+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

2024, විශාල ලෙසින් පසුතැවිලිවීමේ සහ නැවත පිහිටුවීමේ වර්ෂයයි!

(13 වැනි කොටස)

1_E.png

මගේ දිව මා ආරක්ෂා කර ගත යුතුයි. ඔබේ දිව ඔබ ආරක්ෂා කර ගන්නට අවශ්‍යයයි.

“මම එය දන්නේ නැත,” කියා ඔබ කියන්නට පුළුවන.

"මගේ මුඛයේ හාස්කමක් තිබෙන බව මා දන්නේ නැත." 

"මගේ දිව තුළ යහපත් දවස් තිබෙන බව මා දැන සිටියේ නැත."

“මා එය විශ්වාස කළේවත් නැත.” 

“මට අවශ්‍ය ඕනෑම දෙයක් කතා කර ආශීර්වාදය බුක්ති විඳින්න පුළුවන” කියා මම සිතුවෙමි.

එය ඔබගේ ගෙවත්තේ ඔබට යහපත් පැල ඕනෑ යැයි ඔබ විශ්වාස කරතත්, ඔබ නරක පැල වපුරමින් යහපත් පැල බලාපොරොත්තු වෙනවා වැනිය.

එබැවින් ඔබ වල් පැල පැලකරමින් සිටින්නේ නම්, ඔබට එම අස්වැන්නම ලැබෙනු ඇත.

"මම අසනීපෙන් සිටින්නේ; මම බංකලොත් වී සිටින්නේ; කවුරුත් මට ප්‍රේම කරන්නේ නැහැ; කවුරුවත් මා ගැන සලකන්නේ නැහැ."

"කවුරුවත් මට ආදරය කරන්නේ නැහැ; කවුරුවත් මා දුරකථනයෙන් අමතන්නේ නැහැ; කවුරුවත් මා බැහැ දකින්නට පැමිණෙන්නේ නැහැ. මම ඉන්නෙත් තනිවමයි ජීවත් වන්නෙත් හැමවිටම තනිවමයි."

එය සතුරා විසින් ඔබට කියා තිබෙන ලොකුම බොරුවයි, "මම කිසිසේත් ඔබෙන් අහක්ව නොයන්නෙමි, කිසි අන්දමකින්වත් ඔබ නොහරිමි” යි කියා යේසුස්වහන්සේ කියා තිබේ. ඉතින් ඔබ තනිවම ඉන්නේ කියා පවසන්නේ කෙසේද?

ඔබේ අනාගතය අල්ලාගෙන සිටින්නේ දෙවියන්වහන්සේ නොවේ. ඔබේ අනාගතය දරා සිටින්නේ ඔබේ දිවයි. 

ඔබේ දිව ඔබේ අනාගතය දරා සිටී.

යේසුස්වහන්සේ ඔබගේ ජීවිතයේ ස්වාමීන් ලෙස ඔබ පිළිගත්තේ කෙසේද? ඔබගේ හදවතින් ඔබ විශ්වාස කරමින් ඔබගේ මුඛයෙන් ප‍්‍රකාශ කළවිටයි.

ඒ වගේම, ඔබගේ ජීවිතයේ සුවය ගැන ඔබ විශ්වාස කරන්නේ කෙසේද? ඔබේ හදවතින් විශ්වාස කර ඔබගේ මුඛයෙන් ප‍්‍රකාශ කිරීමෙනි.

ඇදහිලිවන්තයන්ගේ සහභාගිකම

_____________________________

https://www.believersfellowship.lk 

https://youtube.com/c/BelieversFellowshipSinhala 

https://www.facebook.com/BelieversFellowshipSinhala 

https://www.instagram.com/BelieversFellowshipSinhala/

► යාච්ඤාව සඳහා අමතන්න: +94 72 234 0440 / +94 717695195 

ඔබ "දෛනික බයිබල් අධ්‍යයනයන්" WhatsApp හරහා ලබා ගැනීමට කැමති නම් කරුණාකර Believers Fellowship Sinhala channel එක Follow කරන්න: https://whatsapp.com/channel/0029Va55Ccj002TBovh64N3Z

එසේම මෙම දේව වචනය ඔබට ආශීර්වාදයක් වී ඇත්නම්, කරුණාකර අන් අය සමඟ SHARE කරන්න! "‘අද දවස’ යැයි කිව හැකි කාල සීමාව තුළ, දවසින් දවස එකිනෙකාට අවවාද කර ධෛර්යමත් කරන කාලය මෙයයි." හෙබ්‍රෙව් 3:13.

[#862)]

 

Read 13 times