+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

2024, විශාල ලෙසින් පසුතැවිලිවීමේ සහ නැවත පිහිටුවීමේ වර්ෂයයි!
(4 වැනි කොටස)

1_E.png

ලෝකයා අනුගමනය කරනවාට වඩා ස්වාමීවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේව අනුගමනය කිරීම යහපත්ය.

එය වඩා හොඳ වන්නේ ලෝකය යක්ෂයාගේ පද්ධතියක් වන අතර, එය කඩාවැටෙමින් පවතින නමුත් දෙවියන්වහන්සේගේ රාජ්‍යය කිසි විටෙකත් සෙලවිය නොහැක.

සොලවන්නට පුලුවන් දේවල් සොලවනු ලබනවා ඇත. 

අප වටා දකින සෑම දෙයක්ම සෙලවෙමින් පවතී.

සෙලවෙන්නාවූ දේවල් ගැන අපට  නිසැකභාවයක් (සහතිකකමක්) ඇති කර ගත හැකි වන්නේ කෙසේද?

ඔබ ස්වාමීන්වහන්සේ කෙරෙහි විශ්වාසය තබමින්, "මා සෙලවෙන දේවල් කෙරෙහි යැපෙන්නේ නැත" කියා පැවසිය යුතුය.

මා ඒ සෙලවෙන දේවල් විශ්වාස කරන්නට යන්නේ නැත; මම සෑම යහපත් දෙයක් උදෙසා දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාස කරමි.”

මම සුවය ලබා ගන්නට දෙවියන්වහන්සේ විශ්වාස කරමි!

මම සඵලත්වය ලබා ගන්නට දෙවියන්වහන්සේ විශ්වාස කරමි! 

මනසේ සමාදානය ලබා ගන්නට මම දෙවියන්වහන්සේ විශ්වාස කරමි! 

මම ධෛර්යමත් (නිර්භීත) ජීවිතයක් ගත කරන්නටත් දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාස කරමි!

මගේ උසස්වීම් ලබා ගන්නට මම දෙවියන්වහන්සේ විශ්වාස කරමි!

පවිත‍්‍ර ජීවිතයක් ගත කරන්නට දෙවියන්වහන්සේ මට උපකාර කරන බව මම විශ්වාස කරමි. 

උන්වහන්සේ ශුද්ධව සිටින්නාක්සේ, උන්වහන්සේට අවශ්‍ය වන්නේ මම ශුද්ධව සිටීම බැවින්, මමත් ශුද්ධව සිටින්නෙමි. 

මම උඩඟුකමෙන් නෙව, යටහත් පහත්කමෙන් ගමන් කරන පිණිස දෙවියන්වහන්සේ විශ්වාස කරමි.

මාව කුමන මට්ටමකට උසස් කළත්, මම උන්වහන්සේට යටහත්ව සිටින්නෙමි, මන්ද යේසුස්වහන්සේ යටහත් පහත්වූ කෙනෙකුය. 

“මම මෘදුව යටහත්ව සිටින බැවින් මාගේ වියගහ ඔබලා පිටට ගෙන, මාගෙන් ඉගෙනගන්න” යැයි උන්වහන්සේ පැවසුවේය.

යේසුස්වහන්සේ යටහත්පහත් නම්, 

තමුන්ගේ උඩඟුකම තුළින් ජනප‍්‍රිය වෙන්නට උත්සාහ කරන නැතහොත් මේ සියලු විජ්ජාවන් කරන උදවියට වඩා, මම උන්වහන්සේ අනුගමනය කිරීම වඩා හොඳය.

ඇදහිලිවන්තයන්ගේ සහභාගිකම

_____________________________

https://www.believersfellowship.lk 

https://youtube.com/c/BelieversFellowshipSinhala 

https://www.facebook.com/BelieversFellowshipSinhala 

https://www.instagram.com/BelieversFellowshipSinhala/

යාච්ඤාව සඳහා අමතන්න: +94 72 234 0440 / +94 717695195 

ඔබ "දෛනික බයිබල් අධ්‍යයනයන්" WhatsApp හරහා ලබා ගැනීමට කැමති නම් Believers Fellowship Sinhala channel එක Follow කරන්න: https://whatsapp.com/channel/0029Va55Ccj002TBovh64N3Z

එසේම මෙම දේව වචනය ඔබට ආශීර්වාදයක් වී ඇත්නම්, කරුණාකර අන් අය සමඟ SHARE කරන්න! "‘අද දවස’ යැයි කිව හැකි කාල සීමාව තුළ, දවසින් දවස එකිනෙකාට අවවාද කර ධෛර්යමත් කරන කාලය මෙයයි." හෙබ්‍රෙව් 3:13.

[#853)]

Read 8 times