+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

දේව පුත‍්‍රයන් සීමාවක් නොමැති ඇදහිල්ලේ ජීවිතයක් ගත කරති - මනූ මැතානි
May 8, 2022 Sunday Sermon Notes


ගීතාවලිය 78:39-41
ඔවුන් මාංසයම බවත් පහව යන්නාවූ නැවත නොඑන්නාවූ හුළඟක් බවත් සිහිකළසේක. කී වරක් ඔව්හු වනයෙහිදී උන්වහන්සේට විරුද්ධව කැරළිගැසුවෝද, කාන්තාරයේදී උන්වහන්සේට දුක් දුන්නෝද! ඔව්හු නැවත හැරී දෙවියන්වහන්සේ පරීක්ෂාකළෝය, ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේ උදහස්කළෝය.

41 පදයෙන් අර්ථවත් කරන්නේ ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේ සීමා කළා.

ඔබ දෙවියන්වහන්සේව සීමා කරන්න එපා. උන්වහන්සේට කරන්නට අපහසු කිසි දෙයක් නැත.

උන්වහන්සේ සියල්ලෙන් සියල්ලයි.

මනුෂ්‍යයන් පාපයේ ජීවත්වන විට ඔවුන්ට කිසිම සීමාවක් නැත.

අපට ඊටත් වැඩියෙන් කිසි සීමාවක් නැතිව දෙවියන්වහන්සේ සමඟ දේවල්
ශුද්ධකමෙන් කළ හැකියි.

අපට අවංක ප්‍රේමයෙන්, ශුදශුද්ධකමෙන් එකලෙස ජීවත් විය හැකියි.

1 තිමෝති 1:3-5 අමුතු ධර්ම නූගන්වන හැටියටද, ප්‍රබන්ධත් ඇදහිල්ලෙහිවූ දෙවියන්වහන්සේගේ මාර්ගය වර්ධනයකිරීම වෙනුවට විවාද උපදවන, කෙළවරක් නැති පෙළපත් කථාත් නොසලකන හැටියටද, නුඹ විසින් සමහරුන්ට ආඥාකරන පිණිස, එපීසයෙහි නැවතී සිටින්ට කියා මා මකිදෝනියට යන කල නුඹට අවවාද කෙළෙමි, දැනුත් එසේ කරමි. ආඥාවේ අභිප්‍රාය නම් පිරිසිදු සිතකිනුත් යහපත් හෘදයසාක්ෂියකිනුත් සැබෑ අවංකවූ ඇදහිල්ලෙනුත් නික්මෙන ප්‍රේමයය.

අපට තිබෙන්නේ අව්‍යාජ ඇදහිල්ලක්, කිසි මිශ්‍රයක් නැති අවංක ඇදහිල්ල.

අපි බාධා ජයගමු. බාධා අපි ජයගමු. මන්ද අප තුළ තිබෙන්නේ සීමාවක් නැති ඇදහිල්ලයි.

මීකා 7:5

යෙසායා 43:1-3 එම්බා යාකොබ්, නුඹ මැවුවාවූද එම්බා ඉශ්‍රායෙල්, නුඹව සෑදුවාවූද ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: භය නොවෙන්න, මක්නිසාද මම නුඹ මුදාගතිමි; නුඹේ නම කියා හඬ ගැසීමි, නුඹ මාගේය. නුඹ ජල මැදින් යන විට මම නුඹ සමඟ සිටින්නෙමි; නුඹ ගංගා මැදින් යන විට ඒවා නුඹට උඩින් ගලායන්නේ නැත. නුඹ ගිනි මැදින් යන විට නොදැවෙන්නෙහිය; ගිනිදැල්ල නුඹ කෙරෙහි නොඇවිළෙන්නේය. මක්නිසාද මම නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේය, නුඹේ ගැළවුම්කාරයා වන ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේය; නුඹේ මිදීමේ මිලය පිණිස මිසරයද නුඹ වෙනුවට කූෂ් සහ සෙබාද දුනිමි.

සම්පූර්ණවූ කිසි සීමාවක් නැති ඇදහිල්ලට සියල්ල කළ හැකියි.

ඔබ තුළ වාසය කරන තැනනවහන්සේ බලවත. උන්වහන්සේ ඔබ සමඟයි. ඔබ තුළ ක්‍රියා කරමින් සිටී.

ඔබ උන්වහන්සේව සීමා කරන්න එපා.

උන්වහන්සේ පවසන්නේ, ඔබට විශ්වාස කරන්න පුලුවන් නම් උන්වහන්සේට සියල්ල කළ හැකියි.

සීමාවක් නැති ඇදහිල්ලෙන් අපි ක්‍රියා කරමු.

උන්වහන්සේට නැහැ, බැහැ අපහසුයි කියා පවසන්නේ නැත.

එළිදරව් 13:8 ලෝකය පටන්ගැන්මේ සිට මරනලද බැටළුපැටවාණන්ගේ ජීවනපොතෙහි නම් ලියවී නොතිබුණු පොළොවෙහි වසන සියල්ලෝ ඌට නමස්කාරකරන්නෝය.

දෙවියන්වහන්සේ මුල පටන් සියල්ල දැන සිටියා.

උත්පත්ති 3:15 මම තා සහ ස්ත්‍රිය අතරෙහිද තාගේ වංශය සහ ඇගේ වංශය අතරෙහිද සතුරුකම තබන්නෙමි; ඒ වංශය තාගේ හිස පොඩිකරන්නේය, තෝ ඔහුගේ විලුඹ පොඩිකරන්නෙහියයි කීසේක.

දෙවියන්වහන්සේ නිතරම ක්‍රියා කරන්නේ ඇදහිල්ලෙන්.

2 කොරින්ති 5:7 (මක්නිසාද අප හැසිරෙන්නේ පෙනීමෙන් නොව ඇදහීමෙන්ය.)

රෝම 12:2 නුඹලා මේ ලෝකයේ ආකාරයට සමාන නොවී, දෙවියන්වහන්සේගේ කැමැත්ත එනම් යහපත්වූ පිළිගත යුතුවූ සම්පූර්ණවූ දෙය කුමක්ද කියා දැනගන්නා පිණිස, සිත අලුත්කරගැනීමෙන් අන්‍යාකාර ඇත්තෝ වෙන්න.

නව ජීවනය අනුව නොපෙනෙන ඇදහිල්ලෙන් ගමන් කිරීම දේව කැමැත්තයි.

ඇදහිලිවන්තයන් වචනය ප්‍රකාශ කරමින් ජීවත් විය යුතුයි.

1 යොහන් 5:4 මක්නිසාද දෙවියන්වහන්සේගෙන් උපන් යමක් ඇද්ද එය ලෝකයෙන් ජයගන්නේය. ලෝකයෙන් ජයගෙන තිබෙන්නේ අපේ ඇදහිල්ලය.

1 යොහන් 5:5 යේසුස්වහන්සේ දෙවියන්වහන්සේගේ පුත්‍රයා බව විශ්වාසකරන තැනැත්තා මිස ලෝකයෙන් ජයගන්නේ වෙන කවුද?

ඔබේ ඇදහිල්ල ඔබව සුවය කර ඇඔබගේ

මූලාශ්‍රය ඔබ තුළයි. ඒ බලයට ඔබ සම්බන්ධ වෙන්න.

ආගමික රාමුවෙන් පිටතට එමු.

ගලාති 4:6 තවද නුඹලා පුත්‍රයන්ව සිටින බැවින්: අබ්බා, පියාණෙනී, කියා හඬගසන්නාවූ තමන් පුත්‍රයාණන්ගේ ආත්මය දෙවියන්වහන්සේ අපේ සිත්වලට එවූසේක.

ඔබ තුළ ඇත්තේ පුත්‍රයෙකුගේ චරිතයයි. කිසි භියක් නැතිව උන්වහන්සේගේ අභිමුඛයට එමු.

අපි උරුමය ලබාගත් උරුමක්කාරයන්.

රෝම 8:15 මක්නිසාද නුඹලා භය උපදවන දාසකමේ ආත්මය නැවත නොලබා, පුත්‍රකමේ ආත්මය ලබාගත්තහුය; එයින් අපි: අබ්බා, පියාණනි, කියා හඬගසමුව.

භිය අපගේ ජීවිතයේ නොතිබිය යුතුයි.

දේව වචන වන්නේ නැත.

රෝම 8:16 අපි දෙවියන්වහන්සේගේ දරුවෝයයි ආත්මයාණන්වහන්සේම අපේ ආත්මය එක්ව සාක්ෂිදෙනසේක.

1 යොහන් 5:5 යේසුස්වහන්සේ දෙවියන්වහන්සේගේ පුත්‍රයා බව විශ්වාසකරන තැනැත්තා මිස ලෝකයෙන් ජයගන්නේ වෙන කවුද?

රෝම 8:17 තවද දරුවෝ නම් උරුමක්කාරයෝය; දෙවියන්වහන්සේගේ උරුමක්කාරයෝය, ක්‍රිස්තුස්වහන්සේ හා සමඟ හවුල් උරුමක්කාරයෝය. උන්වහන්සේ හා සමඟ මහිමය ලබන පිණිස, උන්වහන්සේ සමඟ දුක්විඳිමු නම්, මෙසේ වන්නේය.


Watch the Sermon Video

Read 492 times