+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

යාච්ඤාවෙන් මට හඬ ගසන්න, එවිට මම ඔබට පිළිතුරු දෙන්නෙමි!

1_E.png

මේ මුළු විශ්වයේම මැවුම්කාර  දෙවියන්වහන්සේ ඔබට මෙසේ කියයි: ‘යාච්ඤාවෙන් මට හඬ ගසන්න, එවිට මම ඔබට පිළිතුරු දෙන්නෙමි. ඔබ තවමත් නොදන්නා ශ්‍රේෂ්ඨ හා බලවත් දේ මම ඔබට පෙන්වන්නෙමි.’ යෙරෙමියා 33:3

ඔබේ මනසේ පැන නගින ප්‍රශ්නවලට ඔබට පිළිතුරු අවශ්‍යද? දෙවියන්වහන්සේ පවසන්නේ, “ඔබට අවශ්‍ය පිළිතුරු සියල්ලම මා සතුව ඇත.” උන්වහන්සේට අවශ්‍ය වන්නේ ඔබ යාච්ඤාවෙන් හඬ ඔසවමින් දෙවියන්වහන්සේට කීමයි. 

උපකාර ඉල්ලන්න, උන්වහන්සේට හඬගසන්න. උන්වහන්සේ ඔබගේ යාච්ඤාවන් වලට ඇහුම්කන් දෙනසේක. යෙරෙමියා 29:12

දේව වචනයේ උන්වහන්සේ පවසන්නේ, "මට හඬගසන්නටත් පෙර මම ඔබට පිළිතුරු දෙන්නෙමි; ඔබ මට යාච්ඤාකරන්නටත් පළමුවෙන් කථාකරද්දීම මම ඔබගේ හඬ අසන්නෙමි." යෙසායා 65:24

ඔබට ඕනෑම වේලාවක, ඕනෑම ස්ථානයක යාච්ඤා කළ හැකිය. ඔබට සවස් වරුවේ, උදෑසන හෝ දහවල් කාලයේදී හඬ නඟා යාච්ඤා කළ හැකියි. එවිට මම ඔබේ හඬට සවන් දෙන්නෙමි යැයි දෙවියන්වහන්සේ පවසනසේක. දෙවියන්වහන්සේ ඔබේ හඬට සවන් දී ප්‍රතිචාර දක්වනු ඇත. ගීතාවලිය 55:17

යාච්ඤා කරන විට දෙවියන්වහන්සේ ඔබේ මූලාශ්‍රය බව මතක තබා ගන්න. 

යාච්ඤාව තුළ බලය තිබෙන නිසා යාච්ඤා කිරීමට බැරි තරම් කිසි විටෙකත් කාර්යබහුල නොවන්න. මහත් ප්‍රතිඵල ලබා ගැනීමට ඔබට  ක්‍රියාකාරකම් රාශියක් කිරීමට අවශ්‍ය වන්නේ නැත.

පළමුව, ඔබට ශ්‍රේෂ්ඨ දෙවි කෙනෙකු සිටින බව දැන ගන්න. උන්වහන්සේ සමඟ හොඳ සංවාදයක් පවත්වන්න. යාච්ඤාවේ බලය තුළින් විශිෂ්ට ප්‍රතිඵල අත් දකින්න. 

යාච්ඤා නොකරන පුද්ගලයින්ට ඔවුන්ගේ ජීවිතයේ බොහෝ ප්‍රතිඵල දකින්නට නොලැබේ. සැබවින්ම කිතුනුවෙකුට යාච්ඤා කිරීම වරප්‍රසාදයකි. යේසුස්වහන්සේ අපට කරුණාවේ (අනුග්‍රහයේ) සිංහාසනය වෙතට නිර්භීතව, නිසැකකමෙන් ළඟා විය හැකි මාර්ගයක් සාදා ඇත; විවර කර ඇත. හෙබ්‍රෙව් 4:16

යාච්ඤාව අසීමිත හැකියාවන් සඳහා දොර විවර කරයි. යාච්ඤා කිරීම කිසි විටෙකත් ආගමික බැඳීමක් හෝ අපි ගන්නා අවසාන පියවරක් නොවිය යුතුය.

ක්‍රිස්තුස්වහන්සේ තුළ ඔබව ධර්මිෂ්ඨ කරනු ලැබූ බැවින් ස්වාමීන්වහන්සේගේ ඇස් ඔබ දෙසටත් උන්වහන්සේගේ කන් ඔබගේ යාච්ඤාවන් කෙරෙහිත් විවරව තිබෙන්නේය. 

ගීතාවලිය 34:15 1 පේතෘස් 3:12; හිතෝපදේශ 15:29 කියවන්න.

එමනිසා, ඔබ අපේක්ෂාවෙන්, විශ්වාස කිරීමෙන් සහ ඇදහිල්ලෙන් යාච්ඤා කිරීම ඉතා වැදගත් වේ.

යාච්ඤාව යනු, අපි සිතන ආකරයට දේවල් කළ යුතු බවට දෙවියන්වහන්සේ සමඟ තර්ක කිරීම හෝ වාද කිරීම නොවේ, නමුත්  උන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ විසින් අප වෙනුවෙන් දේවල් කරන්නට අපව පුහුණු කරන පිණිස උන්වහන්සේට ඉඩ දීමයි. 

යාච්ඤා කිරීම නැතහොත් දෙවියන්වහන්සේ සමඟ කථා කිරීම ඔබේ සාර්ථකභාවයට පදනමයි!

ඇදහිලිවන්තයන්ගේ සහභාගිකම

______________________________

https://www.believersfellowship.lk 

https://youtube.com/c/BelieversFellowshipSinhala 

https://www.facebook.com/BelieversFellowshipSinhala 

►යාච්ඤාව සඳහා අමතන්න: +94722340440 / +94717695195 

ඔබ "දෛනික බයිබල් අධ්‍යයනයන්" WhatsApp හරහා ලබා ගැනීමට කැමති නම් කරුණාකර ඉහත අංකයට පණිවිඩයක් එවන්න, අපි ඔබ වෙත එවීමට සතුටු වන්නෙමු. එසේම මෙම දේව වචනය ඔබට ආශීර්වාදයක් වී ඇත්නම්, කරුණාකර අන් අය සමඟ SHARE කරන්න! "‘අද දවස’ යැයි කිව හැකි කාල සීමාව තුළ, දවසින් දවස එකිනෙකාට අවවාද කර ධෛර්යමත් කරන කාලය මෙයයි." හෙබ්‍රෙව් 3:13.

[#18)]

Read 149 times