+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

ස්වාමීන්වහන්සේගේ විශ්වාසවන්තකමේ පොරොන්දු අසාර්ථක වන්නේ නැත - යෝෂා මනූ
March 13, 2022 Sunday Sermon Notes

 

බොහෝ අය දන්නවා අපේ දෙවියන්වහන්සේ කිසිදා අසමර්ථ වන්නේ නැත කියා.

එහෙත් බොහෝ දෙනා තමා ගැන පවසන්නේ කුමක්ද?

අපි නම් අසමර්ථ වෙනවාමයි.

නමුත් දෙවියන්වහන්සේ අප සමඟ සිටින බැවින් අපි අසමර්ථ වන්නේ නැත කියා අපි දැන ගත යුතුයි.

ඔබ ජීවත් වන්නේ කෙසේද?
අසාර්ථකභාවයෙන්ද?

ඔබ දේව පුත්‍රයෙකු බැවින් උන්වහන්සේ ඔබ තුළ තබා ඇත්තේ ධර්මිෂ්ඨකමේ ආත්මයයි.

ඒ නිසයි අප අසමර්ථ වන්නේ නැත්තේ.

ඔබ එය ප්‍රකාශ කළ පමණින් සෑහෙන්නේ නැත. අපි වචනය තුළට ගොසින් මේ වචනය විශ්වාස කරමින් එය අපගේ ජීවිතයේ ක්‍රියාවට නැංවිය යුතුයි.

අපි උන්වහන්සේගේ චරිත ගුණාංගය ගැන මෙනෙහි කළ යුතුයි.

ඔබ සාර්ථක වන්නට කැමති නම් සාර්ථක අයගෙන් හොඳ උපදෙස් ලබා ගැනීම වැදගත්.

ස්වාමීන්වහන්සේ ගැන සත්‍ය වාර්තාව කියවන්නට අවශ්‍යයයි.

ස්වාමීන්වහන්සේගේ විශ්වාසවන්තකමේ පොරොන්දු කිසිදා අසමර්ථ වන්නේ නැත.

දෙවියන්වහන්සේගේ වචනය ජීවමානයි, බලවන්තයි ඒ නිසා අපි එකඟ වෙමු.

ස්වාමීන්වහන්සේගේ විශ්වාසවන්තකමේ පොරොන්දු කිසිදා අසාර්ථක වන්නේ නැති බව අපි දැන ගත යුතුයි.

දේව පොරොන්දු ඔබ සුළු නොකරන්න.

යෙසායා 34:16
ස්වාමීන්වහන්සේගේ පොතෙන් සොයා කියවන්න.

මෙයින් එකෙක්වත් අඩු නොවන්නේය,

දේව හඬ තිබෙන්නේ උන්වහන්සේගේ වචනය තුළයි.

දේව වචනයෙන් එකක්වත් අසාර්ථක වන්නේ නැත. අඩු වන්නේ නැත යයි පවසන වචනයේ හෙබ්‍රෙව් අරුත නම් මේ වචනයෙන් එකක්වත් අසමර්ථ වන්නේ නැත.

දේව වචනය දෙමුවහත් කඩුවක් මෙනි. අපට තරවටුවක්, හරිගැස්වීමක් මේ වචනයෙන් ලැබේ.

එමෙන්ම ස්වාමීන්වහන්සේ මේ වචනයෙන් අපව ධෛර්යයමත් කරයි.

විලාප ගී 3:22-23 අප විනාශ නූණේ ස්වාමීන්වහන්සේගේ කරුණාවල් නිසාත් උන්වහන්සේගේ අනුකම්පාවල් නොනවතින නිසාත්ය.
ඒවා උදයෙන් උදය අලුත්ව තිබේ; ඔබගේ විශ්වාසකම මහත්ය.

මේ පදයේ නොනවතින කියන වචනයේ අරුත නම්, උන්වහන්සේ අසාර්ථක නොවන්නේය කියාය.

යේසුස්වහන්සේ මේ පොළොවේ සිටින කාලයේ මනුෂ්‍යයන් දෙස බලමින් ඔවුන් ගැන අනුකම්පා කළා.

මනුෂ්‍යයා යක්ෂයාගේ හස්තයට, ලෙඩ රෝගවලට ගොදුරු වී සිටි ආකාරය දුටුවා. ඒ අය සිටි තත්ත්වය දැක උන්වහන්සේ අනුකම්පාව පෙන්වමින් ඔවුන්ව සුව කළා.

යේසුස්වහන්සේ මේ ලොවට පැමිණියේ මනුෂ්‍යයන්ට තිබෙන අනුකම්පාව නිසයි. උන්වහන්සේ ඒ ශාපය කුරුසපත් කරමින් අප සියල්ලන් උදෙසා මැරුණුසේක.

ඒ තුළින් උන්වහන්සේ පවසන්නේ මම දැන් ඔබ සමඟයි මගේ අනුකම්පාව කිසිකලෙකවත් නවතින්නේ නැත.

1 රාජාවලිය 17:1-3
තවද ගිලියද්හි විසූවන්ගෙන් එක්නෙක්වූ තිෂ්බිය එලියා ආහබ්ට කථාකොට: මා සේවයකරන ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම මාගේ වචනය ලෙස මිස මේ අවුරුදුවල පිනිවත් වැස්සවත් නොවන්නේයයි කීයේය. මෙතැනින් පිටත්ව පූර්ව දිශාවට ගොස් යොර්දාන් ඉදිරිපිට තිබෙන කෙරිත් නම් ඔය ළඟ සැඟවී සිටින්න.

1 රාජාවලිය 17:4-7 කියවන්න.

දෙවියන්වහන්සේගේ හඬ අසමින් අපි ගමන් කරමු. එළියා දේව හඬ ඇසූ නිසා ඔහුට කිසි අඩුවක් වුනේ නැත.

1 රාජාවලිය 17:8‭-‬9
ස්වාමීන්වහන්සේගේ වචනය ඔහු වෙතට පැමිණ: නුඹ පිටත්වී ශීදොන්ට අයිති ශාරෙපත්ට ගොස් එහි වාසයකරන්න. නුඹට ආහාර දෙන්ට එහි සිටින වැන්දඹු ස්ත්‍රියෙකට අණකෙළෙමියි කීසේක.

1 රාජාවලිය 17:13
එලියා ඈට කථාකොට: භය නොවන්න; ගොස් නුඹ කී හැටියට කරන්න. එහෙත් පළමුකොට එයින් මට කුඩා රොටියක් සාදා පිටතට මා ළඟට ගෙනෙන්න, පසුව නුඹටත් නුඹේ පුත්‍රයාටත් සාදාගන්න.

1 රාජාවලිය 17:14 මක්නිසාද ස්වාමීන්වහන්සේ භූමිය පිටට වැස්ස එවන දවස දක්වා පිටි මුට්ටිය ඉවරවෙන්නේවත් තෙල් කුලාව අඩුවෙන්නේවත් නැතැයි ඉශ්‍රායෙල් දෙවිවූ ස්වාමීන්වහන්සේ කියන සේකැයි කීවේය.

මේ පදයේ අඩුවෙන්නේවත් නැත යන වචනයේ අර්ථයත් අසමර්ථ වන්නේ නැත.

මේ නියඟය අවසාන වනතෙක් දෙවියන්වහන්සේ එලියාටත් මේ වැන්දඹු ස්ත්‍රියටත් කිසි අඩුවක් කළේ නැත.

ඔබ උන්වහන්සේගේ හඬ අසමින් ක්‍රියා කළහොත් ඔබටත් පීඩා පරීක්ෂණ හිඟකම් ඇති කාලයේදී ස්වාමීන්වහන්සේ සපයා දෙන්නේය.


Watch the Sermon Video

Read 425 times