+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

දෙවියන්වහන්සේගේ ආශාව නම් ඔබ නිදහසේ ගමන් කිරීමයි - මනූ මැතානි
April 24, 2022 Sunday Sermon Notes

 

දෙයාකාර ජීවිතයක් ගත කිරීමෙන් අප අපවමයි රවටා ගන්නේ

රෝම 6:23

මා දෙවියන්වහන්සේගේ උපකාරය ඇතිව සියල්ල කරන්නේ දෙවියන්වහන්සේගේ කැමැත්තටයි කියා අප අදිටන් කළගත යුතුයි.

අපේ සිතේ තිබෙන උඩගුකමට අප රැවටී සිටිනවා.

ඔබදියා 1:3

බොහෝවිට වැටීමට මුල උඩගුකම වේ.

1 පේත්‍රැස් 5:5

කරුණාව,අනුග්‍රහය ඉතා වැදගත් දෙයකි ආශීර්වාදයට

යාකොබ් 4:6

ගැළවීම සැබවින්ම ලබා ගත්තානම් අප වෙනස්විය යුතුයි. අවංක විය යුතුයි.
ගැළවීම ඉතා වැදගත්, එතුළින් දෙවියන්වහන්සේ අපට පොළොවේ ජීවත්වන්නට දී තිබෙන කරුණාව ලබාගෙන නව ජීවනයේ නැවුම්භාවය නිතරම තබා ගන්න

මෙතරම් මහත් ගැළවීම නොසලකා හරින්න එපා.

හේබ්‍රෙව් 2:3

අපගේ ශර්රය දෙවියන්වහන්සේගේ මාළිගාවය.

2 කොරින්ති 6:12

යමක් ප්‍රයෝජනවත් නොවේනම් කලකදි එය ඔබට අලාභයක්වේ.

කිසිවෙකුට ඔබව අනවශ්‍යය ලෙස පාලනය කරන්න දෙන්න එපා.

1 කොරින්ති 6:13-16

අප ස්වාමීන්වහන්සේ උදෙසා ජීවත්විය යුතුයි.

අප ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරයේ අවයවයන්ය.

ක්‍රිස්තුස්වහන්සේ ඔබ තුළ සිටිනවා, ඔබ වෛශ්‍යය කමේ පාපයට යන කළ ඔබ තූළ සිටින ක්‍රිස්තුස්වහන්සේවත් රැගෙනයි ඔබ යන්නේ.

නපුරු පින්තූර බැලුවත් වෛශ්‍යකමට සමානයි.

අප අනවශ්‍යය දේවලට ක්‍රිස්තුස්වහන්සේගේ අවයවයන් යොදාගත්විට අපගේ ප්‍රිතිය සමාදානය නැතිවී යයි.

1තෙසලෝනික 5:21-22

යහපත් දේ තදින් අල්ලාගන්න. නපුරෙන් ඈත්වෙන්න

1තෙසලෝනික 5:23

දරුවන්ගේ වගකීම ඔබ දරිය යුතුය.

පළමුව ඔබේ ජීවිතය හරියාකාරව ගොඩනගාගෙන දරුවට ඔබ ආදර්ශයක් වන්න.

ඔබගේ ක්‍රියාවන් හා වචන වලින් ආදර්ශමත් ජීවිතයක් ගතකළ යුතුයි.

වචනයෙන් පමණක් නොව එය ක්‍රියාවෙනුත් පෙන්විය යුතුයි.

1 කොරින්ති 6:15

වෛශ්‍යයකමට යන කෙනා එම වෛශ්‍යකම කරන්නා හා එක ශරීරයක්වේ.
එතුලින් තම ශරීරයට මහත් විනාශයක් කරගනී, යක්ෂ ආත්ම වලට ඔබව පාලනය කිරීමට ඔබ ඉඩ දී ඇත.

යාකොබ් 1:19-20

පවුලේ කෙනෙකුට සේ දෙවියන්වහන්සේ අපට කථා කරයි- ඉක්මන්වී වචනය අසන්නයැයි කියයි.

කෝප වීමට ඉක්මන් නොවන්න..

යාකොබ් 1:22

ඔබ නිතරම දේව වචනය අසන්න, එතුලින් මනසේ තිබෙන දුෂ්ඨ සිතුවිලි වෙනස් කරන්න දෙවියන්වහන්සේට පුලුවන්.

ඔබගේ නව මනුෂ්‍යයාත් දෙවියන්වහන්සේගේ වචනයත් එකතුවු විට අපට කරන්නට අපහසු දෙයක් නැත.

යාකොබ් 1:24-25

දේව වචනය ඔබට නිදහස්කම ගෙන දෙන ව්‍යවස්ථාවකි

රෝම 6:23 පාපයේ කුලිය මරණයයි.

ගණන් කතාව 32:23 *ඔබේ පාපය ඔබව සොයා ගන්නා බවට වග බලා ගන්න.*

එහෙත්, නුඹලා එසේ නොකළොත්, බලව, නුඹලා ස්වාමීන්වහන්සේට විරුද්ධව පව්කළා වේ. නුඹලාගේ පාපයද නුඹලා පිටට පැමිණෙන බව සහතිකලෙස දැන ගන්න.

ඔබදියා 1:3 පර්වත විවරවල වසන්නාවූ, උස්වූ වාසස්ථානයක් ඇත්තාවූ, මා බිම හෙළන්නේ කවුදැයි තමාගේ සිතින් සිතාගන්නාවූ නුඹ නුඹේ සිතේ උඩඟු කමට රැවටුණෙහිය.

1 පේත්‍රැස් 5:5 එසේම, තරුණයෙනි, වැඩිමහල්ලන්ට යටත්වෙන්න. එසේය, නුඹලා සියල්ලෝම එකිනෙකාට මෙහෙකරන පිණිස යටත්කම පැළඳගන්න. මක්නිසාද දෙවියන්වහන්සේ උඩඟු අයට විරුද්ධව සිට යටහතුන්ට කරුණාව දෙනසේක.

යාකොබ් 4:6 නුමුත් උන්වහන්සේ වඩා කරුණව දෙනසේක. ඉන්නිසා: දෙවියන්වහන්සේ උඩඟුවූවන්ට විරුද්ධව සිට, යටහතුන්ට කරුණාව දෙනසේකැයි ලියවිල්ල කියන්නේය.

හෙබ්‍රෙව් 2:3 පළමුවෙන් ස්වාමීන්වහන්සේ කරණකොටගෙන කියනලද්දාවූ, ඇසූවන් විසින් අපට ස්ථිරකරදුන්නාවූ මෙපමණ මහත් ගැළවීම අපි නොසලකා සිටියොත් කොහොම ගැළවෙමුද?

1 කොරින්ති 6:12 සියලු දේ ගැන මට නිදහස තිබේ; නුමුත් සියල්ල ප්‍රයෝජන නැත. සියලු දේ ගැන මට නිදහස තිබේ; නුමුත් මම කිසිවකට වසඟ නොවන්නෙමි.

1 කොරින්ති 6:13-16
13 කෑම බඩ උදෙසාය, බඩ කෑම උදෙසාය. නුමුත් දෙවියන්වහන්සේ ඒකත් ඒවාත් නැතිකරනසේක. එහෙත් ශරීරය තිබෙන්නේ වේශ්‍යාකම පිණිස නොව ස්වාමීන්වහන්සේ උදෙසාය; ස්වාමීන්වහන්සේද ශරීරය උදෙසාය.

14 දෙවියන්වහන්සේ ස්වාමීන්වහන්සේව නැගිටෙවුසේක, අපත් තමන්වහන්සේගේ බලයෙන් නැගුටුවනසේක.

15 නුඹලාගේ ශරීර ක්‍රිස්තුස්වහන්සේගේ අවයවයන් බව දන්නේ නැද්ද? එසේවී නම් මම ක්‍රිස්තුස්වහන්සේගේ අවයවයන් පැහැරගෙන වේශ්‍යාවියෙකුගේ අවයවයන් කරම්ද? එසේ නොවේවා.

16 නොහොත් වේශ්‍යාවියෙකුට එක්වූ තැනැත්තේ එකම ශරීරය වන බව නොදනිවුද? මක්නිසාද: දෙදෙනම එක මාංසය වන්නෝයයි උන්වහන්සේ කියනසේක.

1 තෙසලෝනික 5:21-22
21 සියල්ල සෝදිසිකර බලා, යහපත් දේ තදින් අල්ලාගන්න;

22 සියලු අන්දම්වල නපුරෙන් වැලකෙන්න.

1 තෙසලෝනික 5:23
සමාදානයේ දෙවියන්වහන්සේම නුඹලා සහමුලින්ම පවිත්‍රකරනසේක්වා; නුඹලාගේ මුළු ආත්මයත් ප්‍රාණයත් ශරීරයත් අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ඊමේදී නිදොස්ව තිබෙන ලෙස ආරක්ෂාකරනු ලැබේවා.

1 කොරින්ති 6:15-16
15 නුඹලාගේ ශරීර ක්‍රිස්තුස්වහන්සේගේ අවයවයන් බව දන්නේ නැද්ද? එසේවී නම් මම ක්‍රිස්තුස්වහන්සේගේ අවයවයන් පැහැරගෙන වේශ්‍යාවියෙකුගේ අවයවයන් කරම්ද? එසේ නොවේවා.

16 නොහොත් වේශ්‍යාවියෙකුට එක්වූ තැනැත්තේ එකම ශරීරය වන බව නොදනිවුද? මක්නිසාද: දෙදෙනම එක මාංසය වන්නෝයයි උන්වහන්සේ කියනසේක.

යාකොබ් 1:19
මාගේ ප්‍රේමවන්ත සහෝදරයෙනි, නුඹලා මේක දන්නහුය. නුමුත් එක එක මනුෂ්‍යයා ඇසීමට ඉක්මන්වේවා, කථාකිරීමටත් උදහස්වීමටත් ප්‍රමාද වේවා.

යාකොබ් 1:20
මක්නිසාද මනුෂ්‍යයාගේ උදහසින් දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම ඉෂ්ට නොවන්නේය.

යාකොබ් 1:21
එහෙයින් සියලු කිලුටුකමද අධික දුෂ්ටකමද පහකොට, නුඹලාගේ ප්‍රාණ ගළවන්ට පුළුවන්වූ, පිහිටුවනලද වචනය මෘදුකමින් යුක්තව පිළිගන්න.

යාකොබ් 1:22-23
22 නුමුත් නුඹලාම රවටාගනිමින් වචනය අසන්නෝ පමණක් නොවී එය පිළිපදින්නෝ වෙන්න.

23 මක්නිසාද යමෙක් වචනය අසන නුමුත් එය පිළිපදින්නේ නැත්නම්, ඔහු කැඩපතකින් තමාගේ ස්වාභාවික මුහුණ බලන මනුෂ්‍යයෙකුට සමානය.


Watch the Sermon Video

Read 421 times