+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

ඔබට බියෙන් ජීවත් වෙන්නට අවශ්‍ය නැත! (1 වන කොටස)

1_E.png

බයිබලයේ 2 තිමෝති 1:7 පවසන්නේ, "මක්නිසාද දෙවියන්වහන්සේ අපට දුන්නේ බයාදුකමේ ආත්මයක් නොව, බලයෙත් ප්‍රේමයෙත් හික්මවීමෙත් ආත්මයක්ය (මනසක්ය)." 

මෙම පදයෙන් අපට පෙනෙන්නේ දෙවියන්වහන්සේ භයේ කර්තෘ නොවන බවත් උන්වහන්සේ තුළ භය නොමැති බවත්ය. 

දෙවියන්වහන්සේට නැති දෙයක් අපට දිය නොහැකිය. 

මෙම බිය පැමිණෙන්නේ ලෙඩ කරන, රෝග ගෙනදෙන යක්ෂයාගෙනි. 

බිය අතිදුෂ්ට යක්ෂයෙක් වන අතර එය ඔබේ ජීවිතය මුළුමනින් පාලනය කළහොත් එය දුක්ඛිතකම (කාලකණ්ණිභාවය), පරාජය, වහල්භාවය හා විනාශය ඇති කරයි.

භීතිය පුද්ගලයෙකුගේ ජීවිතයේ, ස්නායු බිඳවැටීම්, මානසික රෝග, නින්ද නොයෑම, පුද්ගලයෙකුගේ ජීවිතයේ පීඩනය සහ එය සියදිවි නසා ගැනීම දක්වා පෙලඹීමක්ද ඇති කරයි. 

බිය සැබවින්ම අයහපත බලාපොරොත්තු වී සිටීම ලෙස අර්ථ දැක්විය හැකිය. 

සාතන්ට අවශ්‍ය වන්නේ අසාර්ථකත්වය, අසනීප, අන්තරාය සහ කනස්සල්ල අපේක්ෂා කරන හා විශාල කරන මෙම නපුරු භීතිය අප තුළ තිබීමයි. 

ඇත්තටම “බිය යනු යක්ෂයාගේ දෙවන නමයි.”

දෙවියන්වහන්සේගේ යහපත් දේවලට බාධා කිරීම සඳහා සාතන් තමන්ට සොයා ගත හැකි සෑම සූක්ෂ්ම උපක්‍රමයක්ම භාවිතා කරයි. 

මනුෂ්‍යයන් දෙවියන්වහන්සේට මුළුමනින්ම යටත් නොවී (භාර නොවී), යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ පොහොසත්, බහුලමත් ජීවිතයක් ගත කිරීමෙන් වළක්වා ගැනීමට ඇති විශාලම ආත්මික බාධාව බියයි. 

ඒනිසා “යක්ෂයාට විරුද්ධ වන්න, එවිට ඔහු ඔබ වෙතින් පලා යයි” කියා ශුද්ධ ලියවිල්ල අපට පවසයි.

දෙවියන්වහන්සේ අපට අණ කරන්නේ, "ඔබට විරුද්ධව සිටින්නන්ට කිසි කලෙක බිය නොවන්න” යනුවෙනි. 

යේසුස්වහන්සේගේ නාමයෙන් ඔබට බිය ජය ගත හැකිය! 

ඔබව මෙම ආත්මය පාලනය කර ඇත්නම්, ඔබ එයට එරෙහිව කතා කරන්නට පටන් ගෙන, එම භීතියේ ආත්මයට දිගටම විරුද්ධ විය යුතුය. 

ඔබ බිය උපදවන ජීවිතයක් ගත කිරීම දෙවියන්වහන්සේගේ කැමැත්ත නොවේ.



ඇදහිලිවන්තයන්ගේ සහභාගිකම

______________________________

https://www.believersfellowship.lk 

https://youtube.com/c/BelieversFellowshipSinhala 

https://www.facebook.com/BelieversFellowshipSinhala 

►යාච්ඤාව සඳහා අමතන්න: +94722340440 / +94717695195 

ඔබ "දෛනික බයිබල් අධ්‍යයනයන්" WhatsApp හරහා ලබා ගැනීමට කැමති නම් කරුණාකර ඉහත අංකයට පණිවිඩයක් එවන්න, අපි ඔබ වෙත එවීමට සතුටු වන්නෙමු. එසේම මෙම දේව වචනය ඔබට ආශීර්වාදයක් වී ඇත්නම්, කරුණාකර අන් අය සමඟ SHARE කරන්න! "‘අද දවස’ යැයි කිව හැකි කාල සීමාව තුළ, දවසින් දවස එකිනෙකාට අවවාද කර ධෛර්යමත් කරන කාලය මෙයයි." හෙබ්‍රෙව් 3:13.

[#19)]

Read 153 times