෙක්.

උන්වහන්සේ කිසිදා "මට ක්‍රියාත්මක කරන්නට නොහැකියි" -
හෝ "මට මේක කරන්ට අපහසුයි" - "මට තේරෙන්නේ නැහැ" කියා ප‍්‍රකාශ කරන්නෙත් නැත.

උන්වහන්සේගේ දරුවන් වන අපටත් උන්වහන්සේ පවසන්නේ මේ ආකාර වචන ඔබ ප‍්‍රකාශ නොකළ යුතුයි. මන්ද බලවන්ත දෙවියන්වහන්සේ අප තුළයි.

උන්වහන්සේට අයහපත කරන්නට දන්නේ නැත.

ජීවන වෘක්ෂය තිබෙන්නේ අපගේ දිවේ.

ශාන්තිදායක දිව ජීවන වෘක්ෂයක්ය; හිතෝපදේශ 15:4

උන්වහන්සේ "මට කරන්න බැහැ" "මට කරන්න දන්නේ නැහැ” කියා පවසන්නේ නැහැ.

“බැහැ - නැහැ - අමාරුයි - දන්නේ නැහැ - වෙන්නේ නැහැ - කවදාවත් කරන්න බැහැ - ඕක හරියන්නේ නැහැ” මෙවැනි වචන අපි තහනම් කරමු.

“මා බලවත්කරන්නාවූ තැනන්වහන්සේ තුළ මට සියලු දේ කරන්ට පුළුවන.” පිලිප්පි 4:13

මක්නිසාද දෙවියන්වහන්සේගෙන්වූ කිසි වචනයක් බල රහිත නොවන්නේයයි කීවේය. ලූක් 1:37

දෙවියන්වහන්සේට අමාරු වු, අපහසු වූ, බැරිවූ කිසි දෙයක් නැත

1 කොරින්ති 13:8 ප්‍රේමය කිසිකලක (කිසිදා - කිසි අයුරින්වත්) පහවන්නේ නැත. (සදාකාලිකයි)

දෙවියන්වහන්සේ ප්‍රේමයයි. 1 යොහන් 4:8, 16.

උන්වහන්සේ කිසි අයුරින්වත් අපව අතහැර යන්නේ නැත

"මෙසේ: ස්වාමීන්වහන්සේ මාගේ උපකාරකාරයාණෝය; මම භය නොවන්නෙමි; මනුෂ්‍යයා මට කරන්නේ කුමක්ද? කියා මහත් ධෛර්යයෙන් යුක්තව කියමුව. හෙබ්‍රෙව් 13:6

මක්නිසාද: මම කිසිසේත් නුඹෙන් අහක්ව නොයමි, කිසි අන්දමකින්වත් නුඹ අත් නොහරිමියි උන්වහන්සේම කියා තිබේ. හෙබ්‍රෙව් 13:5
උන්වහන්සේ වැටෙන්නේ නැහැ - උන්වහන්සේගේ බලය බල රහිත වන්නේ නැහැ - උන්වහන්සේ බලපෑමකින් තොරව සිටින්නේ නැහැ.

ද්වීතීය කථාව 31:6 ශක්තිමත්ව ධෛර්යවත්ව සිටින්න, ඔවුන් ගැන භයනොවන්න, තැතිනොගන්න. මක්නිසාද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේම නුඹ සමඟ යනසේක; උන්වහන්සේ නුඹෙන් අහක්ව යන්නේවත් නුඹ අත්හරින්නේවත් නැතැයි කීවේය.

ද්වීතීය කථාව 31:7-8
7 මෝසෙස් යෝෂුවා කැඳවා සියලු ඉශ්‍රායෙල්වරුන් ඉදිරියෙහි ඔහුට කථාකොට: නුඹ ශක්තිමත්ව ධෛර්යවත්ව සිටින්න. මක්නිසාද මේ සෙනඟට දෙන හැටියට ස්වාමීන්වහන්සේ ඔවුන්ගේ පියවරුන්ට දිවුළ දේශයට නුඹ ඔවුන් සමඟ ගොස් ඒක ඔවුන්ට උරුමකරදෙනවා ඇත.

8 ස්වාමීන්වහන්සේම නුඹට පෙරටුව යනසේක; උන්වහන්සේ නුඹ සමඟ වනසේක, උන්වහන්සේ නුඹෙන් අහක්ව යන්නේවත් නුඹ අත්හරින්නේවත් නැත. භයනොවන්න, නොකැලඹෙන්නැයි කීවේය.

දෙවියන්වහන්සේ අප සමග සිටින බැවින් අපි අසමර්ථ වන්නේ නැත.

යෝෂුවා 1:5-7
5 නුඹේ ජීවිතයේ සියලු දවස්වල කිසිවෙකුට නුඹට විරුද්ධව සිටින්ට නොහැකි වන්නේය. මම මෝසෙස් සමඟ සිටියාක් මෙන්ම නුඹ සමඟත් සිටින්නෙමි. නුඹෙන් අහක්ව නොයන්නෙමි, නුඹ අත්නාරින්නෙමි.

6 ශක්තිමත්ව ධෛර්යවත්ව සිටින්න. මක්නිසාද මේ සෙනඟට දෙන හැටියට මා විසින් ඔවුන්ගේ පියවරුන්ට දිවුළ දේශය නුඹ ඔවුන්ට උරුමකර දෙන්නෙහිය.

7 මාගේ මෙහෙකරුවූ මෝසෙස් නුඹට අණකළ මුළු ව්‍යවස්ථාවේ ප්‍රකාර කරන්ට බලාගන්න පිණිස ශක්තිමත්ව ඉතා ධෛර්යවත්ව සිටින්න. නුඹ යන සෑමතැනදීම නුඹට ශුභ සිද්ධවන පිණිස එයින් දකුණටවත් වමටවත් නොහැරෙන්න. "


Watch the Sermon Video

Read 492 times