+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

2024, විශාල ලෙසින් පසුතැවිලිවීමේ සහ නැවත පිහිටුවීමේ වර්ෂයයි!

(19 වැනි කොටස)

1_E.png

2 කොරින්ති, 4 වන පරිච්ඡේදයේ 13 වන පදය:

“තවද: මම විශ්වාසකළෙමි, ඒ නිසා කථාකළෙමියි ලියා තිබෙන ලෙස, ඇදහිල්ලේ එම ආත්මය ඇත්තාවූ අපිත් විශ්වාසකරමුව, එබැවින් කථාකරමුව.” 

අපට එම ඇදහිල්ලේ ආත්මය තිබේ!

පරණ ගිවිසුමේ සියලුම ශුද්ධවන්තයන්ට තිබුණාවූ ඇදහිල්ලේ ආත්මයම අපටත් තිබෙන්නේය.

ඔවුන් විශ්වාස කර ජයගත් අතර, ඔබටද තිබෙන්නේ එම ඇදහිල්ලේ ආත්මයයි.

ඇදහිල්ලේ ආත්මය නැතහොත් ඇදහිල්ලේ චරිත ලක්ෂණය යනු විශ්වාස කිරීමයි.

"එබැවින් මම විශ්වාස කරමින් කතා කළෙමි."

ඔබගේ අනාගතය කෙරෙහි ආශීර්වාදයක් කතා කරන්න.

ඔබේ අනාගතයට නැවත පිහිටුවීමේ වචන ඔබ කතා කරන්න.

මේ නව වසරට සුවයේ වචන ඔබ කතා කරන්න.

ඔබගේ හදවත් තුළට වචන වලින් ප්‍රීතිය  ගෙනෙන්නට ඉඩ දෙන්න.

ඔබගේ ජීවිත වලට වචන තුළින් හාස්කම් ගෙනෙන්නට ඉඩ දෙන්න.

“එබැවින් මම කථාකළෙමි, අපිත් විශ්වාසකරමුව, එබැවින් කථාකරමුව.”

  

දේව වචනය ඔබගේ  ජීවිතයේ ක්‍රියාවට යොදවන්න.

1 පේත‍්‍රැස්, තුන්වන පරිච්ඡේදයේ 10 වන පදය:

“මක්නිසාද: ජීවිතයට ඇලුම්වෙන්ටත් යහපත් දවස් දකින්ටත් කැමති තැනැත්තේ තමාගේ දිව නපුරෙන්ද තමාගේ තොල් වංචා කථාකිරීමෙන්ද වලක්වාගනීවා.” 

අප ගීතාවලිය පොතේ ඒ කියවූ සහ කතා කළාවූ එම ශුද්ධ ලියවිලි කොටසමයි.

ඔබ ජීවිතයට ඇලුම්වෙන්නටත් ඔබට යහපත් දවස් දකින්ටත් කැමති නම්, ඔබේ දිව නපුර කතා කිරීමෙන් වලක්වා ගන්න.

ඔබ දෙවියන්වහන්සේගේ වචනය කතා කරන්න. ඔබ පොරොන්දු රැගෙන ඒවා කතා කරන්න.

ඇදහිලිවන්තයන්ගේ සහභාගිකම

_____________________________

https://www.believersfellowship.lk 

https://youtube.com/c/BelieversFellowshipSinhala 

https://www.facebook.com/BelieversFellowshipSinhala 

https://www.instagram.com/BelieversFellowshipSinhala/

► යාච්ඤාව සඳහා අමතන්න: +94 72 234 0440 / +94 717695195 

ඔබ "දෛනික බයිබල් අධ්‍යයනයන්" WhatsApp හරහා ලබා ගැනීමට කැමති නම් කරුණාකර Believers Fellowship Sinhala channel එක Follow කරන්න: https://whatsapp.com/channel/0029Va55Ccj002TBovh64N3Z

එසේම මෙම දේව වචනය ඔබට ආශීර්වාදයක් වී ඇත්නම්, කරුණාකර අන් අය සමඟ SHARE කරන්න! "‘අද දවස’ යැයි කිව හැකි කාල සීමාව තුළ, දවසින් දවස එකිනෙකාට අවවාද කර ධෛර්යමත් කරන කාලය මෙයයි." හෙබ්‍රෙව් 3:13.

[#868)]

Read 13 times