+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

ඔබ නිදහස් වී ඇත - යෝෂා මනූ
April 24, 2022 Sunday Sermon Notes


සැබෑ ගෝලයෙකු මෙන් ජීවත්වන්නේ කෙසේද?

යේසුස්වහන්සේ පැවසුවේ වචනය ප්‍රකාශ කර ගෝලයන් බිහිකරන්න කියාය.

ගෝලකම පිළිබද පාඩම්මාළාව ඉගෙන ගැනීම ඉතා වැදගත්ය

එතුලින් බොහෝ කාරණා ඉගෙන ගත හැක.

සදාකාල ජීවනය යනු කුමක්ද?

අනුග්‍රහය තුළ ජීවත්වන්නේ කෙසේද?

ධර්මිෂ්ඨකම යනු කුමක්ද? 2 කොරින්ති 5:21

පසුතැවිලිවීම යනු මනස වෙනස් කර ගැනීමයි. 1යොහාන් 1:9

කැපවීම යනු දෙවියන්වහන්සේ උදෙසා වෙන්වු ජීවිතයක් ගත කිරීමය. 1කොරින්ති 6:19- 20

වතුර බවිතිස්මය යනු කුමක්ද? රෝම පරිච්ඡෙදය

ක්‍රිස්තුස්වහන්සේ තුළ අනන්‍යතාවය.

මා ක්‍රිස්තුස්වහන්සේ තුළ කවුද?

කිතුනුවෙකු පවිකල විට කුමක් සිදුවේද?

ශුද්ධාත්මයෙන් පිරුණු ජීවිතයක් මම ගත කරන්නේ කෙසේද?

යන තව බොහෝ කරුණු ඔබට මෙම පොත අධ්‍යනයෙන් ලබාගත හැකිය

ගලාති 5:1

ක්‍රිස්තුස් වහන්සේ අපව මුදවා ගත්තේ නිදහස්කම ඇතිව සිටීමටය.

දෙවියන්වහන්සේ අපව නිදහස් කළානම් අප එම නිදහස්කම ඇතිව ජීවත්විය යුතුය.

යේසුස්වහන්සේ මේ නිදහස්කම ලබා දුන්නේ මිලක් ගෙවීමෙනි.

ඒ මිලය නම් යේසුස්වහන්සේගේ ලේ ය.

දෙවියන්වහන්සේ අපව සම්පූර්ණයෙන් නිදහස් කළ හෙයින් අප නැවත පාපයට හසු නොවිය යුතුය.

ගලාති 2:20

දෙවියන්වහන්සේ මා නිදහස් කළේ මාගේ කැමැත්ත කරන පිණිස නොවේය.

1කොරින්ති 6:17

ස්වාමීන්වහන්සේට එක්වු තැනැත්තේ එක ආත්මයක්ය.

අපගේ ශරීරය ක්‍රිස්තුස්වහන්සේගේ මාළිගාවය

1කොරික්ති 6:20

අප ඇදහිල්ලෙන් ජීවත් විය යුතුය

ජීවිතයේ ගන්නාවු තීරණ ඉතා වැදගත්ය.

එයින් යහපත හෝ අයහපත, ජයග්‍රහණය හෝ පරාජය ලබාගනී,

ගලාති 2:20 මෙනෙහි කරන්න

ගලාති 5:1
ක්‍රිස්තුස්වහන්සේ අප මුදා ගත්තේ නිදහස්කම ඇතිව සිටීමටය. එබැවින් දාසකම නැමැති වියගහකට නැවත අසුනොවී ස්තීරව සිටපල්ලා.

ගලාති 2:20
මම ක්‍රිස්තුස්වහන්සේ සමග කුරුසියේ ඇණගසනු ලැබ සිටිමි. එසේවී නමුත් මම ජීවත්වෙමි. නුමුත් තවත් මා නොව ක්‍රිස්තුස්වහන්සේ මා තුළ ජීවත්වනසේක. තවද මා දැන් මාංසයෙහි ජීවත්වන ජීවිතය මට ප්‍රේමකළාවු, මා උදෙසා තමන්ම පාවාදුන්නාවු දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන්වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් ජීවත්වෙමි

1කොරින්ති 6:17
නුමුත් ස්වාමීන්වහන්සේට එක්වූ තැනැත්තේ එක ආත්මයය.

1කොරික්ති 6:20
නුඹලා නුඹලාටම අයිති නැත: මක්නිසාද නුඹලා මිලේට ගනු ලැබූවහුය. එබැවින් නුඹලාගේ ශරීරයෙන් දෙවියන්වහන්සේට ගෞරව කරපල්ලා


Watch the Sermon Video

Read 474 times