+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

ඔබගේ හදවතෙහි ඔබ කුමක් තැන්පත් කරමින් සිටින්නෙහිද? (2 වන කොටස)

1_E.png

ඔබ දෙවියන්වහන්සේ හා සමඟ එකඟත්වයකට පැමිණිය යුතුයි. 

එවිට ඔබ, [ලැබෙන තුරු] නැති දේ ඇති දේ මෙන් සඳහන් කරනු ඇත! 

අප ප‍්‍රශ්නය නොසලකා හැරිය යුතු නැත, නමුත් ප‍්‍රශ්නය කථා කරමින් එය විශාල කර නොගන්නා ලෙස අපට පවසා ඇත. 

ඔබට, ඔබ තුළම දෙවියන්වහන්සේගේ ඇදහිල්ල ඇත. රෝම 12:3

එබැවින් කන්ද ගැන නොව, නමුත් කන්දට කථා කරන්න. 

යේසුස්වහන්සේ කතා කොට, ''කවරෙක් නුමුත් මේ කන්දට කථාකොට: 'ඉදිරී මුහුදේ වැටෙන්නැයි කියා තමාගේ සිතින් සැක නොකොට, තමා කියන දේ සිදුවේයයි අදහන්නේ නම්, ඒක ඔහුට සිදුවන්නේය.” මාර්ක් 11:22-23

අප පවසන දේ සිදුවනු ඇතැයි අප විශ්වාස කළ යුතුය. (අදහාගත යුතුය) 

අපි ප‍්‍රශ්නය නොසලකා හරින්නේ නැත; අපි ඒ ගැන යමක් කරමින් සිටින්නෙමු. 

අපි දෙවියන්වහන්සේගේ වචනයේ මූලධර්ම අනුගමනය කරමින් දෙවියන්වහන්සේගේ ප්‍රඥාව භාවිතා කරමු. 

දෙවියන්වහන්සේගේ ප්‍රඥාව මනුෂ්‍යයාගේ ප්‍රඥාවට වඩා ඉහළය. 

මනුෂ්‍යයා තමාගේ ප‍්‍රශ්නය ගැන නොකඩව කථා කිරීමට කැමති අතර ඔහුගේ වචන ඔහු තුළ එම ප‍්‍රශ්නයේ ප්‍රතිරූපය පින්තාරු කරයි. 

ඔබේ ප‍්‍රශ්නය සහ ඔබේ දුෂ්කර තත්ත්වය ගැන ඔබ දිගටම කථා කරන්නේ නම්, එය ඔබ තුළ මුළුමනින්ම වර්ධනය වනු ඇත.

ඔබේ හදවතේ බියක් තිබේ නම්, එය වචන වලින් එළියට පැමිණ වැඩි බියක් ඇති කරයි. 

ඔබේ හදවතේ විශ්වාසයක් තිබේ නම්, එය වචන වලින් එළියට පැමිණ වැඩි විශ්වාසයක් ඇති කරයි. 

ඔබට දේව වචනය ඔබේ හදවත තුළ අවශ්‍ය නම්, ඔබ එය ඔබේ හදවතේ හා ඔබේ මුඛයේ තබා ගත යුතුය. 

දේව වචනයට ඔබේ හදවත නිරාවරණය කිරීමෙන් ඔබේ ජීවිතයේ දිශාව සම්පූර්ණයෙන්ම වෙනස් වනු ඇත!



ඇදහිලිවන්තයන්ගේ සහභාගිකම

______________________________

https://www.believersfellowship.lk 

https://youtube.com/c/BelieversFellowshipSinhala 

https://www.facebook.com/BelieversFellowshipSinhala 

►යාච්ඤාව සඳහා අමතන්න: +94722340440 / +94717695195 

ඔබ "දෛනික බයිබල් අධ්‍යයනයන්" WhatsApp හරහා ලබා ගැනීමට කැමති නම් කරුණාකර ඉහත අංකයට පණිවිඩයක් එවන්න, අපි ඔබ වෙත එවීමට සතුටු වන්නෙමු. එසේම මෙම දේව වචනය ඔබට ආශීර්වාදයක් වී ඇත්නම්, කරුණාකර අන් අය සමඟ SHARE කරන්න! "‘අද දවස’ යැයි කිව හැකි කාල සීමාව තුළ, දවසින් දවස එකිනෙකාට අවවාද කර ධෛර්යමත් කරන කාලය මෙයයි." හෙබ්‍රෙව් 3:13.

[#13)]

 

Read 115 times