+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

දේව පුත්‍රයන් කතා කරන්නේ දේව වචනයයි - මනූ මැතානි
March 27, 2022 Sunday Sermon Notes

 

යාකොබ් 5:7 එබැවින්, සහෝදරයෙනි, ස්වාමීන්වහන්සේගේ ඊම දක්වා ඉවසන්න. බලව, ප්‍රථම සහ අන්තිම වර්ෂාව පැමිණෙන තුරු ඉවසමින් ගොවියා පොළොවේ අනර්ඝ ඵල ගැන බලාසිටී.

අපගේ වගකීම යේසුස්වහන්සේ නොදෙන්න අය සමඟ ශුභාරංචි වචනය, යේසුස්වහන්සේ මළවුන්ගෙන් නැගිටුණු බව කියන්න.

අපි මේ පොළොවේ ජීවත් වන්නේ දේව කැමැත්ත කරන පිණිසයි.

ලූක් 6:22‭-‬23

22 මනුෂ්‍ය පුත්‍රයා නිසා මනුෂ්‍යයන් නුඹලාට වෛරකරන කලද තමුන්ගේ සමාගමෙන් නුඹලා වෙන්කර, නුඹලාට නින්දාකර, නුඹලාගේ නාමය නපුරුයයි පහකරන කලද නුඹලා ආශීර්වාදලද්දෝය.

23 ඒ දවසේදී ප්‍රීතිවෙන්න, ප්‍රීතියෙන් නටන්න. මක්නිසාද ස්වර්ගයෙහි නුඹලාගේ විපාකය මහත්ය. ඔවුන්ගේ පියවරු අනාගතවක්තෘවරුන්ටත් එසේම කළෝය.

යෙසායා 55:11 මාගේ මුඛයෙන් නික්මෙන මාගේ වචනයත් මා වෙතට හිස්ව හැරී නෑවිත්, මා කැමැති දෙය සිදුකොට, මා නියමකළ කාරණය සඵලකරනවා ඇත.

අපගේ යේසුස්වහන්සේ සමඟ අප සම්බන්ධ වී සිටින බැවින් අපගේ මුඛයෙන් පිටවිය යුත්තේ දේව වචනයයි. ඒ වචනය

යෙරෙමියා 15:19 එබැවින් ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: නුඹ හැරීආවොත්, මම නුඹ නැවත ගෙනෙන්නෙමි, නුඹද මා ඉදිරියෙහි සිටින්නෙහිය; නුඹ අනර්ඝ දෙය නීච දෙයින් වෙන්කළොත්, නුඹ මාගේ මුඛය මෙන් සිටින්නෙහිය. ඔව්හු නුඹ වෙතට හැරීඑන්නෝය, එහෙත් නුඹ ඔවුන් වෙතට හැරී නොයන්න.

අපගේ මුඛයෙන් අලංකාර, ප්‍රඥාවන්ත වචන අප කතා කළ යුතුයි.

යෙරෙමියා 15:16 ඔබගේ වචන සම්බවූ විට මම ඒවා කෑවෙමි; ඔබගේ වචන මට ප්‍රීතියක් සහ සිතට සතුටක් විය. මක්නිසාද, සේනාවල දෙවිවූ ස්වාමීන්වහන්ස, ඔබගේ නාමය මා කෙරෙහි කියනු ලැබේ.

ස්වාමීන්වහන්සේගේ සමඟ තනිව, නිහඬව වටිනා කාලයක් ගත කළ යුතුයි.

ස්වාමීන්වහන්සේ උන්වහන්සේගේ නාමය අපට දී තිබෙන්නේ පාවිච්චි කරන පිණිසයි.

අප ආත්මික උපතක් ලබාගත් විට අපගේ ගමන් මාර්ගය අප වෙනස් කර ගන්නවා.

අපි නමස්කාර කරන්නේ ජීවමාන දෙවියන්වහන්සේ උන්වහන්සේ අපගේ පියාණන්.
උන්වහන්සේගෙන් පිටවෙන්නේ ප්‍රේමය පමණයි.

දෙවියන්වහන්සේ බැටළුවන්ගෙන් එළුවන් වෙන් කරන කාලය පැමිණෙන්නට යනවා.

1 යොහන් 4:17 අප තුළ ප්‍රේමය සම්පූර්ණව තිබීම නම්, ඒ තැනන්වහන්සේ සිටින ආකාරයටම අපත් මේ ලෝකයෙහි සිටින බැවින්, විනිශ්චය දවස ගැන නිසැකකම ඇතුව සිටීමය.

විනිශ්චය ගැන අපට කිසි භයක් නැත. යේසුස්වහන්සේ තුළ මාව දැනටමත් විනිශ්චය කළ හමාරයි.

අපගේ සැපයුම්කරු ස්වාමීන්වහන්සේ.

2 රාජාවලිය 6:25 කොටළු හිසක් රිදී ෂෙකෙල් අසූවකටත් පරෙවි වසුරු කැබ් එකකින් සතරෙන් කොටසක් රිදී ෂෙකෙල් පහකටත් විකිණෙනතෙක් ඔව්හු සමාරිය වටලාගන සිටියෝය.

2 රාජාවලිය 7:1‭-‬2

1 එවිට එලිෂා කථාකොට: ස්වාමීන්වහන්සේගේ වචනය අසන්න–හෙට මේ වේලාවට පමණ ෂෙකෙලයකට සිහින් පිටි මිම්මක්ද ෂෙකෙලයකට යව මිමි දෙකක්ද සමාරියේ දොරටුවෙහි විකිණෙනවා ඇත කියා ස්වාමීන්වහන්සේ වදාරනසේකැයි කීවේය.

2 එවිට රජු අත පිට හේත්තුවී සිටි අධිපති තෙමේ දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාට උත්තරදෙමින්: ස්වාමීන්වහන්සේ අහසේ කවුළු සෑදුවත් මේක සිද්ධවිය හැකිදැයි කීවේය. ඒක නුඹේ ඇස්වලින් දක්නෙහිය, නුමුත් එයින් නොකන්නෙහියයි ඔහු කීවේය.

2 රාජාවලිය 7:17 තමාගේ අත පිට රජු හේත්තුවී සිටි අධිපතියා රජු විසින් දොරටුව බලාගැනීමට පත්කරනලද්දේය. ඔහු දොරටුවේදී සෙනඟට පෑගී මැරුණේය. මෙසේ රජු දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා ළඟට ගිය විට ඔහු කී ලෙස සිද්ධවුණේය.

හෙබ්‍රෙව් 13:8 යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ඊයෙත් අදත් සදාකාලයටත් එකාකාරමය.

1 තිමෝති 2:1‭-‬2 ඉතින් අප විසින් සියලු ආකාර භක්තියෙන් සහ සන්සුන්කමින් සමාදානවූ නිශ්චල ජීවිතයක් ගත කරන පිණිස, රජවරුන් හා උසස් තනතුරු දරන සියල්ලන් ඇතුළුව, සියලු මනුෂ්‍යයන් උදෙසා ඉල්ලීම්ද යාච්ඤාද මැදහත්කම්ද ස්තුතිදීම්ද පවත්වන්ට සියල්ලට පළමුවෙන් අවවාදකරමි.

2 ලේකම් 7:14 මාගේ නාමය දරන මාගේ සෙනඟ යටත්වී යාච්ඤාකර මාගේ මුහුණ සොයා තමුන්ගේ නපුරු මාර්ග අත්හැරියොත්, මම ස්වර්ගයේ සිට අසා ඔවුන්ගේ පව් කමාකොට ඔවුන්ගේ දේශය සුවකරන්නෙමි.

අපි දෙවියන්වහන්සේගේ ශුද්ධ මළිගාවයි.


Watch the Sermon Video

Read 431 times