+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

යේසුස්වහන්සේගේ නාමය කතා කරන්න- මනූ මැතානි
March 20, 2022 Sunday Sermon Notes

 

ඔබ වචනය කතා කරන්න. ස්වාමීන්වහන්සේ යෝසෙප් සමඟ නිතරම සිටියා. ඔහු කෙඳුරුවේ නැහැ. ස්වාමීන්වහන්සේ ඔහු සමඟ සිටින බව දැන ඔහු ස්වාමීන්වහන්සේට සේවය කරනවා මෙන් වැඩ කටයුතු කළා.

දෙවියන්වහන්සේ අපව නියමිත වේලාවට ඔසවනු ලැබුවා.

ගීතාවලිය 22:3 නුමුත් ඉශ්‍රායෙල්ගේ ප්‍රශංසා මධ්‍යයෙහි වාසයකරන්නාවූ ඔබ ශුද්ධසේක.

ඔබගේ කෙඳිරීම නවත්වා ස්වාමීන්වහන්සේට ප්‍රශංසා කරන්න. ස්තූති පුදන්න.

දේව වචනය ප්‍රකාශ කරන්න. ප්‍රීතිය ආත්මික කාරණාවක්. ප්‍රීතිය අභ්‍යන්තරයෙන් පිටවෙන කාරණාවක්.

හෙබ්‍රෙව් 13:15 එබැවින් දෙවියන්වහන්සේගේ නාමයට ස්තුතිකරන තොල්වල ඵල වන ප්‍රශංසාව නමැති පූජාව උන්වහන්සේම කරණකොටගෙන නිතරම දෙවියන්වහන්සේට ඔප්පුකරමු.

දේව වචනය ඔබ තුළ තිබෙනවා නම් ගැළවීමේ ළිංවලින් සියල්ල ඇදගන්න.

අපට ගැළවීම ලබා දුන්නේ යේසුස්වහන්සේගේ නාමයයි.

ක්‍රියා 4:12 වෙන කිසිවෙකු තුළ ගැළවීම නැත්තේය. මක්නිසාද අපේ ගැළවීමට අවශ්‍යවූ, මනුෂ්‍යයන් අතරේ දෙනලද වෙන කිසි නාමයක් ස්වර්ගයෙන් යට නැත්තේයයි කීවේය.

අපට මිදීම, සුවය, ජීවනය, යහපත් දේවල් ගෙන දෙන්නේ යේසුස්වහන්සේගේ නාමයයි.

යේසුස්වහන්සේගේ නාමය කෙරෙහි අපි විශ්වාස කළ යුතුයි.

සෑම රාජ්‍යයක් අද සෙලවෙන්නේ යේසුස්වහන්සේගේ නාමය සුළු කරමින් එපා කරමින් ප්‍රතික්ෂේප කරන නිසයි.

අපි ඒ නාමය ඔසවමු.

දෙවියන්වහන්සේ මනුෂ්‍යයන්ට පවසන්නේ පසුතැවිලි වෙන්න, වෙනස් වෙන්න. දෙවියන්වහන්සේ වෙතට හැරෙන්න.

ලූක් 13:1-5 තවද ඒ ප්‍රස්තාවේදීම එහි සිටි සමහරෙක් කථාකොට: පිලාත් විසින් ගලීලයන්ගේ ලේ ඔවුන්ගේ යාග සමඟ මිශ්‍රකරනලදැයි උන්වහන්සේට දැන්නුවෝය.
උන්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: ඒ ගලීලයෝ ඒ දේ වින්ද බැවින් සියලු ගලීලයන්ට වඩා පව්කාරයෝව සිටියෝයයි සිතවුද? එසේ නොවේයයි නුඹලාට කියමි. පසුතැවිලි නූණොත් නුඹලා සියල්ලෝම එසේම විනාශවන්නෝය. නොහොත් සිලෝවම් කොටුව වැටී යටවී මැරුණු දසඅටදෙන යෙරුසලමේ වාසයකරන සියලු මනුෂ්‍යයන්ට වඩා වැරදිකාරයෝව සිටියෝයයි නුඹලා සිතවුද? එසේ නොවේයයි නුඹලාට කියමි. නුඹලා පසුතැවිලි නූණොත්, නුඹලා සියල්ලෝම එසේම විනාශවන්නෝයයි කීසේක.

මේ ලෝකයේ සෑම රාජ්‍යයක්ම පසුතැවිලි නොවුවහොත් ඒවා සෙල වී විනාශ වන්නේය.

සෑම ආගමික අයවලුන්, පව්කාරයන් පසුතැවිලි විය යුතුයි.

හග්ගයි 2:6‭-‬7 මක්නිසාද සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මම ටික කලකින් තව වරක් අහස සහ පොළොවත් මුහුද සහ ගොඩත් සොලවන්නෙමි; සියලු ජාතීන් සොලවන්නෙමි, සියලු ජාතීන් ආශාවෙන දේද පැමිණෙන්නේය, මේ ගෘහය තේජසින් පුරවන්නෙමියි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.

දෙවියන්වහන්සේ මනුෂ්‍යයන්ට පසුතැවිලි වෙන්නට ගැළවීම ලබා ගන්නට අවස්ථාවක්, කාලයක් දෙමින් සිටිනසේක.

දෙවියන්වහන්සේට අවශ්‍ය වන්නේ අපි සියලු දෙනාම මුලාශ්‍රයට සම්බන්ධ වී සිටීමයි.

පොරොන්දු දේශය නම්, ඔබ ස්වාමීන්වහන්සේට කීකරු වී සිටින සථානයයි.

ස්වාමීන්වහන්සේගේ නාමයයි මනුෂ්‍යයන් අද දින ගළවන්නේ.

ඔබ ලෝකයේ ආලෝකයයි, පොළොවේ ලුණු.

මතෙව් 5:13 නුඹලා පොළොවේ ලුණුය. නුමුත් ලුණුවල රස නැතිවුණොත් ඒවා කුමකින් රසකරනු ලබන්නේද? එතැන් පටන් ඒවා පිටත දමනු ලබන්ටද මනුෂ්‍යයන්ගේ පයින් පාගනු ලබන්ටද මිස අන් කිසිවකට නොවටනේය.

ලුණු නම්, ඔබගේ ආත්මික චරිත ස්වභාවයයි.

අපි කතා කරන්නේ යේසුස්වහන්සේගේ නාමයයි.
මුලු මිනිස් ජාතිය වෙනුවෙන් දිවි පිදුවේ ඒ නාමයයි. ශුද්ධාත්ම ආත්මය අප තුළ ක්‍රියා කරන්නේය.

රෝම 10:9 නුඹලා පොළොවේ ලුණුය. නුමුත් ලුණුවල රස නැතිවුණොත් ඒවා කුමකින් රසකරනු ලබන්නේද? එතැන් පටන් ඒවා පිටත දමනු ලබන්ටද මනුෂ්‍යයන්ගේ පයින් පාගනු ලබන්ටද මිස අන් කිසිවකට නොවටනේය.

මේ ලෝකය මැවූ ස්වාමීන්වහන්සේ යේසුස්වහන්සේය. උන්වහන්සේ අපගේ සියල්ලෙන් සියල්ලයි.

මේ නාමය අපගේ ජීවිතය වෙනස් කළා. අපව නව මැවිල්ලක් කළේ මේ නාමයයි.

රෝම 8:11තවද යේසුස්වහන්සේව මළවුන්ගෙන් නැගිටෙවු තැනන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ නුඹලා තුළ වාසයකරනසේක් නම්, ක්‍රිස්තුස් යේසුස්වහන්සේව මළවුන්ගෙන් නැගිටෙවු තැනන්වහන්සේ නුඹලා තුළෙහි වසන තමන්ගේ ආත්මයාණන්වහන්සේ කරණකොටගෙන නුඹලාගේ මරණීය ශරීරයන්ද ජීවත් කරනසේක.

රෝම 8:16 අපි දෙවියන්වහන්සේගේ දරුවෝයයි ආත්මයාණන්වහන්සේම අපේ ආත්මය එක්ව සාක්ෂිදෙනසේක.

අහස පොළොව මැවූ දෙවියන්වහන්සේ මගේ පියාණන්. අපි උන්වහන්සේගේ පවුලට ඇතුල් වී සිටින්නේ.

අපි ආත්මික උපත ලබා ගත්තේ දෙවියන්වහන්සේගේ කුණු නොවන බීජයෙන්න්හ්

අපව මවනු ලැබුවේ උන්වහන්සේගේ ස්වරූපයටත් සමානත්වයටත්‍ ය. උත්පත්ති 1:26

මේ නාමය දරමින් ජීවත් වන්න.

ඔබගේ ආත්මික මනුෂ්‍යයා දෙවියන්වහන්සේ තෝරාගෙන ඇත.

ධර්මදේශකයා 12:7‭ දූවිල්ල තිබුණු හැටියට පොළොවට හැරීයන්ටත්, ආත්මය ඒක දුන් දෙවියන්වහන්සේ වෙතට හැරීයන්ටත් පළමුවෙන් උන්වහන්සේ සිහිකරන්න.

අපි ජීවත් වන කාලය තුළ අනිකුත් අය සමඟ මේ වචනය බෙදා ගමු.

දේව කැමැත්ත අප තුළින් මනුෂ්‍යයන් ගැළවීම ලබන්නයි.

මතෙව් 5:14 නුඹලා ලෝකයේ ආලෝකයය. කන්දක් මුදුනෙහි තිබෙන නුවරක් සඟවන්ට නොහැකිය.

අපි ලෝකයේ ආලෝකය බැවින්, අන් අයට අපි උපකාරයක් වෙමු. ආලෝකය ලෝකයා සමඟ බෙදා ගමු.

අන් අයට ශුභාරංචි වචනය පවසමු.

ගීතාවලිය 68:11 ස්වාමීන්වහන්සේ වචනය දෙනසේක. ආරංචිය පතුරුවන අය මහත් සේනාවක්ය.

මනුෂ්‍යයන්ගේ පිළිගැනීමට වඩා මනුෂ්‍යයාගේ ජීවිතය ඊට වඩා වටී. වැදගත්.

ගලාති 2:20 මම ක්‍රිස්තුස්වහන්සේ සමඟ කුරුසියෙහි ඇණගසනු ලැබ සිටිමි; එසේවී නුමුත් මම ජීවත්වෙමි; නුමුත් තවත් මා නොව ක්‍රිස්තුස්වහන්සේ මා තුළ ජීවත්වනසේක. තවද මා දැන් මාංසයෙහි ජීවත්වන ජීවිතය මට ප්‍රේමකළාවූ, මා උදෙසා තමන්ම පාවාදුන්නාවූ දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන්වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් ජීවත්වෙමි.

යේසුස්වහන්සේ පිළිගත් දවසේදී අපි උන්වහන්සේ සමඟ කුරුස පත් වී මැරුණුසේක. දැන් ඔබ ස්වාමීන්වහන්සේගේ නාමය දරාගෙන ජීවත්වන්න.

ඔබට දැන් ක්‍රිස්තුස්වහන්සේ තුළ ජීවත් වන්නේය.

මර්ක් 16:17 අදහන්නන්ට ඇත්තාවූ ලකුණු නම්: ඔව්හු මාගේ නාමයෙන් යක්ෂයන් දුරුකරන්නෝය; අන් භාෂාවලින් කථාකරන්නෝය;

1 යොහන් 5:19 අපි දෙවියන්වහන්සේගෙන් වන බවද මුළු ලෝකයා නපුරා තුළ බවද දනිමුව.
අප් පැමිණෙන්නේ ස්වාමීන්වහන්සේගේ හඬ අසන්නටයි.

මතෙව් 5:16 එසේම මනුෂ්‍යයන් විසින් නුඹලාගේ යහපත් ක්‍රියා දැක ස්වර්ගයෙහි සිටින නුඹලාගේ පියාණන්වහන්සේට ගෞරවකරන පිණිස නුඹලාගේ ආලෝකය ඔවුන් ඉදිරියේ බබළාවා.

අපගේ යහපත් ක්‍රියා මනුෂ්‍යයන් දැක ගැළවීම ලබන්නෝය.

හග්ගයි 2:7‭-‬9 සියලු ජාතීන් සොලවන්නෙමි, සියලු ජාතීන් ආශාවෙන දේද පැමිණෙන්නේය, මේ ගෘහය තේජසින් පුරවන්නෙමියි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක. රිදී මාගේය, රන්ද මාගේයයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක. මේ ගෘහයේ අන්තිම තේජස පළමු ඒකේ තේජසට වඩා මහත්වන්නේයයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක. මේ ස්ථානයෙහිදී මම සමාදානය දෙන්නෙමියි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීය.

රන් රිදී උන්වහන්සේගේය. සියලු යහපත් දේ පැමිණෙන්නේ ස්වාමීන්වහන්සේගෙන්ය.

අපගේ ස්වාමීන්වහන්සේට සියල්ල අයිතියි.


Watch the Sermon Video

Read 469 times