+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

ඔබ සිතෙහි මවා ගන්නවාටත් වැඩියෙන් දෙවියන්වහන්සේ ඔබගේ සාර්ථකත්වයට සහ යහ පැවැත්ම ගැන උනන්දුවනසේක! (2 වන කොටස)

1_E.png

ජීවිතය හා දේවභක්තිය සඳහා අපට අවශ්‍ය සෑම දෙයක්ම උන්වහන්සේගේ දිව්‍යමය බලයෙන් දැනටමත් අප තුළ තැන්පත් කර ඇත. 

මක්නිසාද මේ සියල්ල අපට ලැබුණේ උන්වහන්සේව දැන හඳුනා ගැනීමේ පොහොසත් අත්දැකීම් තුළින් හා අපගේ නාමයෙන් අපව කැඳවා, උන්වහන්සේගේ යහපත්කමේ මහිමාන්විත ප්‍රකාශයක් තුළින් උන්වහන්සේ වෙතට පැමිණෙන ලෙස අපට ආරාධනා කරමින්ය. 

මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, උන්වහන්සේ සියලු මිලවලට එහා ගිය ඉතා උතුම්වූ පොරොන්දු අපට දී තිබේ; මෙසේ විශාල පොරොන්දු වල බලය තුළින් දේව (දිව්‍යමය) ස්වභාවයේ පංගුකාරත්වය අත්දැකිය හැක. එය කරණකොටගෙන, ලෝකයේ තිබෙන තෘෂ්ණාවේ දූෂ්‍යකමෙන් අපට ගැළවිය හැකි වනු ඇත.

මන්ද, දෙවියන්වහන්සේ උන්වහන්සේගේ ප්‍රේමය ඔප්පු කර ඇත්තේ තමන්වහන්සේගේම ශ්‍රේෂ්ඨතම වස්තුව වන උන්වහන්සේගේ පුත්‍රවූ යේසුස්වහන්සේ ඉතුරුකර නොගෙන අප සියල්ලන් උදෙසා පූජාවක් ලෙස පාවාදුන්නාවූ තැනන්වහන්සේ පුත්‍රයා ඇතුළුව (ලබා දිය යුතු අනිකුත්) සියල්ල අපට නොදී, අපෙන් නොවළක්වනසේක. 

මතක තබා ගන්න, දෙවියන්වහන්සේට අවශ්‍ය වන්නේ ඔබ උන්වහන්සේ කෙරෙහි විශ්වාසය තැබීම, උන්වහන්සේ මත යැපෙමින් සිටීම සහ උන්වහන්සේ මත සම්පූර්ණයෙන්ම රඳා සිටීමයි. 

උන්වහන්සේ බලා සිටින්නේ ඔබ කෙරෙහි සියලු යහපත් දේ අධික ලෙස ඔබගේ සෑම අවශ්‍යතාවක්ම ඉටු කිරීමටයි!

බයිබල් පද: 2 කොරින්ති 8:9, 9:8; ද්විතීය කථාව 8:17-18; 3 යොහන් 1:2;

2 පේතෘස් 1: 3-4; රෝම 8:32; 

1 තිමෝති 6:17



ඇදහිලිවන්තයන්ගේ සහභාගිකම

______________________________

https://www.believersfellowship.lk 

https://youtube.com/c/BelieversFellowshipSinhala 

https://www.facebook.com/BelieversFellowshipSinhala 

►යාච්ඤාව සඳහා අමතන්න: +94722340440 / +94717695195 

ඔබ "දෛනික බයිබල් අධ්‍යයනයන්" WhatsApp හරහා ලබා ගැනීමට කැමති නම් කරුණාකර ඉහත අංකයට පණිවිඩයක් එවන්න, අපි ඔබ වෙත එවීමට සතුටු වන්නෙමු. එසේම මෙම දේව වචනය ඔබට ආශීර්වාදයක් වී ඇත්නම්, කරුණාකර අන් අය සමඟ SHARE කරන්න! "‘අද දවස’ යැයි කිව හැකි කාල සීමාව තුළ, දවසින් දවස එකිනෙකාට අවවාද කර ධෛර්යමත් කරන කාලය මෙයයි." හෙබ්‍රෙව් 3:13.

[#22)]

Read 158 times