+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

ඔබ ඇදහිල්ලෙන් හා ඉවසිල්ලෙන් සියල්ල ජයගන්න - යෝෂා මනූ
March 20, 2022 Sunday Sermon Notes

 

අපි ඇදහිල්ලෙන් ඇදහිල්ලට, මහිමයෙන් මහිමයට වර්ධනය වෙමු. දෙවියන්වහන්සේගේ කැමැත්ත වන්නේ අපි ගැළවීම ලබගත් පසු ඇදහිල්ලෙන් වර්ධනය වීම, පරිණත වීමයි.

මේ වචනය තුළ පැවතීමෙන් අපි ඵල දරන්නෙමු. යොහන් 15 පරිච්ඡේදයේ යේසුස්වහන්සේ පවසන්නේ අපගේ ජීවිතයේ පවතින ඵල තිබිය යුතු බවයි.
දේව කැමැත්ත මෙයයි.

දේව වචනය ජීවමානයි. දේව වචනය දිනපතා ඔබව ධෛර්යයමත් කරයි.

ගීතාවලිය 40:1-3
මම ඉවසිල්ලෙන් ස්වාමීන් ගැන බලා සිටියෙමි; උන්වහන්සේ කන් යොමා මාගේ මොරගැසීම ඇසූසේක. උන්වහන්සේ භයානක වළකින්, හැල්පතෙන්, මා ඔසවා, පර්වතයක් පිට මාගේ පා තබා, මාගේ ගමන් ස්ථිරකළසේක. උන්වහන්සේ අලුත් ගීතිකාවක් එනම් අපේ දෙවියන්වහන්සේට ස්තුති ගීතිකාවක් මාගේ මුඛයෙහි තැබූසේක. බොහෝදෙනෙක් ඒ දැක, භයව, ස්වාමීන් කෙරෙහි විශ්වාසකරන්නෝය.

අපි ඉවසිල්ලෙන් ස්වාමීන් කෙරෙහි බලා සිටීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?
අපි යාච්ඤා කර අපගේ ඉල්ලීම් උන්වහන්සේට පවසා අවසානයේදී ආමෙන් කියා පවසනවා. දැන් ආමෙන් කියන්නේ, එසේම වේවා!

ආමෙන් කීවායින් පසු අපට පිළිතුර ලැබෙන තුරු අ ස්වාමීන්වහන්සේට ස්තූති දිය යුතුයි.

යාච්ඤාවට පසුව අපි පොරොන්දුව තදින් අල්ලා ගත යුතුය. සතුරා සහ සමහර අය ඔබගේ ඇදහිල්ල බිඳ දමන්න, අධෛර්මත් කරන්න තැත් කරයි.

අපගේ ඇදහිල්ලේ ගමන ආරම්භයේ පටන් අප හැමෝටම දෙවියන්වහන්සේ ඇදහිල්ලේ ප්‍රමාණයක් දෙනු ලබනවා.

…දෙවියන්වහන්සේ එකිනෙකාට බෙදාදුන් ඇදහිල්ලේ ප්‍රමාණය …
රෝම 12:3

මේ ඇදහිල්ලේ ගමනේදී අපට පිළිතුර ලැබෙන්නට පෙර නොයෙකුත් බාධා පැමිණෙනන්නට පුලුවන.

සමහර යාච්ඤාවන් වලට ක්ෂණික පිළිතුර ලැබෙනවා, නමුත් සමහර අවස්ථාවන් වලදී පිළිතුරු ප්‍රමාද වෙන්නට පුලුවන්.

බීජ වැපිරීමේදීත් අස්වැන්න නෙලාගන්න තුරු අපි ඉවසිල්ලෙන් සිටිය යුතුයි.

ඒ ආකාරයටම අපි විශ්වාස කරමින් ඉල්ලූ දේ ලැබෙන තෙක් ඉවසිල්ලෙන් සිටිමු.

දෙවියන්වහන්සේට පිළිතුර දෙන්නට වරදින්නේ නැත. දෙවියන්වහන්සේට ඔබවත් අමතක වන්නේ නැත.

හෙබ්‍රෙව් 6:12 පවසන්නේ, ඒ වනාහි නුඹලා අලස නොවී, ඇදහිල්ලද ඉවසිලිවන්තකමද කරණකොටගෙන පොරොන්දු උරුමකරගන සිටින්නන්ගේ අඩිපාරේ යන්නන් වෙන පිණිසය.

යාච්ඤා කළාට පසු අලස නොවන්න. දේව වචනයෙන් දිනපතා ශක්තිමත් වෙමු. ඇදහිල්ලෙන් හා ඉවසිලිවන්තකමෙන් සිටිමු.

ඇදහිල්ලේ වචන, ඇදහිල්ලේ ප්‍රකාශ අපගේ මුඛයෙන් කරමු.

දෙවියන්වහන්සේ ධර්මිෂ්ඨයන්ගේ යාච්ඤාව අසනසේක.
හිතෝපදේශ 15:29

ධර්මිෂ්ඨයා වෙත උන්වහන්සේගේ කන් විවර වී තිබෙනවා.

යක්ෂයා නිතරම පැමිණෙන්නේ දෙවියන්වහන්සේ ගැන විරුද්ධව චෝදනා නගන්නයි. මෙවැනි සිතුවිලි අපි බිඳ හෙලා දමමු. මන්ද අපගේ ඉල්ලීම් ඉෂ්ට කරන්නට ස්වාමීන්වහන්සේ විශ්වාසවන්තයි.

දෙවියන්වහන්සේ අපව නිතරම ඇදහිල්ලෙන් ස්ථාවරව, ස්ථීරව ගමන් කරන්නට උපකාර කරනසේක.

දාවිත් තමාගේ ජීවිතයේ බොහෝ ආශ්චර්යමත් දේවල්, ජයග්‍රහණයන් අත්දුටුවා.
දෙවියන්වහන්සේ ඔහුගේ ජීවිතයේ බලවත් දේවල් කළා. ඔහුගේම ශක්තියෙන් නොව, ස්වාමීන්වහන්සේගේ හැකියාවෙන්.

දෙවියන්වහන්සේ ඔහු සමඟ සිටිය බැවින් ඔහු සිංහයාවත්, වලහාවත් පරාජය කළා. ඒ තුළින් ඔහුට පසු කලෙක ගොලියත්ව පරාජය කරන්නට පුලුවන්කම වූවා.

අපි කුඩා අභියෝගයන්, සටන් කර ජය ගන්නට තීරණයක් ගමු.

අපගේ ජීවිත රටාව පරාජය නොව ජජයග්‍රහණයයි.

පරාජය පෙනෙන මොහොතේදීත් පරාජය ඉදිරියේ ඔබ ජයග්‍රහණය ප්‍රකාශ කරන්න.

ගීතාවලිය 23:4  එසේය, මරණ සෙවණේ මිටියාවත මැදින් යන්නෙම් නමුත්, කිසි උපද්‍රවයකට භය නොවන්නෙමි;

සත්‍යතාවය වචනය අපි තදින් අල්ලා ගමු. සෙවනැල්ලට භය නොවන්න.

යක්ෂයා නිතරම එන්නේ ගොරවන සිංහයෙකු මෙන්. ඔබ කිසි උපද්‍රවයට භය නොවන්න.

ස්වාමීන්වහන්සේගේ අප සමඟයි.

ගීතාවලිය 23:5
මක්නිසාද ඔබ මා සමඟය. ඔබගේ දණ්ඩෙන් හා සැරයටියෙන් මට සැනසිල්ල ලැබේ.

ස්වාමීන්වහන්සේ තුළ අපි ප්‍රීති වෙමු. ප්‍රශංසා කරමු. කිසිවක් ගැන කනස්සලු ඔබ නොවන්න.
සියල්ලෙදි යාච්ඤාවෙන් දෙවියන්වහන්සේට දන්වන්න.

යෝසෙප්ගේ ජීවිතයේ බොහෝ අසාධාරණකම් ඔහුට සිදුවුණා. ඔහු ඒ දේවල් තුළින් ගමන් කළත් ස්වාමීන්වහන්සේ ඔහු සමඟ සිටියා. නමුත් අවසානයේදී ඔහු ජය ලැබුවා.

යෝසෙප් නිතරම සිහින දුටුවා. දෙවියන්වහන්සේමයි ඒ සිහින ඔහුට දෙනු ලැබුවේ. යෝසෙප් ඒ සිහින තමාගේ සහෝදරයන්ට දැන්වූ කල ඔවුන් ඔහුට වෛර කළා.

උත්පත්ති 37:34
යෝසෙප් ඉශ්‍රායෙල්ගේ වෘද්ධ වයසේ පුත්‍රයා බැවින් ඔහු තමාගේ සියලු පුත්‍රයන්ට වඩා ඔහුට ආදරයවූයේ, අත් ඇති දිග වස්ත්‍රයක් ඔහුට සාදාදුන්නේය. ඔහුගේ සියලු සහෝදරයන්ට වඩා තමන්ගේ පියා ඔහුට ආදරය ඇති බව ඔහුගේ සහෝදරයෝ දැක ඔහු කෙරෙහි වෛරව ඔහු සමඟ සමාදානයෙන් කථාකරන්ට නොහැකිවූවෝය.

යෝසෙප් ස්වප්නයක් දැක ඒක තමාගේ සහෝදරයන්ට කීවේය. ඔව්හු ඔහු කෙරෙහි වඩ වඩා වෛර වූවෝය.
උත්පත්ති 37:5

ඔබට තිබෙන එළිදරව්වේ වචනය නිසා සමහරුන් ඔබට වෛර කරයි.

උත්පත්ති 37:6‭-‬8
ඔහුද: මා දුටු මේ ස්වප්නය අසන්න; අපි කෙතෙහි ගොයම් මිටි බඳිමින් සිටියෙමු, බලව, මාගේ ගොයම් මිටිය නැගිට කෙළින් සිටියේය; බලව, නුඹලාගේ ගොයම් මිටි වටකොට ඇවිත් මාගේ ගොයම් මිටියට වැන්දෝයයි කීය. එවිට ඔහුගේ සහෝදරයෝ: සැබවින් නුඹ අප කෙරෙහි රජකම්කරන්නෙහිද? නොහොත් සැබවින් අප ආණ්ඩුකරන්නෙහිදැයි ඔහුට කියමින් ඔහුගේ ස්වප්නද වචනද නිසා ඔහු කෙරෙහි වඩ වඩා වෛරවූවෝය.

යෝසෙප්ගේ සිහිනයේ අර්ථය තමාගේ සහෝදරයන්ගේම මුඛයෙන්ම ඔවුන් එළිදරව්වක් මෙන් පැවසූ නමුත් යෝසෙප් සිහිනයේ සැබෑ අර්ථය දැන සිටියේ නැත.

"සැබවින් නුඹ අප කෙරෙහි රජකම්කරන්නෙහිද? නොහොත් සැබවින් අප ආණ්ඩුකරන්නෙහි දැයි" ඔවුන් ඇසුවා.

යෝසෙප්ගේ සිහිනය මතු කාලයේදී සැබෑ වුණා.

සභාවේ සහෝදරයන් අතර පවා මෙවැනි භේද, වෛර, ඊර්ෂ්‍යාව නොතිබිය යුතුයි.

යෝසෙප් තමාගේ සහෝදරයන් වෙතට ආකල ඔවුන් යෝසෙප්ගේ සළුව, එනම් ඔහු ඇඳලා තිබුණු අත් ඇති දිග වස්ත්‍රය ගළවාගෙන ඔහු අරන් වළේ දැමුවෝය.
උත්පත්ති 37:23‭

යෝසෙප් ඒ වළේ සිටිද්දී යාච්ඤා කළත් ඉන්පසුව ඔහුගේම සහෝදරයන් ඔහුව රිදී කාසි විස්සක් දී වහල්කමට විකුණනු ලැබුවා.

යෝසෙප් මිසරයට ගෙනයන ලද්දේය; ඵාරාවෝගේ ඇමතියෙක්ද රැකවලුන්ගේ නායකයාද වූ මිසරයෙක් වන පෝතිඵර් ඔහු එහි ගෙනගිය ඉෂ්මායෙල්වරුන්ගෙන් ඔහු මිලේට ගත්තේය. ස්වාමීන්වහන්සේ යෝසෙප් සමඟ වූ සේක, ඔහු සඵලවත් මනුෂ්‍යයෙක්ව තම ස්වාමිවූ මිසරයාගේ ගෙයි සිටියේය.
උත්පත්ති 39:1‭-‬2

ඵාරාවෝගේ ඇමති පෝතිඵර් යෝසෙප්ව තමාගේ නිවසට වැඩකාරයෙකු ලෙස වහල්භාවයෙන් මිලදී ගත්තේය.

පෝතිඵර් ටික දවසකින් යෝසෙප්ගේ ජීවිතයෙන් දුටුවේ කුමක්ද?

"ඔහුගේ ස්වාමියා ස්වාමීන්වහන්සේ ඔහු සමඟ සිටින බවත් ඔහු කළ සියල්ල ඔහුගේ අතේ දියුණුවෙන්ට සලස්වන බවත් දුටුවේය."
උත්පත්ති 39:3

යෝසෙප් සමග ස්වාමීන්වහන්සේ සිටි බව පෝතිඵර් දැක තමාගේ නිවසේ වගකීම් සියල්ලම ඔහුට භාරදුන්සේක.

යෝසෙප් අධෛර්මත් වූයේ නැහැ. මෙතරම් පීඩා විඳිමින් සිටියද යෝසෙප් ස්වාමීන්වහන්සේ තමා සමඟ සිටින බව දැන ප්‍රීතියෙන් සේවය කළා.

ඔබ කරන සෑම දෙයක්ම ප්‍රීතියෙන් කරන්න. ස්වාමීන්වහන්සේගේ ඔබ සමඟත් සිටිමින් ඉබ දෑතින් කරන සියල්ල සඵලකරනසේක. වැඩි දියුණු කරනසේක.


Watch the Sermon Video

Read 490 times