+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

ස්වාමීන්වහන්සේ ඔබ ගැන සලකනසේක- මනූ මැතානි
March 13, 2022 Sunday Sermon Notes

 

ඔබ ජයග්‍රාහී පුද්ගලයෙකුයි. බාධා මධ්‍යයේ මම ජයග්‍රාහිකයි.

දේව කැමැත්ත වන්නේ ඔබ නිතරම පූර්ණ වී සිටීමයි. ආශීර්වාදයෙන් ජීවත්වීමයි.

1 පේතෘස් 5:7 උන්වහන්සේ නුඹලා ගැන සලකන බැවින් නුඹලාගේ හැම කරදර උන්වහන්සේ පිට තබන්න;

උන්වහන්සේ අපි ගැන සලකන බව අපි විශ්වාස කරමු. ඔබ ලියවිල්ල විශ්වාස කරන්න.

මගේ ආශාවන් ඉෂ්ට කරන්න ඔබවහන්සේ මට පොරොන්දු වූවා.

උන්වහන්සේ මගේ අවශ්‍යතාවයටත් වැඩියෙන් සපයා දෙන තැනන්වහන්සේය.

ස්වාමීන්වහන්සේගේ මාගේ මූලාශ්‍රයයි.
අපි සමාජයට ආශීර්වාදයක් විය යුතුයි.

උත්පත්ති පොතේ දෙවියන්වහන්සේ පළමු මනුෂ්‍යයා සහ ස්ත්‍රී මවා ඔවුන්ට ආශීර්වාද කළා.

මනුෂ්‍යයාගේ වැටීමෙන් පසු ඒ ශාපය මනුෂ්‍යයාගේ ජීවිතයට පැමිණුනේ.

1 පේත්‍රැස් 5:6 එබැවින් දෙවියන්වහන්සේ සුදුසු කාලයේදී නුඹලා උසස්කරන පිණිස උන්වහන්සේගේ බලවත් හස්තයට යටත් වෙන්න;

සෑම දෙයකට නියමිත කාලයක් තිබෙනවා.

ස්වාමීන්වහන්සේගේ ඒ නියමිත වේලාවට ඔබව උසස් කරනසේක.

වර්ධනය වෙන්නට කැමති වෙන අය, යටහත් පහත් සෙනඟක්. සුදුසු කාලයට, නියමිත වේලාවට ස්වාමීන්වහන්සේ ඔබේ ජීවිතයේ ක්‍රියා කරනසේක.

ඔබ තනි වෙන ස්ථානයේ ඔබගේ ඇදහිල්ල වර්ධනය වෙනවා නොඅනුමානයි.

ස්වාමීන්වහන්සේගේ කැමැත්ත ඔබ ජයගැනීමයි.

ගීතාවලිය 22:5 ඔව්හු ඔබට හඬගැසුවෝය, මුදනු ලැබුවෝය; ඔබ කෙරෙහි විශ්වාසකළෝය, ලජ්ජානුවූවෝය.

මනුෂ්‍යයන් ඔබව ලැජ්ජාවට පත්කළ නමුත් දෙවියන්වහන්සේ කිසිදා ඔබව ලැජ්ජාවට පත් කරන්නේ නැත.

1 යොහන් 4:17 අප තුළ ප්‍රේමය සම්පූර්ණව තිබීම නම්, ඒ තැනන්වහන්සේ සිටින ආකාරයටම අපත් මේ ලෝකයෙහි සිටින බැවින්, විනිශ්චය දවස ගැන නිසැකකම ඇතුව සිටීමය.

අපි ස්වාමීන්වහන්සේ පිළිගත් දවසේදී උන්වහන්සේගේ ප්‍රේමයෙන් අපව පුරවන ලද්දේය.

රෝම 5:5 බලාපොරොත්තුව ලජ්ජාවට නොපමුණුවන්නේය; මක්නිසාද අපට දෙනලද ශුද්ධාත්මයාණන්වහන්සේ කරණකොටගෙන දෙවියන්වහන්සේගේ ප්‍රේමය අපගේ හෘදවල වගුරුවනලද්දේය.

අපගේ ආත්මය තුළ තිබෙන ගැළවීම ළිං වලින් ඔබ දිය ඇද ගත යුතුයි. ඒ ජීවන උල්පත් තුළින් ප්‍රේමය, ප්‍රීතිය, සමාදානය, සමාවදීම ඇදගන්න.

යෙසායා 12:3 එබැවින් නුඹලා ප්‍රීති ඇතුව ගැළවීමේ ළින්වලින් දිය ඇදගන්නහුය.

අප තුළ වාසය කරන්නේ ප්‍රේමයයි.

රෝම 8:11 තවද යේසුස්වහන්සේව මළවුන්ගෙන් නැගිටෙවු තැනන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ නුඹලා තුළ වාසයකරනසේක් නම්, ක්‍රිස්තුස් යේසුස්වහන්සේව මළවුන්ගෙන් නැගිටෙවු තැනන්වහන්සේ නුඹලා තුළෙහි වසන තමන්ගේ ආත්මයාණන්වහන්සේ කරණකොටගෙන නුඹලාගේ මරණීය ශරීරයන්ද ජීවත් කරනසේක.

අපගේ ශරීරය ජීවත් කරන්නේ අපගේ ආත්මයයි.

මිදීම, සහනය ඇත්තේ අප තුළින්.

පිලෙමොන් 1:5-6 නුඹ තුළ පවතින සියලු යහපත් දේ ගැන දැනගැනීමෙන් නුඹේ ඇදහිල්ලේ හවුල්කාරකම ක්‍රිස්තුස්වහන්සේ උදෙසා බලවත්වන පිණිස, මාගේ යාච්ඤාවලදී නුඹ ගැන මතක්කරමින් නිතරම මාගේ දෙවියන්වහන්සේට ස්තුතිකරමි.

ඔබ තුළ තිබෙන යහපත් දේවල් ක්‍රිස්තුස්වහන්සේ තුළින් ඔබ ප්‍රකාශ කරන්න. එවිට බලවත් දේවල් සිදුවන්නේය.

2 කොරින්ති 3:17 අනුව ස්වාමීන්වහන්සේ මාගේ ආත්මය සමඟ එක්වී සිටිනසේක.

පිලෙමොන් 1:4-6 ස්වාමිවූ යේසුස්වහන්සේ කෙරෙහිද සියලු ශුද්ධවන්තයන් කෙරෙහිද තිබෙන නුඹේ ප්‍රේමයත් ඇදහිල්ලත් ගැන මම අසා,
නුඹ තුළ පවතින සියලු යහපත් දේ ගැන දැනගැනීමෙන් නුඹේ ඇදහිල්ලේ හවුල්කාරකම ක්‍රිස්තුස්වහන්සේ උදෙසා බලවත්වන පිණිස, මාගේ යාච්ඤාවලදී නුඹ ගැන මතක්කරමින් නිතරම මාගේ දෙවියන්වහන්සේට ස්තුතිකරමි.

1 යොහන් 4:17 අප තුළ ප්‍රේමය සම්පූර්ණව තිබීම නම්, ඒ තැනන්වහන්සේ සිටින ආකාරයටම අපත් මේ ලෝකයෙහි සිටින බැවින්, විනිශ්චය දවස ගැන නිසැකකම ඇතුව සිටීමය.

ශුද්ධාමයාණන්වහන්සේ ඔබව දැනටමත් බලයෙන් පුරවා ඇත.

බලය ඔබ තුළයි.

ක්‍රියා 1:8 නුමුත් ශුද්ධාත්මයාණන්වහන්සේ නුඹලා කෙරෙහි පැමිණි කල නුඹලා බලය ලබන්නහුය. එවිට නුඹලා යෙරුසලමෙහිද මුළු යුදයෙහිද සමාරියෙහිද පොළොවේ සීමාව දක්වාද මාගේ සාක්ෂිකාරයෝ වන්නහුයයි කීසේක.

එළිදරව් 19:10 අපි දේව දූතයන්ට වඩා උසස්.

එපීස 2:6 ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ස්වර්ගීයවූ ස්ථානවල උන්වහන්සේ සමඟ අප හිඳවූසේක.

දිනපතා මට මග පෙන්වන නිසා ස්තූතියි.

හිතෝපදේශ 28:13 තමාගේ වරද සඟවන්නා සඵල නොවන්නේය; එහෙත් ඒවා කියාදී අත්හරින්නාට කරුණාව ලැබේ.

ඔබ සර්පයන් සහ ගෝනුස්සන් ඔබ පාගා දමන්න.

මීකා 7:18-19 අපරාධය කමාකරන්නාවූ, ස්වකීය උරුමයේ ඉතිරි අයින්ගේ වරදට දඬුවම් නොකර අරින්නාවූ ඔබවහන්සේ සමාන දෙවිකෙනෙක් කවුද? උන්වහන්සේ කරුණාවට ප්‍රියවන නිසා ස්වකීය උදහස සෑම කල්හිම තබා නොගන්නසේක. 19 උන්වහන්සේ නැවත අපට අනුකම්පාකරනසේක; අපේ අපරාධ පාගාදමනසේක. ඔබවහන්සේ ඔවුන්ගේ සියලුම පාප මුහුදේ ගැඹුරට හෙළනසේක.

ස්වාමීන්වහන්සේ අපගේ පාපයට කමාව දීමෙන් පසු නැවත ඒවා නැවත මතක් කරන්නේ නැත.

එපීස 5:26 එසේ කළේ සභාව ශුද්ධව, කැලලක් හෝ රැළි හෝ එබඳු යමක් නැතුව,
27
තේජවත් සභාවක් කොට තමන්ට ඔප්පුකරගැනීම සඳහා වචනය නැමති වතුරෙන් සේදීමෙන්, උන්වහන්සේ එය පවිත්‍රකොට පිරිසිදුකරන පිණිසය.

කොලොස්සි 3:1-2 ඉඳින් නුඹලා ක්‍රිස්තුස්වහන්සේ සමඟ නැගුටුවනලද්දහු නම් උසස් තැන්හි තිබෙන දේවල් සොයාගන්න. එහි ක්‍රිස්තුස්වහන්සේ දෙවියන්වහන්සේගේ දකුණු පැත්තේ වැඩහිඳිනසේක. පොළොවේ තිබෙන දේ නොව උසස්තැන්හි තිබෙන දේම සලකන්න.

යේසුස්වහන්සේගේ ලේවලින් ස්වාමීන්වහන්සේ අපව පවිත්‍ර කළසේක.

1 පේතෘස් 1:16‭-‬18 මක්නිසාද: මා ශුද්ධව සිටින හෙයින් නුඹලාත් ශුද්ධව සිටිය යුතුයයි ලියා තිබේ.

ස්වාමීන්වහන්සේ ශුද්ධව සිටින ආකාරයටම අපි ශුද්ධව සිටිමු.

17-18 තවද මනුෂ්‍යයන්ගේ තරාතිරම් නොබලා එකිනෙකාගේ ක්‍රියාවේ ප්‍රකාර විනිශ්චයකරන තැනන්වහන්සේට පියාණෝය කියා නුඹලා යාච්ඤාකරන්නහු නම්, නුඹලාගේ විදේශීව සිටීමේ කාලය භයින් පසුකරන්න. මක්නිසාද නුඹලාගේ පියවරුන්ගෙන් ලැබූ නුඹලාගේ නිෂ්ඵල හැසිරීමෙන් නුඹලා මුදනු ලැබුවේ රන් රිදී වැනිවූ දිරායන දේවල් කරණකොටගෙන නොව,

ස්වාමීන්වහන්සේ කිසි තරාතිරම් බලන කෙනෙකු නොවේ.

මම ශුද්ධාමයාණන් තුළින් නැවත ඉපදුනු දේව දරුවෙකු නිසා මා ජීවත් වන්නේ ශුද්ධකමෙන්.

2 පේත්‍රැස් 2:22 බල්ලා නැවත උගේ වමනයටත්, නෑවාවූ ඊරී මඩේ පෙරළීමටත් හැරී ගියෝය යන සැබෑවූ උපමාවේ ප්‍රකාරයට ඔවුන්ට සිදුවී තිබේ.

අපි වචනය සමඟ එකඟ වී ජීවත් වෙමු.

පිලිප්පි 4:13 මා බලවත්කරන්නාවූ තැනන්වහන්සේ තුළ මට සියලුදේ කරන්ට පුළුවන.

ස්වාමීන්වහන්සේ මා ගැන සලකනසේක.

කොලොස්සි 3:1-2 ඉඳින් නුඹලා ක්‍රිස්තුස්වහන්සේ සමඟ නැගුටුවනලද්දහු නම් උසස් තැන්හි තිබෙන දේවල් සොයාගන්න.
එහි ක්‍රිස්තුස්වහන්සේ දෙවියන්වහන්සේගේ දකුණු පැත්තේ වැඩහිඳිනසේක. පොළොවේ තිබෙන දේ නොව උසස්තැන්හි තිබෙන දේම සලකන්න.

2 කොරින්ති 4:13 තවද: මම විශ්වාසකළෙමි, ඒ නිසා කථාකළෙමියි ලියා තිබෙන ලෙස, ඇදහිල්ලේ එම ආත්මය ඇත්තාවූ අපිත් විශ්වාසකරමුව, එබැවින් කථාකරමුව.

රෝම 10:17 ඇදහිල්ල පැමිණෙන්නේ දේව වචනය ඇසීමෙන්.

වටිනා දේවල් අදහන්න.


Watch the Sermon Video

Read 468 times