+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

ඔබ සිතෙහි මවා ගන්නවාටත් වැඩියෙන් දෙවියන්වහන්සේ ඔබගේ සාර්ථකත්වයට සහ ශරීර සනීපයට උනන්දුවක් දක්වනසේක! (1 වන කොටස)

1_E.png

සඵලවත් වූ සාර්ථක ජීවිතයක් ගත කිරීම සැබවින්ම දෙවියන්වහන්සේගේ අනුග්‍රහයයි. 

දෙවියන්වහන්සේගේ අනුග්‍රහය ආබ්‍රහම්, ඊසාක්, යාකොබ්, යෝසෙප්, දාවිත් සහ තවත් බොහෝ දෙනෙකුට තමුන්ගේ ජීවිතයේ සෑම අංශයකින්ම සාර්ථකත්වයෙන් හා බහුලත්වයෙන් ආශීර්වාද කළ ආකාරය ශුද්ධ ලියවිල්ලෙහි අපට දැකගත හැකිය.

එලෙසම, දෙවියන්වහන්සේට අවශ්‍ය වන්නේ අපගේ ස්වාමීන් වන යේසුස්වහන්සේගේ අතිමහත් අනුග්‍රහය ඔබ අත්දැකීමයි. එනම්: උන්වහන්සේගේ දිළිඳුකම කරණකොටගෙන ඔබ ධනවත් වන පිණිසය. 

එම පදයේම මෙසේ සඳහන් වේ, උන්වහන්සේ ධනවන්තව සිටිය නුමුත්, ඔබ උදෙසා උන්වහන්සේ සිය ධනය අත්හැර දිළිඳුවූ බවයි. 

ස්වාමීන්වහන්සේගේ ආශාව නම් උන්වහන්සේ ඔබ වෙනුවෙන් ගබඩා කර ඇති සියලු දේ භුක්ති විඳින පිණිස ඔබට උපකාර කිරීමයි.

ගීතාවලිය 84:11 පවසන්නේ, “උන්වහන්සේගේ මාවත්වල අවංකභාවයෙන් ගමන් කරන අයට කිසිදා ඔවුන්ට අවශ්‍ය එක දෙයකින්වත් අඩුවක් වන්නේ නැති බවයි! 

ඔව්, ඔබ සියලු දේවලදී (සෑම මොහොතකම හා සෑම ආකාරයකින්ම) නිතරම පූර්ණකම ලබා සියලු යහපත් ක්‍රියා සඳහා පූර්ණව සිටින පිණිස ඔබට සියලු අනුග්‍රහය (බහුල ලෙස පිරී ඉතිරී යන තරම්) වැඩිකරදෙන්ට දෙවියන්වහන්සේට පුළුවන.

අප වස්තුව සොයන්නේ නැති නමුත් වස්තුව ලබා ගැනීමේ බලය හා හැකියාව ලබා දෙන දෙවියන්වහන්සේව සෙවිය යුතු බව මතක තබා ගැනීම ඉතා වැදගත්ය.

"මගේ මේ සඵලත්වය, මා වෙනුවෙන්ම උපදවා ඇත්තේ මගේම බලපුළුවන්කමෙනුත් ශක්තියෙන් හා හැකියාවෙන්" යැයි ඔබේ සිතින් නොකියන හැටියටද බලාගන්න."

බයිබලය පවසන්නේ, දෙවියන්වහන්සේ තම මෙහෙකරුවාගේ යහපත ගැන ප්‍රිය කරමින් ඉමහත් සතුටක් ලබනසේක. ගීතාවලිය 35:27. 

අද, ඔබත් මමත් උන්වහන්සේගේ  දරුවන් වන අතර උන්වහන්සේ  අපගේ ස්වර්ගීය පියාය. 

උන්වහන්සේගේ කැමැත්ත නම්: අපගේ ආත්මය සඵලවත් වනවා සේම අපි සඵලවත් වී නිරතුරුවම සුවසේ (හොඳ සුවය) භුක්ති විඳීමයි.

ඇදහිලිවන්තයන්ගේ සහභාගිකම

______________________________

https://www.believersfellowship.lk 

https://youtube.com/c/BelieversFellowshipSinhala 

https://www.facebook.com/BelieversFellowshipSinhala 

►යාච්ඤාව සඳහා අමතන්න: +94722340440 / +94717695195 

ඔබ "දෛනික බයිබල් අධ්‍යයනයන්" WhatsApp හරහා ලබා ගැනීමට කැමති නම් කරුණාකර ඉහත අංකයට පණිවිඩයක් එවන්න, අපි ඔබ වෙත එවීමට සතුටු වන්නෙමු. එසේම මෙම දේව වචනය ඔබට ආශීර්වාදයක් වී ඇත්නම්, කරුණාකර අන් අය සමඟ SHARE කරන්න! "‘අද දවස’ යැයි කිව හැකි කාල සීමාව තුළ, දවසින් දවස එකිනෙකාට අවවාද කර ධෛර්යමත් කරන කාලය මෙයයි." හෙබ්‍රෙව් 3:13.

[#21)]

Read 134 times