+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

නපුරු සිතුවිලි සහ නපුරු වචන අපවිත‍්‍ර කරයි! (1 වන කොටස)

1_E.png

"මනුෂ්‍යයෙකුගේ හදවත (සිත) ඔහුගේම වචන වලින් අපවිත‍්‍ර විය හැකියැ"යි යේසුස්වහන්සේ මතෙව් 15:11 පැවසූසේක. 

වෙනත් වචන වලින් කිවහොත් ඔබව අපවිත‍්‍ර කරන්නේ ඔබ ආහාරයට ගන්නා දේවල් නොවේ. ඔබ කතා කරන්නාවූ දේවල්ය. 

ඔබගේ වචන යහපත් හෝ අයහපත් ස්වරූප උපදවයි.

නපුර හටගන්නේ (ආරම්භ වන්නේ) ඔබගේ හදවත තුළ නොවේ. එය ආරම්භ වන්නේ සිතුවිලි රටාව තුළයි. 

නපුර පළමුව හදවතේ පිළිසිඳ ගන්නා තෙක් මෙනෙහි කෙරෙමින් සහ වාසය කරමින් තිබෙන සිතුවිල්ලකි. 

අවසානයේදී, කතා කිරීම තුළින් ඔබ එම සිතුවිල්ල බිහි කරයි.

යක්ෂයා විසින් ඔබගේ මනස තුළට නරක සිතිවිලි හා සැකයන් ඇතුල් කිරීම වැළැක්විය නොහැක. නමුත් ඒවා එතැනින්ම නවතා දැමීමට ඔබට පුළුවන. 

ඔබ ඒ ගැන මෙනෙහි නොකිරීමෙන් හා කතා නොකිරීමෙන් ඔබට ඒවා බිහිවන්ට ප‍්‍රථමයෙන් විනාශකර දැමීමට හැකිවේ. 

ඔබ කථා කරන්නාවූ වචන ඔබ තුළ ඇති ස්වරූපය ගොඩ නඟයි, නැතහොත් රූප බිහි කරයි.

මෙම ස්වරූප (රූප) ආරම්භ වන්නේ සිතිවිලි ක්‍රියා කිරීම මඟිනි, නැතහොත් සිතීමේ ක්‍රියාවලියෙනි. 

ඉන්පසු නැවත නැවතත් මෙනෙහි කිරීම තුළින්, ඒවා හදවතට කා වදිමින් ඇතුල් වනු ඇත. 

හදවතට වරක් ඇතුල්වූ පසු, හදවතේ පූර්ණකමෙන් මුඛය කථා කරන බැවින් එය මුඛයෙන් එළියට එනු ලැබේ. 

මේ ආකාරයෙන් සෑම දෙයක්ම හදවතින් නික්මෙනු ඇත. 

මෙම සත්‍යයන් කෙදිනකවත් ඉගෙන නොගත් නිසා බොහෝ දෙනෙකුට නිමක් නැති දුක් වේදනා වලට බඳුන්වීමට සිදුවේ. 

බයිබලය පවසන්නේ, විවාදයන්ද දෙවියන්වහන්සේ ගැන දැන ගැනීමට විරුද්ධව උසස්වන්නාවූ සියලු උසස් දේවල්ද බිඳ හෙළා දමන්නටයි. 

අපට මනසෙහි ඇති තර්ක පහතට බිඳ හෙළා විනාශ කර දැමිය හැකිය. නැතහොත් අප විසින්ම එසේ කරන්ට ඕනේ කියා වචනය අපට කියන්නේ නැත.

දැන් ඔබට මනස තුළ ඇතිවන සිතිවිලි හෝ විවාදයන් පහතට බිඳ හෙළා දැමිය හැකි වන්නේ මේ ආකාරයටය. 

ඔබගේ සිත තුළට වැරදි සිතිවිල්ලක් ඇතුල්වූ විට, දෙවියන්වහන්සේගේ වචනය කල්පනා කිරීමෙන් හා එය මුඛයෙන් ප‍්‍රකාශ කිරීම තුළින් එවැනි වැරදි සිතිවිලි වෙනස් කළ හැකිය.  

ඔබට ඇසෙන පරිදි දෙවියන්වහන්සේගේ පොරොන්දු ශබ්ද නඟා කතා කරන්න. 



ඇදහිලිවන්තයන්ගේ සහභාගිකම

______________________________

https://www.believersfellowship.lk 

https://youtube.com/c/BelieversFellowshipSinhala 

https://www.facebook.com/BelieversFellowshipSinhala 

►යාච්ඤාව සඳහා අමතන්න: +94722340440 / +94717695195 

ඔබ "දෛනික බයිබල් අධ්‍යයනයන්" WhatsApp හරහා ලබා ගැනීමට කැමති නම් කරුණාකර ඉහත අංකයට පණිවිඩයක් එවන්න, අපි ඔබ වෙත එවීමට සතුටු වන්නෙමු. එසේම මෙම දේව වචනය ඔබට ආශීර්වාදයක් වී ඇත්නම්, කරුණාකර අන් අය සමඟ SHARE කරන්න! "‘අද දවස’ යැයි කිව හැකි කාල සීමාව තුළ, දවසින් දවස එකිනෙකාට අවවාද කර ධෛර්යමත් කරන කාලය මෙයයි." හෙබ්‍රෙව් 3:13.

[#16)]

Read 146 times