+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

දෙවියන්වහන්සේ සභාව ධර්මිෂ්ඨකමෙන් පුරවා ඇත - යෝෂා මනූ
May 1, 2022 Sunday Sermon Notes

 

අපගේ ජීවිතේ අත්තිවාරම ගොඩනගා ඇති ආකාරය අප නැවත නැවත සෝදිසිකර බැලීම ඉතා වැදගත්ය.

ධර්මිෂ්ඨකම අපගේ අත්තිවාරමයි

රෝම 10:9-11

අප දෙවියන්වහන්සේ සමග සම්භන්ධවුනේ අපගේ යහපත් ක්‍රියා නිසා නොව යේසුස්වහන්සේගේ ධර්මිෂ්ඨකම නිසයි

අප ධර්මිෂ්ඨකම ලෙස සිතින් ඇදහිය යුතුයි.

2 කොරින්ති 5:17 / 21

ධර්මිෂ්ඨකම අපගේ ස්වභාවයයි

දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම අනෙකුත් ආශීර්වාදයන්ට සම්බන්ධයි.

1 පේත්‍රැස් 2:24

අප පරික්ෂා පීඩා වලින් ගමන් කරන විට අපේ ඇදහිල්ල ක්‍රියාවට දැමිය යුතුයි.

ධර්මිෂ්ඨකම දෙවියන්වහන්සේගේ ගුණාංගයයි.

උන්වහන්සේගේ නීති/අණපනත් වල දකින්නට ලැබෙන්නේ මේ ගුණාංගයයි.

රෝම 9:28 / 30
28 මක්නිසාද ස්වාමීන්වහන්සේ තමන් වචනය තීන්දුකොට, එය අප්‍රමාදව පොළොව පිට ඉෂ්ටකරනසේක කියාය. මක්නිසාද ඔහු වැඩ නිම කර, ධර්මිෂ්ඨකමෙන් එය කෙටි කරන්නේය.

30 එසේවී නම් කුමක් කියමුද? ධර්මිෂ්ඨකම අනුව නොගියාවු අන්‍යජාතීහු ධර්මිෂ්ඨකමට එනම් ඇදහිල්ලෙන්වු ධර්මිෂ්ඨකමට පැමිණියේය.

ධර්මිෂ්ඨකම අප ලබා ගන්නේ ඇදහිල්ලෙනි.

ඇදහිල්ලේ කතෘ යේසුස්වහන්සේය.

අපි අපගේ දෙවියන්වහන්සේ සමඟ නිවැරදි සබඳතාවයක සිටීමෙන් අපට බොහෝ ආශීර්වාද සහ බොහෝ ප්‍රයෝජන ලැබෙනවා.

ධර්මිෂ්ඨකම යනු දෙවියන්වහන්සේ පිළිබඳ නිවැරදි ආකාරයට සිතීමයි.

යෙසායා 33:5‭-‬6
5 ස්වාමීන්වහන්සේ උසස්වී සිටිනසේක; මක්නිසාද උන්වහන්සේ උසස්ථානයෙහි වාසයකරනසේක. යුක්තියෙන්ද ධර්මිෂ්ඨකමින්ද උන්වහන්සේ සියොන් පිරෙවුසේක.

6 නුඹේ කාලවලදී ආරක්ෂාවත් අධික ගැළවීමත් ප්‍රඥාවත් දැනගැන්මත් වන්නේය. ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීම ඔහුගේ සම්පතය.

අප ධර්මිෂ්ඨ වෙන්ට පටන් ගත්කළ අප තුළින් ධර්මිෂ්ඨ ක්‍රියා සිදුවේ.

ධර්මිෂ්ඨකමේ සිටින පිණිස දේව භයෙන් ජීවත්විය යුතුවේ.

එනම් ශුද්ධලෙස, ධර්මිෂ්ඨ ලෙස,ගෞරව සහිත ජීවිතයක් ගත කිරීම.


Watch the Sermon Video

Read 453 times