+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

අවසානය දක්වා ඇදහිල්ල රක්ෂා කරගන්න- මනූ මැතානි
June 26, 2022 Sunday Sermon Notes


අපගේ ඇදහිල්ල අපි රක්ෂා කර ගත යුතුයි.

2 තිමෝති 4:6-7 මක්නිසාද මම දැන් යාගකරනු ලබමින් සිටිමි, මාගේ ඉකුත්වීමේ කාලයද පැමිණ තිබේ. මම යහපත් යුද්ධයෙහි යුද්ධකළෙමි, මම දිවීම කෙළවරකළෙමි, මම ඇදහිල්ල රක්ෂා කළෙමි.

ආරම්භය සිට අවසානය දක්වා ඇදහිල්ලෙන් සිටින්න.

උත්පත්ති 3:8-10

රෝම 12:3 නුඹලා එකිනෙකා සුදුසු තරමට වඩා තම තමා ගැන උතුම්කොට නොසිතා, දෙවියන්වහන්සේ එකිනෙකාට බෙදාදුන් ඇදහිල්ලේ ප්‍රමාණය ලෙස පමණදැන සිතන හැටියට, මට දෙනලද අනුග්‍රහයෙන් නුඹලා අතරෙහි එකිනෙකාට කියමි.

දේව අනුග්‍රහයෙන් ජීවත්වන්න.

අපි හැමකෙනෙකුටම ඇදහිල්ලේ ප්‍රමාණයක් දී තිබෙනවා.

දෙවියන්වහන්සේ ඝනයේ ඇදහිල්ලේ ප්‍රමාණය අපට එක හා සමානව දී තිබෙනවා.

අපි දේව වචනය ඇසීමෙන් දිනපතා වර්ධනය වෙමු.

දෙවියන්වහන්සේ කිසිදා තරාතිරම් නොබලනසේක.

අපි හැමෝටම විවිධාකාර සේවාවන් කරන්නට දී තිබෙනවා.

රෝම 12:4‭-‬5
මක්නිසාද යම්සේ අපට එකම ශරීරයෙහි බොහෝ අවයව තිබෙන නුමුත් ඒ සියලු අවයවයන්ට එකම ක්‍රියාවක් නැතුවාක්මෙන්, බොහෝ දෙනෙක්වූ අපිත් ක්‍රිස්තුස්වහන්සේ තුළ එසේම එක ශරීරයක්ව, වෙන් වෙන් වශයෙන් ඔවුනොවුන්ගේ අවයවයෝ වෙමුව.

හෙබ්‍රෙව් 13:17
නුඹලාගේ ප්‍රධානියෝ ගණන්දෙන්ට සිටින්නන් මෙන් නුඹලාගේ ආත්ම (ප්‍රාණය) ගැන රැකබලා සිටිති. ඔවුන් සුසුම්ලමින් එසේ කළොත් නුඹලාට අලාභ බැවින්, සුසුම්ලමින් නොව ප්‍රීතියෙන් එසේ කරන පිණිස ඔවුන්ට කීකරුව යටත්වෙන්න.

නායකයන් මනුෂ්‍යයන්ට හරි දේ උගන්වන්නට වග කිව යුතුයි.

ඔබ නව මැවිල්ලක් වූ දා පටන් ඔබට දේව වචනය කෙරෙහි පිපාසයක් තිබීම වැදගත්.

1 පේතෘස් 2:1‭-‬3 එබැවින් සියලු ආකාර ක්‍රෝධද සියලු ආකාර රැවටිල්ලද වංකකම්ද ඊර්ෂ්‍යාද සියලු අගුණකීම්ද පහකරදමා, ස්වාමීන්වහන්සේ යහපත් බව නුඹලා රසබලා දැනගත්තහු නම්, ආත්මිකවූ අමිශ්‍රවූ කිරිවලින්, නුඹලා ගැළවීම සඳහා වර්ධනයවන පිණිස අලුත උපන් බිලිඳුන් මෙන් එයට බොහෝ ආශාවෙන්න.

අපි සමහර දේවල් අපගේ ජීවිතයෙන් පහ කර දැමය යුතුයි.

උත්පත්ති 4:1-15 කායින් තමාගේ සහෝදරයාව මරා දැමුවේ ඔහු ගැන ඊර්ෂ්‍යා වූ නිසයි.

බොරුකීම අපි අතහැර දමමු.

හිතෝපදේශ 17:4 නපුර කරන්නා දුෂ්ට තොල්වලට ඇහුම්කන්දෙයි; බොරුකාරයා ප්‍රයෝගකාර දිවට කන් යොමුකරයි.

සභාව තුළ ආරවුල් ඇතිකරන්නේ යක්ෂයාය.

ඔබ අවංක නම් ඒ අනුව ක්‍රියාවන් පෙන්වා දෙන්න.

ගලාති 5:19
ඉදින් මාංසයේ ක්‍රියා ප්‍රකාශව තිබේ; එනම්, වේශ්‍යාකම, අපවිත්‍රකම, සල්ලාලකම;

ගලාති 5:20‭-‬21 රූප වැඳීම, මායාව, සතුරුකම්, විවාදය, ඊර්ෂ්‍යා, ක්‍රෝධ, පක්ෂවාදිකම්, භේද, ලබ්ධි භේද; වෛර, බීමත්කම, මංගල්‍ය ඝෝෂා සහ තවත් එවැනි දේවල්ය. මෙබඳු දේ කරන්නන්ට දෙවියන්වහන්සේගේ රාජ්‍යයෙහි උරුම නොලැබෙන බව මම නුඹලාට ප්‍රථම කී ලෙසම, දැනුත් කලින් නුඹලාට කියමි.

දේව වචනය ඔබගේ කැඩපතයි.

නුමුත් (ඔබ තුළ) ආත්මයාණන්වහන්සේගේ ඵල නම්–ප්‍රේමය, ප්‍රීතිය, සමාදානය, ඉවසිලිවන්තකම, කරුණාවන්තකම, යහපත්කම, විශ්වාසකම, මෘදුකම, පමණ දැන ක්‍රියාකිරීම යන මේවාය. මෙබඳු දේට විරුද්ධව ව්‍යවස්ථාවක් නැත.
ගලාති 5:22‭-‬23

ඔබගේ ආත්මයේ ඵල ගැනයි මේ ස්ථානයේ කතා කරන්නේ.

ගීතාවලිය 139:17 දෙවියන්වහන්ස, ඔබගේ සිතිවිලි මට කොපමණ අනර්ඝද! ඒවායේ ගණන කොපමණ මහත්ද!


Watch the Sermon Video

Read 407 times