+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

ශුද්ධාත්ම බලයෙන් පිරී ජීවත් වන්න - යෝෂා මනූ
March 27, 2022 Sunday Sermon Notes

 

දේව වචනය අපට ජීවනයයි.  අප එය සොයන්න මෙනෙහි කරන්න අවශ්‍යයි.

දේව වචනය කියවන්න මෙහෙහි කරන්න ලැජ්ජා නොවිය යුතුයි.

දේව වචනය රන් රිදී මුතු මැණික් වලට වඩා වටිනවා.

සාක්ෂි දැරීම වැදගත්. ඔබගේ ජීවිතයේ දෙවියන්වහන්සේ කළ දේ අන් අය හා බෙදාගන්න.

ක්‍රියා 1:8  නුමුත් ශුද්ධාත්මයාණන්වහන්සේ නුඹලා කෙරෙහි පැමිණි කල නුඹලා බලය ලබන්නහුය. එවිට නුඹලා යෙරුසලමෙහිද මුළු යුදයෙහිද සමාරියෙහිද පොළොවේ සීමාව දක්වාද මාගේ සාක්ෂිකාරයෝ වන්නහුයයි කීසේක. 

දෙවියන්වහන්සේගේ බලයට සීමාවක් නැත අසීමිතයි.  ඒ බලය තිබෙන්නේ සාක්ෂි දරන්න.

එපීස 1:4

ඔබගේ ජීවිතයේ වෙනස කියන්න ලැජ්ජා වෙන්න එපා.

දෙවියන්වහක්සේ දී ඇති සමාදානය මිල කළ නොහැක

දෙවියන්වහන්සේ අපහට දීර්ඝායුෂ දෙනවා තෘප්තිමත්භාවය දී තිබෙනවා

හිතෝපදේශ 3:1‭-‬7 මාගේ පුත්‍රය, මාගේ උපදෙස් සිහි නැති නොකර, නුඹේ සිතින් මාගේ ආඥා රක්ෂාකරන්න.

2 මක්නිසාද එයින් දවස් ගණනද ජීවිතයේ අවුරුදුද සමාදානයද නුඹට වැඩිවන්නේය.

3 කරුණාව සහ සත්‍යවාදිකම නුඹෙන් පහ නොවේවා. ඒවා නුඹේ ගෙල වටේ බැඳගන්න; නුඹේ සිත නමැති පුවරුවේ ඒවා ලියාගන්න.

4 එවිට නුඹ දෙවියන්වහන්සේගේද මනුෂ්‍යයාගේද ඇස් හමුවෙහි කරුණාවත් යහපත් කීර්තියත් ලබනවා ඇත.

5 නුඹේම නුවණෙහි නොපිහිටා, නුඹේ මුළු සිතින් ස්වාමීන්වහන්සේ කෙරෙහි විශ්වාසකරන්න.

6 නුඹේ සියලු මාර්ගවලදී උන්වහන්සේ සලකන්න, එවිට උන්වහන්සේ නුඹේ මාවත් සමතලාකරනවා ඇත.

7 නුඹ ඥානවන්තයෙකැයි සිතා නොගන්න; ස්වාමීන්වහන්සේ කෙරෙහි භයව නපුරෙන් දුරුවෙන්න.

මෙනෙහි කිරීම වැදගත්

යෙසායා 50:4 අන් අයට කථා කිරීමට දිව්‍යමය ප‍්‍රඥාව අපට දී තිබෙනවා

නපුරු ක‍්‍රියා දේව වචනයෙන් සොදා ගන්න

මනස දේවවචනයෙන් සෝදාගත් විට ශාන්ත සමාදානය ලැබෙනවා

මතෙව් 13:9 ඇසීමට කන් ඇත්තේ අසාවයි කීසේක.

මතෙව් 13:43  එකල ධර්මිෂ්ඨයෝ තමුන්ගේ පියාණන්ගේ රාජ්‍යයෙහි සූර්යයා මෙන් බබළන්නෝය. ඇසීමට කන් ඇත්තේ අසාවා.

මතෙව් 13:19‭-‬21

19 යමෙක් රාජ්‍යයේ වචනය අසා තේරුම් නොගන්නේද, ඔහුගේ සිතේ වපුළ දේ නපුරා ඇවිත් උදුරාගන්නේය. මග අසල වපුරනලද්දේ නම් මොහුය.

20 ගල් බිම්වල වපුරනලද්දේ නම්, වචනය අසා එකෙණෙහිම සන්තෝෂයෙන් පිළිගන්න තැනැත්තාය;

21 එහෙත් තමා තුළ මුල් නැති බැවින්, ඔහු මඳ කලක් පැවත, වචනය නිසා හිංසාවක් හෝ පීඩාවක් හෝ පැමිණි කෙණෙහිම බාධාවන්නේය.

එපීස 5:27 වචනය නැමති වතුරෙන් සේදීමෙන්, උන්වහන්සේ අපගේ මනස පවිත්‍රකොට පිරිසිදුකර ගත යුතුය.

රෝම 10:17 ඇදහිල්ල පැමිණෙන්නේ දේව වචනය ඇසීමෙනි

මතෙව් 13:21‭-‬23

21 එහෙත් තමා තුළ මුල් නැති බැවින්, ඔහු මඳ කලක් පැවත, වචනය නිසා හිංසාවක් හෝ පීඩාවක් හෝ පැමිණි කෙණෙහිම බාධාවන්නේය.

22 කටු අතරෙහි වපුරන ලද්දේ නම්, වචනය අසා, ලෝකය ගැන වෙහෙසීමෙන්ද වස්තුවේ රැවටිලිකාරකමෙන්ද වචනය යටවීමෙන් ඵල නොදරන තැනැත්තාය.

23 සරු බිමෙහි වපුරනලද්දේ නම්, වචනය අසා තේරුම් ගෙන, ඵලද දරන තැනැත්තාය; එක්කෙනෙක් සියයක්ද එක්කෙනෙක් සැටක්ද එක්කෙනෙක් තිහක්ද බැගින් ඵල දෙන්නේයයි කීසේක.

වචනය අසා තේරුම් ගෙන අප එය බයිබලයේ සටහන් කර නිවසට ගොස් එය කියවිය යුතුයි මනසේ රදවා ගත යුතුයි


Watch the Sermon Video

Read 457 times