+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

2024, විශාල ලෙසින් පසුතැවිලිවීමේ සහ නැවත පිහිටුවීමේ වර්ෂයයි!

(5 වැනි කොටස)

1_E.png

මූලධර්මය නම් දෙවියන්වහන්සේ උඩඟුවූවන්ට විරුද්ධව සිටින නමුත්, උන්වහන්සේ යටහතුන්ට අනුග‍්‍රහය සහ වඩා අනුග‍්‍රහයත් ලබා දෙන බවයි.

එබැවින් ඔබ දෙවියන්වහන්සේගෙන් ලබා ගන්න කැමති වඩා අනුග‍්‍රහයද නැතහොත් ප්‍රතික්ෂේපයද?

දෙවියන්වහන්සේ යටහතුන්ට වඩා අනුග‍්‍රහය ලබා දෙන අතර, උඩඟුවූවන්ට විරුද්ධව සිටී. (යාකොබ් 4:6)

ඒ නිසා මා උඩඟු හදවත් ඇති සෙනඟ අතර සිටීමට අවශ්‍ය නැත.

ඔබ ආශ‍්‍රය කරන අයගෙන් ඔබට දේවල් ලැබෙන්නේය.

තරහ ගති ඇත්තෙකු (කෝපයෙන් සිටින්නෙකු) සමඟ මිත්‍රනොවෙන්න යැයි එහි සඳහන් වන්නේය, එවිට ඔබ ඔහුගේ මාර්ග ඉගෙන ගන්නට යන්නේය. (හිතෝපදේශ 22:24)

එබැවින් මම වැරදි පුදගලයන් සමඟ ආශ‍්‍රය නොකරන්නෙමි.

මාගේ ආශ‍්‍රය වැදගත් වන්නේය; මා ආශ‍්‍රය කරන්නේ කා සමඟද?

මක්නිසාද එය මාගේ ජීවිතයට බලපාන්නට යන්නේය—මම සඵලවෙන්ට යන්නේද නැතහොත් මම පරාජයවෙන්ට යන්නේද?

මම දිනන්නට යන්නේද නැතහොත් පරදින්නට යන්නේද?

දෙවියන්වහන්සේ දැනටමත් සෑම යහපත් දෙයක්ම අප උදෙසා සූදානම් කර හමාරය.

සියල්ලක්ම අප වෙනුවෙන් සුදානම් කර තිබේ.

උන්වහන්සේට අවශ්‍ය වන්නේ අප වෙනුවෙන් තබා තිබෙන දේවල් අප විසින් භුක්ති විඳීමටයි.

දැන් මෙම  පදය මගේ හදවත තුළට ඇතුල් වී තිබෙන අතර, මම එය දවස්පතා ප‍්‍රකාශ කරමි. 

දවස් කිහිපයකට මට අමතක වුවද, මම නැවත වාරයක් ඒ පදයට ගොස් එය කියවීමට පටන් ගනිමි.

1 තිමෝති, 6 වන පරිච්ඡේදයේ 17 වැනි පදයේ සිට 19 වැනි පදය දක්වා:

17 මේ ලෝකයේ ධනවතුන් උඩඟු සිත් ඇත්තන් නොවී, වස්තුවේ අස්ථිරකම කෙරෙහි නොව, සියල්ල භුක්තිවිඳින පිණිස අපට බහුලලෙස දෙන්නාවූ දෙවියන්වහන්සේ කෙරෙහි බලාපොරොත්තුවී සිටින්ටත්, 

18 යහපත කරන්ටත්, උතුම් ක්‍රියාවලින් ධනවත් වෙන්ටත්, ත්‍යාගවන්තව, බෙදාදීමට ලැදිව සිටින්ටත්, 

19 සැබවින් ජීවනයවූ ඒ ජීවනය අල්ලාගන්නා පිණිස මතු කාලයට යහපත් අත්තිවාරමක් තබාගන්ටත් අණකරන්න. 

ඇදහිලිවන්තයන්ගේ සහභාගිකම

_____________________________

https://www.believersfellowship.lk 

https://youtube.com/c/BelieversFellowshipSinhala 

https://www.facebook.com/BelieversFellowshipSinhala 

https://www.instagram.com/BelieversFellowshipSinhala/

යාච්ඤාව සඳහා අමතන්න: +94 72 234 0440 / +94 717695195 

ඔබ "දෛනික බයිබල් අධ්‍යයනයන්" WhatsApp හරහා ලබා ගැනීමට කැමති නම් Believers Fellowship Sinhala channel එක Follow කරන්න: https://whatsapp.com/channel/0029Va55Ccj002TBovh64N3Z

එසේම මෙම දේව වචනය ඔබට ආශීර්වාදයක් වී ඇත්නම්, කරුණාකර අන් අය සමඟ SHARE කරන්න! "‘අද දවස’ යැයි කිව හැකි කාල සීමාව තුළ, දවසින් දවස එකිනෙකාට අවවාද කර ධෛර්යමත් කරන කාලය මෙයයි." හෙබ්‍රෙව් 3:13.

[#854)]

Read 11 times