+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

ප්‍රඥාව හා දැනගැන්මත්, ස්වාමීන් කෙරෙහි භයවීමත් අපගේ සම්පතය - යෝෂා මනූ
June 26, 2022 Sunday Sermon Notes

 

ගිය සතියේ බැලුවේ ……
දේව භය තිබීමෙන් අපට සඵලත්වයෙන් ජීවත් විය හැකි බවයි.

දෙවියන්වහන්සේට අවශ්‍යය වන්නේ අප උන්වහන්සේ සමඟ බැඳී එකට මේ ගමන ගමන් කිරීමටය.

උන්වහන්සේ නොමැතිව අපට කිසිවක් කළ නොහැක.

යේසුස්වහන්සේ එය පැහැදිලිව ප‍්‍රකාශ කර ඇත.

යොහාන් 15:5
මිදිවැල මමය, නුඹලා අතුය. යමෙක් මා තුළෙහි පවතින්නේද, මම ඔහු තුළෙහි පවතිම්ද, ඒ තැනැත්තේ බොහෝ ඵල දරයි. මක්නිසාද මාගෙන් වෙන්ව කිසිවක් කරන්ට නුඹලාට බැරිය.

අප දෙවියන්වහන්සේ තුළ පවතින විට දෙවියන්වහන්සේගේ ගිවිසුමේ අයිතියක් ලෙස අපට සඵලත්වය දී තිබෙනවා.

අප ගැළවීම ලැබූ පසු දෙවියන්වහන්සේ අප සම්පූර්ණයෙන් භාරගන්නවා.

ඒ අනුව උන්වහන්සේ අපගේ සුවකරන්නා, මිදුම්කරු, ගැළවුම්කරු, දිව්‍ය වෛද්‍යවරයාණෝ, අපගේ ජයග‍්‍රහණය, අපගේ එෙඬ්රා අපගේ සියල්ලෙන් සියල්ලයි

හිතෝපදේශ 22:4
යටත්කමේද ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීමේද විපාකය නම් වස්තුවත් ගෞරවයත් ජීවිතයත්ය. දෙවියන්වහන්සේට සේවය කිරීමෙන් අපට උන්වහන්සේ විපාක දෙනු ලබනවා.

සමාදානය විපාකයක් ලෙස අපට දී තිබෙනවා.

දේව භය ඇතුව සිටීමෙන් අපට වස්තුවත් ගෞරවයත් ජීවිතයත් දෙනු ලබනවා.

ගීතාවලිය 34:9-10
උන්වහන්සේට භයවන්නන්ට කිසි යහපත් දෙයකින් හිඟයක් නොවන්නේය.

ගීතාවලිය 112:1‭-‬3
ස්වාමීන් කෙරෙහි භයවන්නාවූ අය භාග්‍යවන්තයන්.

දේව භය ප‍්‍රඥාව සමඟ සම්භන්ධව නිතරම කි‍්‍රයාකරයි.

අප දෙවියන්වහන්සේට ගරුත්වය දෙමින් වචනය තුළ රැඳී සිටිනවානම් අපට ප‍්‍රඥාවන්ත මනුෂ්‍යයන් ලෙස ජීවත්වීමට පුළුවන.

ප‍්‍රඥාව දැනගැන්ම අපගේ ජීවිතයට ඉතාම වැදගත්ය.

ගීතාවලිය 145:19‭-‬20
උන්වහන්සේ තමන් කෙරෙහි භය ඇත්තන්ගේ ආශාව ඉෂ්ටකරදෙන සේක; ස්වාමීන්වහන්සේ තමන්ට ප්‍රේමකරන සියල්ලන් ආරක්ෂාකරනසේක;

සෑම දේව භක්තිකයෙකුටම ඔවුන් ඉල්ලන දේට වඩා වැඩි යමක් දෙනු ලබනවා.

එපීස 3:20 ඉතින් අප තුළ ක්‍රියාකරන්නාවූ බලයේ හැටියට අපි ඉල්ලන නොහොත් සිතන හැම දේට වඩා ඉතා අධිකලෙස කරන්ට බලය ඇත්තාවූ තැනන්වහන්සේටම,

මක්නිසාද ඔවුන්ගේ හදවත් සැබවින්ම ආශා කරන දේ උන්වහන්සේට ඇසෙන අතර, උන්වහන්සේ ඔවුන්ට තමාගේ ගැලවීමේ ශක්තිය ගෙන දෙනු ලබනවා.

දෙවියන්වහන්සේ, ආරක්ෂකයෙකු මෙන් උන්වහන්සේට කැපවූ සියලු ප්‍රේමවන්තයන් දෙස හොඳින් ආරක්ෂාව සලස්වා ඔවුන්ව බලා ගන්නාසේක.

යෙසායා 33:6
නුඹේ කාලවලදී ආරක්ෂාවත් අධික ගැළවීමත් ප්‍රඥාවත් දැනගැන්මත් වන්නේය. ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීම ඔහුගේ සම්පතය.

ප්‍රඥාවත් දැනගැන්මත්

අපගේ කාලයෙහි යන වචනයෙහි ස්ථිරභාවය නොවෙනස් වන අත්තිවාරමක්, ස්ථාවරත්වයක්, ආරක්ෂාවත්, සුරක්ෂිතභාවය, කිසි හිඟයක් නැතිව සිටීමක් වනසේක.

ආරක්ෂාව යන වචනයේ තවත් අර්ථ වන්නේ ධනය වස්තු සම්පත්, වටිනා වස්තු, නිධාන, වත්පොහොසත්කම් ලබා ගැනීම

එය අධික ගැළවීමත් නැතහොත් ගැළවීමේ ශක්තියද වන්නේය.

ගැළවීම නැතහොත් "යෝෂුවා" යන හෙබ්‍රෙව් වචනයේ අර්ථ වන්නේ මිදීම, සඵලත්වය, ජයග්‍රහණය, සුවය, උපකාරය. යන්නයි.

ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීම අපගේ සම්පතය නැතහොත් වස්තුවය.

ප්‍රඥාව යනු දිව්‍යමය ප්‍රඥාවයි. මේ ලෝකයෙන් අපට ලැබෙන ප්‍රඥාව නොවේ.

දැනගැන්ම යනු, අවබෝධය, වටහා ගැනීම, සියුම් නුවණයි.

ලූක් 21:5-13හි
මනුෂ්‍ය පුත්‍රයාගේ ඊම ගැන කලින් කීමේදී අවසාන කාලයේදී සිදුවන්නට යන දේවල් ගැන යේසුස්වහන්සේ කථා කළා.

ලූක් 21:14‭-‬15
එබැවින් උත්තරදිය යුතු කෙසේදැයි කලින් කල්පනා නොකරන්නට නුඹලාගේ සිත්හි නියමකරගන්න. මක්නිසාද නුඹලාගේ සියලු එදිරිකාරයින් විසින් විරුද්ධව සිටින්ටවත් බොරු කරන්ටවත් බැරිවූ මුඛයක්ද ප්‍රඥාවද මම නුඹලාට දෙන්නෙමි.

ලූක් 2:52
යේසුස්වහන්සේ ප්‍රඥාවෙන් හා උස මහතින්ද දෙවියන්වහන්සේගෙත් මනුෂ්‍යයන්ගෙත් කරුණාවෙහිද (අනඅනුග්‍රහයෙන්ද) වැඩුණුසේක.

1 කොරින්ති 1:30 ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ සිටින අපට දෙවියන්වහන්සේගෙන් ප්‍රඥාව එනම් ධර්මිෂ්ඨකමද ශුද්ධකමද මිදීමද කරනු ලැබූසේක.

යේසුස්වහන්සේ අපගේ ප්‍රඥාවයි.

එපීස 1:17 එසේ කරන්නේ මහිමයේ පියාණන් වන අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දෙවියන්වහන්සේ, උන්වහන්සේ ගැන දැනගැනීමට ප්‍රඥාවේද එළිදරව්කිරීමේද ආත්මයක් අපට දෙන ලෙසත්,

අපගේ පියාණන්ගේ කැමැත්ත මෙයයි.

කොලොස්සි 1:28 අපි නම් ක්‍රිස්තුස්වහන්සේ තුළ සියලු මනුෂ්‍යයන් සම්පූර්ණකොට ඔප්පුකරන පිණිස සියලු මනුෂ්‍යයන්ට දැනමුතුකම් දෙමින්ද සියලු මනුෂ්‍යයන්ට සියලු ආකාර ප්‍රඥාවෙන් උගන්වමින්ද උන්වහන්සේ ප්‍රකාශකරමුව.

අපව සම්පූර්ණකමට ගෙනෙන්නේ සියලු ප්‍රඥාවෙන් ඉගෙන ගනිමින්.

අපි දේශනා කරන්නේ, සෑම මනුෂ්‍යයෙකුටම අවවාද කරමින්, සෑම මනුෂ්‍යයෙකුටම සියලු ප්‍රඥාවෙන් උගන්වමින්; අපි සෑම මනුෂ්‍යයෙකුම ක්‍රිස්තුස් යේසුස් තුළ සම්පූර්ණකමට ගෙනෙන ලෙස ඉදිරිපත් කරන පිණිසය.

කොලොස්සි 2:3 ඒ තැනන්වහන්සේ තුළ (යේසුස්වහන්සේ) ප්‍රඥාවෙත් දැනගැන්මෙත් සියලු වස්තු නිධානකර ඇත්තේමය.

අපගේ ආත්මික ධනය යේසුස්වහන්ස තුළයි තිබෙන්නේ. එය සොයා ගැනීම සැඟවුණු නිධානයක් වැනිය. ස්වර්ගයේ ප්‍රඥාව සහ එළිදරව් කිරීමේ දැනුමේ නිමක් නැති ධනයයි.


Watch the Sermon Video

Read 361 times