+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

මූල්‍යමය තත්වයන් සම්බන්ධව යහපත් භාරකරුවන් වන්න! (1 කොටස)

1_E.png

අපගේ භාරකාරත්වයට මුදල්වලට වඩා වැඩි යමක් ඇතුළත් වේ; එයට මුදල් කළමනාකරණය ඇතුළත් වේ.

අපගේ කාල වේලාව, තලෙන්ත සහ වැටුප් ඇතුළුව—අපගේ මුදල් යම් ආකාරයකින් අපගේ ජීවිතය නියෝජනය කරන බව මතක තබා ගන්න. 

අපගේ කාලය යෙදවීමෙන්, අපි මුදල් උපයා ගන්නෙමු; අපගේ තලෙන්ත භාවිතා කිරීමෙන්ද අපි මුදල් උපයා ගන්නෙමු. ඉතින් මේ ආකාරයෙන්, අපගේ මුදල් අපගේ ජීවිතය නියෝජනය කරයි.

දෙවියන්වහන්සේගේ මහිමය උදෙසා අපගේ කාලය, තලෙන්ත සහ මුදල් කළමනාකරණය කළ යුතු බව බයිබලය අපට උගන්වයි! 

අපි අපගේ මුදල් දෙවියන්වහන්සේට දෙන විට, අපගේ ජීවිතය දෙවියන්වහන්සේට අපි දෙන්නෙමු. 

අපගේ ආදායමෙන් සියයට 10% ක්—දසයෙන් කොටසක් අපි දෙවියන්වහන්සේට දෙන විට, අපගේ සියලු මුදල් දෙවියන්වහන්සේට අයිති බව අපි පිළිගන්නෙමු. 

“මාගේ ගෘහයෙහි භෝජන තිබෙන පිණිස නුඹලා ගබඩාගෙට ඔතු සියල්ල ගෙනවුත්, මා විසින් නුඹලාට අහසේ කවුළු ඇර ඉඩම් මදිවෙන තරම් නුඹලාට ආශීර්වාදයක් වගුරුවා දෙන්නේ නැද්ද කියා එයින් මා සෝදිසිකර බලන්නැ”යි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක. “නුඹලාගේ භූමියේ ඵල නාස්ති නොකරන ලෙස, ඒවා කාදමන්නාට නුඹලා උදෙසා තර්ජනකරන්නෙමි; කෙතේ නුඹලාගේ මිදිවැලත් අකාලයේ එහි ඵල නොහෙළන්නේ” යයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක. මලාකි 3:10-11 

අපගේ මුදල් සියල්ලම දෙවියන්වහන්සේට අයිති බව අප හඳුනා නොගන්නා නිසා අපට මුදල් ප්‍රශ්න ඇතිවන අවස්ථා තිබේ. 

අපේ මුදලින් අප දෙවියන්වහන්සේට මුල් ස්ථානය නොදෙනවා විය හැකිය.

අප, අපට අවශ්‍ය යැයි සිතන දේවල් වෙනුවෙන් ඕනෑවට වඩා වියදම් කරමින් සිටිනවා විය හැකිය.

අප හොඳ මුදල් කළමනාකරුවන් නොවී සිටිය නිසා එහි ප‍්‍රතිඵලයක් වශයෙන්, අපට මුදල් ප්‍රශ්න තිබේ.

සමහර අවස්ථාවලදී අපට මුදල් ප්‍රශ්න ඇතිවන්නේ අප දෙවියන්වහන්සේට දසයෙන් කොටස දුන්නේ නැති නිසයි.

එවිට උන්වහන්සේ අපගේ ජීවිතයෙන් උන්වහන්සේගේ සම්පූර්ණ ආශීර්වාදයන් වළක්වනසේක, එය අපට පාඩුවකි. 




ඇදහිලිවන්තයන්ගේ සහභාගිකම

______________________________

https://www.believersfellowship.lk 

https://youtube.com/c/BelieversFellowshipSinhala 

https://www.facebook.com/BelieversFellowshipSinhala 

►යාච්ඤාව සඳහා අමතන්න: +94722340440 / +94717695195 

ඔබ "දෛනික බයිබල් අධ්‍යයනයන්" WhatsApp හරහා ලබා ගැනීමට කැමති නම් කරුණාකර ඉහත අංකයට පණිවිඩයක් එවන්න, අපි ඔබ වෙත එවීමට සතුටු වන්නෙමු. එසේම මෙම දේව වචනය ඔබට ආශීර්වාදයක් වී ඇත්නම්, කරුණාකර අන් අය සමඟ SHARE කරන්න! "‘අද දවස’ යැයි කිව හැකි කාල සීමාව තුළ, දවසින් දවස එකිනෙකාට අවවාද කර ධෛර්යමත් කරන කාලය මෙයයි." හෙබ්‍රෙව් 3:13.

[#14)]

Read 124 times