+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

2024, විශාල ලෙසින් පසුතැවිලිවීමේ සහ නැවත පිහිටුවීමේ වර්ෂයයි!

(17 වැනි කොටස)

1_E.png

විශාල ලෙස පසුතැවිලිවීම්, විශාල ලෙස නැවත පිහිටුවීම් සහ අවංක ලෙස සුවවීම් සිදු වෙන්නට යන්නේය.

මනුෂ්‍යයන් දෙවියන්වහන්සේගේ බලය අත්දකින්නට යන අතර, ඔවුන් හාස්කමකින් තව හාස්කම් දකින්නේය. 

ඔවුන් තමුන්ගේ ජීවිතවල ශ්‍රේෂ්ඨ දේවල් සිදු වෙනවා දකින්නටයි යන්නේ.

වරක් සෙනඟක්ව සිටියේ නැති අය දෙවියන්වහන්සේගේ සෙනඟ වන්නෝය. (1 පේතෘස් 2:10)

කිසිවෙක් නොවන සෙනඟ මහෝත්තම දෙවියන්වහන්සේගේ දරුවන් වෙන්නට යන්නේය. (රෝම 9:26)

මන්ද ඔවුන් ක්‍රිස්තුස්වහන්සේ වෙතට පැමිණි පසු, ඔවුන් තමුන්ගේ ජීවිත කෙරෙහි දෙවියන්වහන්සේගේ අනුග‍්‍රහය දකින්නට යන බැවින්, "අප කිසිවිටෙකත් මෙවැනි සඵලත්වයක් අත්දැක නැත” කියා ඔවුන් පවසනු ඇත. 

ඉතින් විශාල ලෙස පසුතැවිලිවීම් සිද්ධ වීම හේතුවෙන් විශාල ලෙස නැවත පිහිටුවීම් හටගන්නේය.

ඒ හේතුව නිසාම ස්වාමීන්වහන්සේට අවශ්‍ය වන්නේ ඔබ දේව අනුග‍්‍රහය තුළ ගමන් කිරීමයි.

උන්වහන්සේට ඕනෑ කරන්නේ අපි යටහත් විමයි. ස්වාමීන්වහන්සේ ඔබව පාවිච්චි කරනවාට ඔබ ඔබ කැමති නම් උන්වහන්සේට අවශ්‍ය කරන්නේ අප යටහත් විමයි.

ඉගෙන ගැනීමට කැමති ආත්මයක් ඇතුව සිටින්න, එවිට දෙවියන්වහන්සේ ඔබ සෑම කෙනෙකුම ලෝකයාට නැවත පිහිටුවීම් ගෙන ඒම සඳහා පාවිච්චි කරන්නට යන්නේය.

පසුතැවිලිවීමක් නැතුව නැවත පිහිටුවීමක් සිද්ධ වන්නේ නැත. ඔවුන් කරමින් සිටියාවූ දේවල් වලින් හැරී, යේසුස්වහන්සේ වෙතට දිව එන්නට යන්නේය.

“මේ වගේ ප්‍රේමයක් අපි කවදාවත් අත්දැකලා නැහැ” කියා ඔවුන් කියන්නට යන්නේය.

“මෙවැනි හාස්කම් අපගේ ජීවිතවල කවදාවත් දැක නැහැ.”

“දෙවියන්වහන්සේ ප්‍රේමයයි” කියා අපට කවදාවත් කියාකියා නැත.

ඇදහිලිවන්තයන්ගේ සහභාගිකම

_____________________________

https://www.believersfellowship.lk 

https://youtube.com/c/BelieversFellowshipSinhala 

https://www.facebook.com/BelieversFellowshipSinhala 

https://www.instagram.com/BelieversFellowshipSinhala/

► යාච්ඤාව සඳහා අමතන්න: +94 72 234 0440 / +94 717695195 

ඔබ "දෛනික බයිබල් අධ්‍යයනයන්" WhatsApp හරහා ලබා ගැනීමට කැමති නම් කරුණාකර Believers Fellowship Sinhala channel එක Follow කරන්න: https://whatsapp.com/channel/0029Va55Ccj002TBovh64N3Z

එසේම මෙම දේව වචනය ඔබට ආශීර්වාදයක් වී ඇත්නම්, කරුණාකර අන් අය සමඟ SHARE කරන්න! "‘අද දවස’ යැයි කිව හැකි කාල සීමාව තුළ, දවසින් දවස එකිනෙකාට අවවාද කර ධෛර්යමත් කරන කාලය මෙයයි." හෙබ්‍රෙව් 3:13.

[#866)]

Read 455 times