+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

ඔබට බියෙන් ජීවත් වෙන්නට අවශ්‍ය නැත! (2 වන කොටස)

1_E.png

යක්ෂයා සෑම අවස්ථාවකමදීම භීතියේ කතුවරයාය. 

ඔබ භය වන සෑම විටම යක්ෂයාට ස්ථානයක් දෙන්නේය. 

බයිබලයේ අණ කරන්නේ, “යක්ෂයාට ඉඩ (තැනක්) නොදෙන්න." 

මිනිසුන්ට බිය නොවන්න. 

හිතෝපදේශ 29:25 අපට පවසන්නේ, “මනුෂ්‍යයාට භයවීම මලපතක්ය;" එහෙත් ස්වාමීන්වහන්සේ කෙරෙහි විශ්වාසකරන්නා සුරක්‍ෂිතව සිටියි.”

‘මලපත’ යන වචනයේ තේරුම උගුලක් හෝ පැටලීමකි. 

මනුෂ්‍යයාට ඇති බිය නිසා යක්ෂයා අපව උගේ උගුලට හසුකර ගැනීමට ආශා කරයි.

නමුත් ශුද්ධාත්මයාණන්වහන්සේ කරණකොටගෙන දෙවියන්වහන්සේගේ ප්‍රේමය ඔබගේ හදවත තුළ වගුරුවා ඇත. 

එබැවින් "ප්‍රේමයෙහි භය ඇත්තේ නැත. සම්පූර්ණ ප්‍රේමය භය දුරුකරයි, මක්නිසාද භය දඬුවමින් යුක්තය; භයවන තැනැත්තේ ප්‍රේමයෙහි සම්පූර්ණ නොවී සිටියි." 

ඔබ තුළ තිබෙන සම්පූර්ණ ප්‍රේමය භිය දුරුකරයි!

මෙනෙහි කිරීම සඳහාත් භීතියේ ආත්මයෙන් නිදහස් වීම සඳහාත් ඔබට ශුද්ධ ලියවිලි පද කිහිපයක් දීමට මා කැමතියි. 

ඔබ මෙම පොරොන්දු ප්‍රකාශ කිරීමට පටන් ගත් විට, ඔබේ අභ්‍යන්තර මනුෂ්‍යය තුළ බලවත් නිදහසක් සහ මුදාහැරීමක් සඳහා සූදානම් වන්න!

අපි පවසමු:

මම මනුෂ්‍යයන්ගේ මුහුණ දකිමින් බිය නොවන්නෙමි. ද්විතීය කථාව 1:17

මම දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාසය තබා සිටිමි, භය නොවන්නෙමි; මනුෂ්‍යයා මට කුමක් කරයිද? ගීතාවලිය 56:11 

ස්වාමීන්වහන්සේ මාගේ පක්ෂයෙහිය; මම භය නොවන්නෙමි. මනුෂ්‍යයා මට කුමක් කළ හැක්කේද? ගීතාවලිය 118:6 

ස්වාමීන්වහන්සේ මාගේ ආලෝකයත් ගැළවීමත්ය; මම කාට භයවන්නෙම්ද? ස්වාමීන්වහන්සේ මාගේ ජීවිතයේ ශක්තියය; මම කාට භීතවන්නෙම්ද? ගීතාවලිය 27:1 

මෙසේ: “මම නුඹෙන් අහක්ව යන්නේවත් නුඹව අත්හරින්නේවත් නැත“යි ස්වාමින්වහන්සේ  පවසන නිසා, “ස්වාමීන්වහන්සේ මාගේ උපකාරකාරයාණෝය; මම භය නොවන්නෙමි; මනුෂ්‍යයා මට කුමක් කරන්නේ ද?” යි මම මහත් ධෛර්යයෙන් යුක්තව පවසන්නෙමි. හෙබ්‍රෙව් 13:6 

2 තිමෝති 1:7; 1 යොහන් 4:18; යාකොබ් 4:7; පිලිප්පි 1:27; එපීස 4:27; රෝම 5:5; 1 යොහන් 4:18 යන පදයන්ද කියවන්න.

.

ඇදහිලිවන්තයන්ගේ සහභාගිකම

______________________________

https://www.believersfellowship.lk 

https://youtube.com/c/BelieversFellowshipSinhala 

https://www.facebook.com/BelieversFellowshipSinhala 

►යාච්ඤාව සඳහා අමතන්න: +94722340440 / +94717695195 

ඔබ "දෛනික බයිබල් අධ්‍යයනයන්" WhatsApp හරහා ලබා ගැනීමට කැමති නම් කරුණාකර ඉහත අංකයට පණිවිඩයක් එවන්න, අපි ඔබ වෙත එවීමට සතුටු වන්නෙමු. එසේම මෙම දේව වචනය ඔබට ආශීර්වාදයක් වී ඇත්නම්, කරුණාකර අන් අය සමඟ SHARE කරන්න! "‘අද දවස’ යැයි කිව හැකි කාල සීමාව තුළ, දවසින් දවස එකිනෙකාට අවවාද කර ධෛර්යමත් කරන කාලය මෙයයි." හෙබ්‍රෙව් 3:13.

[#20)]

Read 142 times