+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

මූල්‍යමය තත්වය සම්බන්ධව යහපත් භාරකරුවන් වන්න! (2 කොටස)

1_E.png

දෙවියන්වහන්සේගේ වචනය හදාරන කල, අපගේ මුදල් ප්‍රශ්න සම්බන්ධව බයිබලයට අනුව යම් යම් හේතු ඇති බව අපට පෙනී යනු ඇත.

අප දෙවියන්වහන්සේගේ ප්‍රමිතීන්ට පටහැනිව අපේ මුදල් කළමනාකරණය කරනවා විය හැකියි. 

එය එසේ නම්, අප පසුතැවිලි විය යුතුය. 

පසුතැවිලි වීම සඳහා මනස හා සිත (හදවත) වෙනස් කිරීමට අවශ්‍ය වන බව මතක තබා ගන්න. 

අප සිතන ආකාරය වෙනස් කර ගන්නේ නැතිනම්, අතීතයේ දී මෙන් අනාගතයේ දී ද අපට බොහෝ ආර්ථික දුෂ්කරතාවන්ට මුහුණ දෙන්නට සිදුවේ.

එබැවින් දෙවියන්වහන්සේ ඔබට දී ඇති දේවල් කෙරෙහි යහපත්  භාරකරුවන් වීමට ඉගෙන ගන්න. 

එසේම, විශ්වාසවන්ත වන්න. විශ්වාසවන්තව සිටීමෙන් අපි දෙවියන්වහන්සේගෙන් බොහෝ විපාක ලබා ගන්නෙමු. ලූක් 16:1-15

අප සතුව ඇති සෑම දෙයක්ම ස්වාමීන්වහන්සේගෙන් ලැබෙන බව අප හඳුනාගත යුතුය.

ඔබ කුමක් කළ යුතු දැයි දැනගැනීමට ඔබට ප්‍රඥාව අවශ්‍ය නම්, එය දෙවියන්වහන්සේගෙන් ඉල්ලන්න, උන්වහන්සේ එය ඔබට දෙනු ලබන්නේය. යාකොබ් 1:5

විශ්වාසවන්ත පුද්ගලයෙකුට බහුලත්වයෙන් ආශීර්වාද තිබෙනු ඇත; එහෙත් වස්තු උපදවාගන්ට ඉක්මන්වෙන්නා දඬුවම් නොලැබ නොසිටියි. හිතෝපදේශ 28:20

තම ස්වාමියාගේ නිවස කළමනාකරණය කිරීමට සේවකයෙකුව සුදුස්සෙකු කරන්නේ කුමක්ද?

ඔහු නුවණැති (ප්‍රඥාවන්තවූ) විශ්වාසවන්තවූ, විශ්වාස කලහැකි සේවකයෙකු වීමයි.

මක්නිසාද ඔහු අන් අයව හොඳින් මෙහෙයවා නියම වේලාවට ඔවුන්ට ආහාර ලබා දුන් බැවින් ස්වාමියා ඔවුන්ව බලාගන්නට ඔහුට නියෝග කරන්නේය.

ස්වාමියා නිවසට පැමිණෙන විට ඔහු විශිෂ්ට ලෙස සේවය කරන බව දුටු කල, එම විශ්වාසවන්ත සේවකයාට ප්‍රීතිය හා ආශීර්වාදය ලැබෙනු ඇත!

ස්වාමියා ඔහුව ඔසවා තමා සන්තක සියල්ල කෙරෙහි භාරව කටයුතු කරන්නට ඔහුව පත් කරන බවට, මට ඔබට පොරොන්දු විය හැකිය. 

මතෙව් 24:45-47 සහ 25:14-30 දක්වා කියවන්න.



ඇදහිලිවන්තයන්ගේ සහභාගිකම

______________________________

https://www.believersfellowship.lk 

https://youtube.com/c/BelieversFellowshipSinhala 

https://www.facebook.com/BelieversFellowshipSinhala 

►යාච්ඤාව සඳහා අමතන්න: +94722340440 / +94717695195 

ඔබ "දෛනික බයිබල් අධ්‍යයනයන්" WhatsApp හරහා ලබා ගැනීමට කැමති නම් කරුණාකර ඉහත අංකයට පණිවිඩයක් එවන්න, අපි ඔබ වෙත එවීමට සතුටු වන්නෙමු. එසේම මෙම දේව වචනය ඔබට ආශීර්වාදයක් වී ඇත්නම්, කරුණාකර අන් අය සමඟ SHARE කරන්න! "‘අද දවස’ යැයි කිව හැකි කාල සීමාව තුළ, දවසින් දවස එකිනෙකාට අවවාද කර ධෛර්යමත් කරන කාලය මෙයයි." හෙබ්‍රෙව් 3:13.

[#15)]

Read 127 times