+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

ධර්මිෂ්ඨකමේ මාවතෙහි ජීවනය ඇත - යෝෂා මනූ
May 15, 2022 Sunday Sermon Notes

 

ස්වාමීන්වහන්සේගේ යහපත කෙනෙක් භුක්තිවිදින විට එම පුද්ගලයා පවසනවා උන්වහන්සේ මිහිරියි රසවත්යැයි කියා.

දෙවියන්වහන්සේ ගැන දැනගන්න අප උන්වහන්සේගේ රසවත් භාවය අත්දකින්ට අවශ්‍යයයි.

අපගේ මුඛයෙන් පිටවෙන්ට අවශ්‍යයයි ස්වාමීන්වහන්සේ යහපත් කියා.

අප ගැළවීම ලැබූපසු නිතරම අපගේ ජීවිතයේ සිදුවිය යුත්තේ යහපත පමණි.

යෙසායා 61:10
මම ස්වාමීන්වහන්සේ තුළ බොහෝසේ ප්‍රීතිවන්නෙමි, මාගේ ආත්මය මාගේ දෙවියන්වහන්සේ තුළ සන්තෝෂවන්නේය; මක්නිසාද මනමාලයා පූජක මකුටයක් දමාගන්නාක්මෙන්ද මනමාලි ඇගේ ආභරණ පැළඳගන්නාක් මෙන්ද උන්වහන්සේ ගැළවීම නැමති වස්ත්‍ර මට පැළදෙවුසේක, ධර්මිෂ්ඨකම නැමති සළුවද මට පෙරෙවුසේක.

* ධර්මිෂ්ඨකම නිසා අපට ලැබෙන දේ

1) ගැළවීම නැමැති වස්ත්‍ර පැළදවූවා.

1පේත්‍රැස් 2:9

ධර්මිෂ්ඨකම නැමති සලුව පෙරවූවා. යෙසයා 59:17

ධර්මිෂ්ඨකම ලැබූ හෙයින් අනෙකුත් සියලු ආශීර්වාද අපට හිමිවේ.

ගීතාවලිය 24:5 ඔහු ස්වාමීන්ගෙන් ආශීර්වාදයක්ද තමාගේ ගැළවීමේ දෙවියන්වහන්සේ ගෙන් ධර්මිෂ්ඨකමද ලබන්නේය.

එපීස 1:4

දෙවියන්වහන්සේගේ ආශීර්වාද සුඵ නොකරන්න. යෙසායා 54:14

2) යෙසායා 54:10 ධර්මිෂ්ඨභාවයට පමුණුවා ස්තීරකරනු ලබනවා.

2 තිමෝති 4:7 -භය ඉවත්කරනවා

එපීස 6:16

යෙසායා 4:10 - ධර්මිෂ්ඨකමේ දකුණතින් ඔසවනවා.

3)  මතෙව් 6:33 දෙවියන්වහන්සේ ඔබගේ ජීවිතයේ පළමු ස්ථානයේ තබාගන්න.

4) යෙසායා 32:17-18 - ධර්මිෂ්ඨකම තුළින් සමාදානය ලැබී ඇත.

එපීස 2:5

සමාදානයේ කුමාරයාණෝ යේසුස්වහන්සේය.

යෙසායා 48:17-18  සමාදානය ගංගාවක් මෙනි.

5) යෙසායා 54:17 විරුද්ධව සාදන කිසිම දෙයක් සඵලනොවන්නේය

වචනවල බලය බල රහිත කරන්න ලැබෙනවා.

අපට ධර්මිෂ්ඨකම තුළින් ලැබෙන උරුමය එයයි.

මෙම පොරොන්දු අප උරුමකර ගත යුතුයි

ධර්මිෂ්ඨකමේ මාවතේ ගමන් කරන කළ ජීවනය සමාදානය සුවය හා සෑම ආශීර්වාදයක්ම අපට ලැබෙනවා


Watch the Sermon Video

Read 476 times