+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

දෙවියන්වහන්සේ අප සමග සිටින බැවින් අපි අසමර්ථ වන්නේ නැත - යෝෂා මනූ
March 6, 2022 Sunday Sermon Notes

 

පැමලාගේ යාච්ඤාව

එය ඔබගේ සහකරුවා හෝ සහකාරිය සොයා ගන්නේ කෙලෙසද කියා දැනගැනීමට උපකාරි කරගත හැකි අලංකාර චිත‍්‍රපටියකි.

දෙවියන්වහන්සේ ඒදන් උයන මවා එය ආරක්ෂා කිරීමේ වගකීම ආදම්ට දෙනලදි.
ඒදන් උයනේ සියල්ල ආදම්ට භාරදී අවසානයේ දෙවියන්වහන්සේ ආදම්ට තද නින්දක් පමුණුවා ඒවව මවනු ලැබීය.

උත්පත්ති 3:1 සර්පයා වනයේ කවර සත්වයෙකුටත් වඩා ප‍්‍රයෝග සහිත වුයේය.

සර්පයා ඒවගෙන් දෙවියන්වහන්සේගේ ආඥාව අසන ලදි. ඒවට දෙවියන්වහන්සේගේ ආඥාව අමතකවුණි.

හිතෝපදේශ 6:2 යක්ෂයා අපගේ මුඛයේ වචන වලින් අපව පටලනු ඇත.

හිතෝපදේශ 18:21

ඔබ යක්ෂයා පාද යට තබා ගන්න. ඔබගේ වචන හරිගස්වා ගන්න.

යෙසායා 54:17 වචන වල බල කඩන්න

ඒව එපා කියු දෙය කා ආදම්ටද දෙන ලදි.

ආදම්ද සහකාරිය හා එකඟව එය කෑමෙන් දැන දැන වැරැුද්ද කරන ලදි.

ඔබගේ සහකරු හෝ සහකාරිය දෙවියන්වහන්සේට වඩා උතුම් දෙයක් කරන්නයැයි ඔබට පැවසුවහොත් එයට එකඟ නොවන්න.

දෙවියන්වහන්සේට දෙන ස්ථානය අන් කිසිවෙකුට නොදෙන්න.

අපගේ දෙවියන්වහන්සේ කිසිදා අසමර්ථ වන්නේ නැත

යොහාන් 1:1

ලූක් 16:17

එහෙත් ව්‍යවස්ථාවෙන් එක බින්දුවක් පහවීමට වඩා අහසත් පොළොවත් පහවයාම පහසුය.

යේසුස්වහන්සේ කිහිප වරක්ම තමන්ගේ කුරුස පූජාව ගැන පවසමින් නැවත මළවුන්ගෙන් නැගිට ඔවුන් ඔවුන් සමඟ සම්භන්ධ වන බව පැවසුවත් ගෝලයන්ට එහි සත්‍යතාවය වැටහුනේ නැත.

සීමොන්ටද එය වැටහුනේ නැත.

යේසුස්වහන්සේ දැන සිටියා සීමොන්ට වෙන්ට යන දේ. උන්වහන්සේ සීමොන් වෙනුවෙන් යාච්ඤා කරන ලදි.

සීමොන්, සීමොන්, බලව, නුඹලා ගෝධුම මෙන් පොළන්ට සාතන් ඉල්ලුවේය. නුමුත් නුඹේ ඇදහිල්ල නැති නොවන පිණිස නුඹ උදෙසා මම යාච්ඤාකෙළෙමි. නුඹ නැවත හැරුණායින් පසු නුඹේ සහෝදරයන් ස්ථිරකරන්නැයි කීසේක. ලූක් 22:31‭-‬32

ඇදහිල්ල පහ නොවන පිණිසය.

අසාර්ථක නොවන පිණිස

උන්වහන්සේ නිතරම සෑම දෙයක්ම කරන්නේ සාර්ථකවයි.

උන්වහන්සේ අසාර්ථකභාවය හා පරාජය අත් දැකලාවත් අත් දකින්නෙත් නැත.

1 සාමුවෙල් 30:8 දාවිත්ද අසමර්ථ විය

එහෙත් ඔහු දැන සිටියා දෙවියන්වහන්සේ අසමර්ථ නොවන බව. ඔහු දෙවියන්වහන්සේගෙන් විමසුවා.

ඔබද අභියෝග වලට මුහුණ දෙන විට දෙවියන්වහන්සේ වෙතට යන්න. දෙවියන්වහන්සේ හරි තීරණ ඔබට දෙනු ඇත.

 


Watch the Sermon Video

Read 530 times